Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්‍රමවේදය වන අතර එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ලබයි. නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, දේශීය ටින් මාලු, වියළි මිරිස් හා හාල් මැස්සන් (තායි) යන භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට සිට ක්‍රියත්මක වෙයි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 185කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් ඩු කර ඇති අතර නව මිල රුපියල් 378ති. දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින් අඩුකර අරති අතර නව මිල රුපියල් 480කි. වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩු කර ඇති අතර නව මිල…
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ. ෆිෆා මගින් මෙම නවතම ශ්‍රේණිගත කිරීම් තවමත් නිළ වශයෙන් එලිදක්වා නොමැති වුවත්, විදෙස් මාධ්‍ය එම යාවත්කාලීන කරන ලද ශ්‍රේණිගත කිරිම් මේ වන විට විදෙස් ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකම දක්වා ඇත. ඒ අනුව ලෝක කුසලානයට පෙර සිටම එහි පෙරමුන ගෙන සිටි බ්‍රසීලය තවදුරටත් පෙරමුනේ රැදී සිටින අතර ලෝක ශූර ආර්ජන්ටිනාව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් දෙවැනි ස්ථානයට පත්වී ඇත. ඒ මීට පෙර එම ස්ථානයේ රැඳී සිටි බෙල්ජියම සිව්වැනි ස්ථානය දක්වා ඇදදමමිනි. මෙහි පෙරමුනේ පසුවන බ්‍රසීලය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ…
ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් දැඩි අවධානය යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙවැනි ජාවාරම් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා විය. මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස හා මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම්වන ලෙසත්, රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු…
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10දා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයා ඊයේ රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරී වල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු හදුනාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි. ඉන්පසුව මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබුණි. කටුනායක ගුවන්…
නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්ට සිදුවිය. තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් මෙය පල්ලෙකැලේදී පැවැත්විණි. මෙය ගෝල් කණ්ඩායම තරගාවලියේ ලැබූ පළමු පරාජය විය. තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ගෝල් ක්‍රීඩකයින් කඩුළු 6 ක් දැවී ලකුනු 174 ක් රැස් කලේය. ළහිරු උදාර දක්ෂ පිතිහරඹයක නිරතවෙමින් පන්දු 30 දී ලකුනු 45 ක් රැස් කලේය. ඊට අමතරව නායක කුසල් මෙන්ඩිස් ලකුනු 39 ක් හා තනුක දාබරේ ලකුනු 36 ක් බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 2 ක් දවාලීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමට සිය පන්දුවාර…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40 ක් දඩමුදලක් පැනවීමට ක්‍රියාකොටට ඇත. ඒ් කලම්බු ස්ටාර්ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි. මේ හේතුවෙන් දසුන්ට පනවා ඇති දඩමුදල ඇ.ඩො. තුන්දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 11කටත් වඩා අධික වේ. කෙසේ වෙතත් දසුන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම දඩමුදලට අමතරව දසුන්ට අසාදු ලකුණු 2ක්ද ලබාදීමට ක්‍රියාකොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.
ලෝක බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි. ඒ් වෙනුවෙන් පැවති තරගයෙන් බ්‍රිතාන්‍යයේ ඩෙරික් චිසෝරා තාක්ෂණික නොකවුට් පරාජයකට ලක්කිරිමට ෆියුරි සමත්විය. පෙරේදා (03දා) බ්‍රිතාන්‍යයේ ටොටෙන්හැම් හිදී පැවති තරගයේදී චිසෝරා, ෆියුරිගේ දැඩි ප්‍රහාරයට ලක්වූ අතර ඒ හේතුව නිසාම තරගය දසවැනි වටයේදි නවත්වා ෆියුරිට ජයග්‍රහණය පිරිනැමීමට විනිසුරුවන් ක්‍රියා කලේය. මේ වසරේ පෙබරවාරි මසදී ඇමරිකාවේ ඩියොන්ටේ විල්ඩර් පරදා ෆියුරි මෙම ශූරතාව හිමිකර ගත්තේය. ඔහු මේ වන විට ලෝක බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව මෙන්ම ‘ද රින්ග්’ හෙවිවේට් බොක්සිං ශූරතාවද හොබවනු ලබයි.
එලඹෙන වසරේදී සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ රට පුරා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර ඇති අතර එම අස්වැන්න එළඹෙන වසරට ප්‍රමාණවත් වන බවයි. මීට අමතරව මෙරට පොහොර ගබඩා සියල්ල මේ වනවිට පිරී ඇති බවත් ඒ අනුව වරායට පැමිණෙන වැඩිම නැව් ප්‍රමාණය පොහොර නැව් වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර ගතවූ නොවැම්බර් මස අවසන් වනවිට සියලු දිස්ත්‍රික්කවල කුඹුරු හෙක්ටෙයාර් 636,344කමහ කන්නය සදහා වී වගා කටයුතු ආරම්භ කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි වපුරන ලද හෝ පැළ සිටුවන ලද මෙන්ම වී වගාව සඳහා මූලික බිම් සැකසීම පමණක් සිදු…
වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය. ඒ් අවසන් 16 දෙනාගේ වටයේ තරගයෙන් එංගලන්තය හමුවේ ගෝල 3-0 ක් ලෙසින් පරාජයට පත්වීමත් සමගිනි. මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේදීම එංගලන්තය වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට මැදපෙළ ක්‍රීඩක ජෝඩාන් හෙන්ඩර්සන් (38 වැනි මිනිත්තුවේදී) හා නායක හැරි කේන් (45 වැනි මිනිත්තුවේදී) සමත්වූහ. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ ගෝල 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටිමිනි. දෙවැනි අර්ධයේ 57 වැනි මිනිත්තුවේදී ඉදිරිපෙළ ක්‍රීඩක බුකායෝ සාකා තෙවැනි ගෝලයද එංගලන්තය වාර්තා කර දුන්නේය. කෙසේ වෙතත් මෙවර තරගවාරයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සෙනගාලය 2002…