Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ණය පහසුකම එළඹෙන මාර්තු 17 වැනිදා කල් ඉකුත් වන අතර ශ්‍රී ලංකාව ඉන් භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි.ඉන් වැඩි ප්‍රමාණය ආහාර සහ ඖෂධ වෙනුවෙන් භාවිත කර තිබේ.ණය පහසුකම දීර්ඝ කර ගැනීමේ සාකච්ඡා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළ යමින් සහ ආර්ථිකය දියණු වෙමින් පවතින මොහොතක ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයට ණය පහසුකම මාස 6 ත් 12 ත් අතර කාලයකින් දීර්ඝ…
අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන අසංක නොහොත් පරිප්පුවා ඉලක්ක කර වැල්ලම්පිටිය කොටුවීල දී සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ සමීපතමයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්‍රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. පරිප්පුවා නැමැත්තා කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා රට ස්ථාවර වූ පසු මැතිවරණය පවත්වන බවට සහතික විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයේදි පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා උද්ඝෝෂකයින්ට අද (07) නියෝග කලේය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට එම නියෝගය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා ඇත. මෙම එකගතාවයපිළිබඳව ජාත්‍යන්තර අරමුදලට සහ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. ශ්‍රී ලංකාවේ ඇති කර ගන්නා ලද ද්වීපාර්ශික ගිවිසුම් වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලබාගෙන ඇති අතර ජපානය සහ ඉන්දියාව යන රටවලින් ද ණය ලබාගෙන තිබුණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන වැඩපිළිවෙළනුමත කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාකඩිනමින් ජනතාව දැනුවත් කරනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය කියයි කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ පදිංචි ගමගේ සනත් රුවන් නැමැති වැල්ලේ සුරංග ගේ සහෝදරයා බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අලුත් කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් වම් පසින් ත්‍රී රෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී 56 ගිනි අවිය එල්ල කිරීමත් සමඟම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය …
උද්ධමනය වැඩි වෙන වේගය සියයට 50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ආහාර උද්ධමනය ද සියයට 54% ක් දක්වා අඩු වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය. ” පොහොර ලබාදීමත් සමග යල සහ මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත්, 2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඊළඟ සැසිවාරයේ දී අදාළ විවාදය ලබා ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි. පැල්වත්ත ස්කාගාරයේ ලීටර් ලක්ෂ නවයක්ද,සෙවනගල ස්කාගාරයේ ලීටර් ලක්ෂ අටක්ද මෙලෙස ගොඩගැසී ඇත. එතනෝල් මිලදීගැනීම සඳහා ගැනුම්කරුවන් ඉදිරිපත්නොවීම ඊට හේතුවයි. මෙම එතනෝල් වල වටිනාකම රුපියල් කෝටි 204 පමණ වේ.ලංකා සීනි සමාගම මඟින් එතනෝල් ලීටරයක් රුපියල් 1,200 බැගින් අලෙවිකරයි. අරක්කු මිල ඉහළයාම,ප්‍රවාහන වියදම් වැඩිවීම,බදු වැඩිවීම,බඩඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනයකිරීම නිසා ලංකා සීනි සමාගමේ එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්නොවන බව දැනගන්නට ඇත. මේ පිළිබඳව ලංකා සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන්…