Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබේ. ගිනිකන්දේ එක් පැත්තකින් ලාවා ගලා බසින නමුත් හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානයේ පුපුරා යාම ප්‍රජාවන්ට තර්ජනයක් නොවන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය. “සියලු ඇඟවීම් වනුයේ පුපුරා යාම ඊසානදිග රිෆ්ට් කලාපයේ පවතිනු ඇති බවයි” යනුවෙන් ඒජන්සිය උපදෙස් දී ඇති අතර, ලාවා ගලා යාමට ඉඩ සලසන ගිනි කන්දක් බෙදී යන ප්‍රදේශයක් ගැන සඳහන් කරයි. “ගිනිකඳු වායුව සහ සිහින් අළු සහ ලාවා වීදුරු කෙඳි සුළඟට ගෙන යා හැක.” එහි වැඩිදුරටත් සඳහන් වේ. “මවුනා ලෝවා හි ගිනිකඳු ක්‍රියාකාරකම් හේතුවෙන් හයිලෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ…
මොස්කව් සහ වොෂින්ටනය අතර අඟහරුවාදා කයිරෝහිදී ආරම්භ වීමට නියමිතව තිබූ අවි පාලනය පිළිබඳ සාකච්ඡා පසුපසට තල්ලු කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි. “කයිරෝවේ රුසියානු-ඇමරිකානු නව START ගිවිසුම පිළිබඳ ද්විපාර්ශ්වික උපදේශන කොමිෂන් සභාවේ කලින් සැලසුම් කළ සැසියක් (නොවැම්බර් 29 – දෙසැම්බර් 6) දිනවලදී සිදු නොවන බව නිශ්චිතව දක්වා ඇත.” යනුවෙන් එහි දැක්වේ. කෙසේ වෙතත්, එය පසු දිනකට කල් දැමෙන බව නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර, සීඑන්එන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් වොෂින්ටනය හැකි ඉක්මනින් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව පවසා තිබේ. “නව START ගිවිසුම යටතේ න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ප්‍රමුඛතාවයක්” බව එක්සත් ජනපද නිලධාරීන් අවධාරණය කර ඇත.
ඉවත්ව යන ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි, බටහිර එන්නත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීනය විවේචනය කර ඇති අතරම, එහි පුරවැසියන්, දිගින් දිගටම අගුලු දමා තැබීම හරහා කොවිඩ් සඳහා බීජිං සතුව උපාය මාර්ගයක් නොමැති බව පවසයි. “පෙනෙන අරමුණකින් තොරව වසා දැමීම් වැනි ආකාරයේ ඔවුන්ගේ ප්‍රවේශය ඉතා දරුණු සහ තරමක් කුරිරුයි” ෆවුසි ඉරිදා එන්බීසී ප්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ලබන මස අග වනවිට විශ්‍රාම ගැනීමට අදහස් කරන 81 හැවිරිදි ෆවුසි, මුඛ ආවරණවල කාර්යක්ෂමතාව සහ රංචු ප්‍රතිශක්තිකරණ ඉලක්ක වැනි කරුණු සම්බන්ධයෙන් ඔහුගේ පෙරළිය මගින් සලකුණු කරන ලද එක්සත් ජනපද කොවිඩ්-19 ප්‍රතිචාරයට නොගැලපෙන ප්‍රතිචාරයක් චීනය සම්බන්ධයෙන් මෙසේ ලබාදී තිබේ. එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී නගර සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මන්ත්‍රීවරුන් විමසූ අවස්ථාවේ දී ය. සංවර්ධනය වැඩසටහන් සඳහා වියදම් කිරීමට කැමති රටේ පෞද්ගලික ආයෝජකයන් සිටින බැවින් මහා භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් සංවර්ධන කටයුතු…
තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ තමන් තවදුරටත් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර විසින් මැතිවරණ කොමිසම වෙ ලිපියක් මගින් දැනුම්දී තිබේ. අදාල ලිපිය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්‍ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම පිළිබඳව දැනුවත් වී නොමැති බවයි. එබැවින් එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී සහ නීතිවිරෝධී කටයුත්තක් බවත් මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිලිබඳ…
ලීසිං වාරික ගෙවීම පමා වීම හේතුවෙන් පෞද්ගලික බැංකුවක් විසින් අත්පත් කර ගැනීමට නියෝග නිකුත් කර තිබූ ප්‍රියස් වර්ගයේ කාර් රථයක් සහ එහි තිබූ රුපියල් ලක්ෂ 7 ක මුදලක්, පොලීසියෙන් යැයි පවසා පැහැර ගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (27දා) විමර්ශනයක් ආරම්භ කළ බව මරදන්කඩවල පොලිසිය පවසයි. වී වෙළඳාම සිදු කරන 39 හැවරදි ව්‍යාපාරිකයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලීසිය කියයි. පැමිණිලිකරු පෙරේදා (27දා) තවත් පුද්ගලයෙකු සමඟ ඒ 9 මාර්ගයේ එම රථයෙන් ගමන් කරමින් සිටියදී, වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉට්කටිට්ටිය හංදිය අසලදී මාර්ගය හරස් කර, නතර කර පොලිසියෙන් යැයි පවසමින් බිමට බස්සවා රථය පැහැර…
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගේ ආරාධයනය මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (29දා) සිට දෙසැම්බර් 04 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රාජ්‍ය ලේකම් බ්ලින්කන් මහතා, කොන්ග්‍රස් සාමාජිකයින් සහ එක්සත් ජනපද රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් හමුවීමට නියමිතය.
රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. සභාපතිවරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව පැවසීය. පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවත් පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ලොරිරථ රියදුරෙකුගෙන් රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් මත සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කන්දකැටිය පොලිස් ස්ථානය සේවයකළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඉකුත් (27) වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් සැරයන් 40409 අබේවික්‍රම,පොලිස් කොස්තාපල්වරුන් වන 74 405 විජේසූරිය,74460 දිසානායක,86954 එදිරිසිංහ යන නිලධාරීන්ගේය. 2022/11/20 වෙනි දින කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හැවන්දාව ප්‍රදේශයේ රථවාහන රාජකාරි වල නිරතව සිටි මෙම පොලිස් නිලධාරීන් CPLI 4836 දරණ ලොරිරථය පරීක්ෂාකොට එහි පැවති අඩුපාඩු වලට නීතිමය පියවර නොගෙන සිටීමට රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගත් බවට කන්දකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බදුල්ල සහකාර…
අබලන් තත්වයට පත්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15දා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා එසේ සඳහන් කළේය. මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න වෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත එය නිම කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.