Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»ලෝක කුසලාන ජයෙන් පසු දීර්ඝතම අපලයට මුහුණදුන් ජර්මනිය
    Sport

    ලෝක කුසලාන ජයෙන් පසු දීර්ඝතම අපලයට මුහුණදුන් ජර්මනිය

    By LFNDecember 2, 2022Updated:December 2, 2022No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ බ්‍රසීලයට පමණක් දෙවැනි සාර්ථකත්වයක් අතකර ගත් කණ්ඩායම බවට පත්වෙමිනි.

    නමුත් ඉන් පසු ජර්මනියේ ලෝක කුසලාන ගමනට කණකොකා හැඩීමට පටන් ගත්තේ 2018 වර්ෂයේ රුසියාවේ පැවති තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත්විම් අවාසනාවට මුහුණදෙමිනි.‍

    එයට අඛණ්ඩය දෙවැනි වරටද මුහුණදීමට ඔවුන්ට සිදුවූයේ මෙවර තරගාවලියේ තමන් මුහුණදුන් අවසන් තරගයද ජය ගනිමින් වීම විශේෂත්වයකි.

    ඒ් කොස්ටා රිකා කණ්ඩායමට එරෙහිවය. තරගාවලියේ අල්- කෝර් හිදී පැවති තරගයෙන් කොස්ටාරිකා කණ්ඩායම පරදා ගෝල 4-2 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තද ඔවුන්ට තරගාවලියේ දෙවනි වටයට යාමට එය ප්‍රමාණවත් නොවීය. ඒ් එම කාණ්ඩයේ අවසන් ප්‍රසාද ලකූණු සටහනේ තෙවැන්නා බවට පත්වීම හේතුවෙනි.‍

    මෙවර තරගාවලිය අවාසනාවකින්ම ඇරඹීමට ජර්මනියට සිදුවූයේ ජපානය හමුවේ ලැබූ ගෝල 2-1 ක අනපේක්ෂිත පරාජයත් සමගිනි.

    මේ සමගින් ප්‍රභල ස්පඤ්ඤය හමුවේ ජර්මනිය පහසුවෙන් පරාජයට පත්වෙතැයි විචාරකයින් අනුමාන කළ අතර එසේ වූවානම් ජර්මනියට කලින්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

    නමුත් එම තරගය ගෝල 1-1 ක් ලෙස ජය පැරදුමින් තොරව නිමා කරගත් ජර්මනිය පළමු වටයේ අවසන් තරග දක්වාම සිය බලාපොරොත්තු ඉදිරියට ගෙන ගියහ.

    නමුත් ස්පාඤ්ඤය පරදා ජපානය ලැබූ අනපේක්ෂිත ජයග්‍රහණයත් සමගින් ජර්මනියට සිය බලාපොරොත්තු හකුලා ගැනීමට සිදුවිය.

    කොස්ටාරිකා කණ්ඩායම පරදා ස්පාඤ්ඤය ලැබූ ගෝල 7-0 ක දැවැන්ත ජයග්‍රහණයද දෙවැනි වටයට යාමට ජර්මනියට විශාල බාධාවක් විය.

    තරගාවලියේ අවසන් ප්‍රසාද ලකුනු සටහනට අනුව එක් තරගයක් ජයගෙන එකක් ජයපැරදුමින් තොරව නිමා කරගනිමින් එකක් පමණක් පරාජයකින් කෙලවර කර ගැනීමට ජර්මනිය සමත්වූයේ ප්‍රසාද ලකුනු 4 ක් හිමිකර ගනිමිනි.

    ඒය ස්පාඤ්ඤයේ ප්‍රසාද ලකුනු ප්‍රමාණයට සමානවුවද තරගාවලියේ වාර්තාකළ ගෝල ප්‍රමාණය අනුව ජර්මනිය අබිබවා දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සමත්විය. කාණ්ඩයේ එක් තරගයක් පමණක් ජයගෙන ඉතිරි තරග දෙක පරාජයවූ කොස්ටාරිකා කණ්ඩාමට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023

    නවසීලන්තයට ඉනිමක ජයක්

    March 20, 2023

    ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්

    March 19, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023058 Views

    රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය…

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.