Author: 24x7

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට හිමිව තිබේ. මෙම ටෙන්ඩරය සඳහා සමාගම් 9ක් ඉදිරිපත්ව සිට ඇති අතර ඒ අතරින් අඩුම මිල ඉදිරිපත් කළ ඉන්දුනීසියානු සමාගමට එම ටෙන්ඩරය හිමිව තිබේ. දින 180ක ණය සහන කාලයක් යටතේ මෙම ගල් අඟුරු සැපයිම සිදුවෙයි. දේශීය සමාගමක් සමග එක්ව මෙම සමාගම ලක්විජය බලාගාරය වෙනුවෙන් ගල් අඟුරු සැපැයීම සිදුකිරීමට නියමිතය. නීතිපතිගේ උපදෙස් අනුව ඉන්දුනීසියානු සමාගමට මෙම ගල් අගුරු ටෙන්ඩරය ලබා දී තිබේ.

Read More

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත. නියමු ව්‍යාපෘතියක් වශයෙන් (27) දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විමට නියමිතය. කොළඹ පිහිටි…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ. කණ්ඩායමේ වත්මන් පූහුණුකරු සක්ලේන් මුෂ්ඨාක්ගේ ධුර කාළය ඒළඹෙන වර්ෂයේ මුලදී අවසන් වීම නිසා මිකී ආතර් මෙලෙස කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි. දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මීට පෙර 2016 වර්ෂයේදී සිට 2019 දක්වා පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඔහුව නැවත කණ්ඩායමට රැගෙන ඒමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති නජාම් සේතිද උත්සාහ කරන බව වාර්තා වේ. මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්ථානය 2017 වර්ෂයේ චැම්පියන්ස් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා…

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත. තරගාවලියට සහභාගි වන විස්සයි විස්ස හා ඒක්දින සංචිත අද (27දා) රාත්‍රී නම් කලේය. එහි විස්සයි විස්ස තරගාවලියේදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා කේ.එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර සංචිතයේ  උප නායකත්වය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමිවී ඇත. මෙහිදී කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිෂාන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම විස්සයි විස්ස සංචිතයට රුටුරාජ් ගායික්වාද්, සංජු සැම්සන්, උම්රාන් මලික්, ෂිවම් මාව, මුකේෂ් කුමාර්…

Read More

පුත්තලම නගරයෙ පිහිටි පාලවිය සමෘද්ධි බැංකු ශාඛාවට කඩා වැදි ඇති සොරුන් පිරිසක් එහි මුදල් හා වටිනා ලිපි ද්‍රව්‍ය තැම්පත් කර තිබූ විශාල සෙප්පුව රැගෙන යාමට උත්සහ කර ඇතත් එය නොහැකි වු තැන මාර්ගය අසල කානුවකට දමා ගොස් තිබියදී සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලීසිය (26දා) පැවසිය. 23 දින සමෘද්ධි බැංකුව එහි පාලනාධිකාරිය වසා දමා ගොස් තිබියදී 24, හෝ 25 දින රාත්‍රි කාලයෙ මෙම බැංකු ශාඛාවට පිටුපසින් වූ නගරයෙ අපද්‍රව්‍ය ගලා යන ඇල අසළින් මෙම බැංකු ගොඩනැගිල්ල පිහිටි ඉඩමට සොරුන් ඇතුල් වී ඇති බවට මේ වන විට පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව කියයි. පාලවිය සමෘද්ධි බැංකු ශාඛාව මෙසේ…

Read More

පැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගොස් නොමැති බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය. “පැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගහින් නෑ. පැය අටට වැඩි වෙන්නත් පුළුවන්. 2022 වසරේදී විදුලි කප්පාදුව ගියේ ගල් අඟුරු නැතිව නෙමෙයි. ඉන්ධන සපයා ගන්න බැරිවුණ නිසා තමයි ඒ විදුලි කප්පාදුව ගියේ. එතකොට අපිට ගල් අගුරු තිබුණා. 2022 සැප්තැම්බර් 15 වෙනකොට ගල් අඟුරු ඇටයක්වත් නැතිව ඒවා ඉවර වුණා. 2023 වසර සඳහා අවශ්‍ය ගල් අගුරු කලට වේලාවට ගෙන ආ යුතුයි. ඒ ගල් ඇඟුරු නැතිවුණොත් අපිට ඉන්ධනයි ගල් අඟුරුයි නැතිවෙන්න පුළුවන්. 2022 මුල් කාලයේ වෙච්ච විදුලි කප්පාදුව දැක්ක නිසා තමයි අපි කලුවර…

Read More

ජංගම දුරකථන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිය දී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි. එසේ රැගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ‘ජොන්ටියා’ සහ ‘කලයා’ නමැති දෙදෙනකු බව පොලිසිය කියයි. මේ අතර සැකකාර ජොන්ටියා සහ කලයා අතර පොලිසියේ දී ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත්ව පහර කෑ පොලිස් සැරයන්වරයකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට (25) ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සැලකිල්ලට…

Read More

රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරූදු (58) ක්ද වන අතර , කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇතැයිද පොලීසිය කියයි. ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. මේ අනුව තම දරුවන් සිටින පාසල් අවට සැකකටයුතු ලෙස සැරිසරන විවිධ ජාවාරමාකරුවන් පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිමින් ජාවාරම්කරුවන්ගෙන් පාසල්…

Read More

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (27) දිනයේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Read More

හිටපු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක්  ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගියහ. මෙම පිරිස එමිරේට්ස් ගුවන්  ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ . මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය . කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ .

Read More