Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට මහජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව රජය විසින් නියම කර ඇති මිළට වැඩියෙන් බිත්තර විකිණූ බව කියන වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්වරයාට අයත් බිත්තර අලෙවි සැලක් වටලනු ලැබීය. මාවතගම පොලීසියේ සහායද ලබා ගනිමින් මාවතගම පිලැස්ස උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එම බිත්තර අලෙවිසැල වටලනු ලැබීය. පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 45 ක මිළට වඩා රුපියල් 55 ක මිළක් අයකරමින් වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි බණ්ඩාර අලහකෝන් මහතා අළුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් වැඩි මිළට බිත්තර අලෙවි කරමින් සිටි බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පැවසීය. උපාය දූතයෙකු යොදවා බිත්තර හැටක් රුපියල් 55 බැගින්…
පේරාදෙණිය ප්‍රදේශයේදී ත්‍රීරෝද අනතුරක් සිදු කොට පලාවිත් කටුගස්තොට ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන පුද්ගලයෙකු සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කොට තිබේ. සැකකරු රිය පැදවීමේ බලපත්‍රයක් ද නොමැතිව තම පියාගේ ත්‍රීරෝද රථයක් පේරාදෙණිය නගරයේ ධාවනය කරමින් සිටියදී මහ මඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු අනතුරට ලක් කොට පලාගොස් කටුගස්තොට පොලිස් වසමේ නවයාලතැන්න මහවැලි නදිය හරහා ඇති දුම්රිය පාලම අසලදී එම ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලා දමා ඇති අතර එසේ පෙරළා දැමූ ත්‍රීරෝද රථය ඊයේ (11) කටුගස්තොට පොලීසිය මගින් සොයා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කොට තිබේ. සකකරු විසින් ත්‍රිරෝද රථය මහවැලි…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ ක්‍රීඩාවේ ප්රගමනය වෙනුවෙන් නිසි වෙලාවට නිවැරදි, සෘජු තීරණ ගැනීමට නොපැලිකෙන බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමග කියවිය යුතු 41 නි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන්…
විදුලි ගාස්තු වැඩිකිරීම බොහෝ පූජනීය ස්ථනයන්ට දැරිය නොහැකිවීම හේතුවෙන් ඇතිව තිබෙන බලවත් පීඩනයට සහනයක් ලබාදීම සඳහා ජනපති, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළුව රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයි. එසේම විදුලි ගාස්තු වැඩිකිරීමත් සමග පූජනිය ස්ථානයන්ට සූර්ය බලතාප පද්ධති මගින් විදුලිය ලබාදීමට ජනපතිවරයාගේ පැවැති අවධානය ඉක්මනින් ක්‍රියාත්මක කොට ආගමික් ස්ථාන මුහුණ පා ඇති දැඩි දුෂ්කරතාවයන්ට සහන සැලසීමට පියවරය ගන්නා ලෙසද එම සම්මේලනය පවසයි. ශ්‍රි ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහා සභාවේ ඒකමතික සම්ම්තයෙන් ගත් යෝජනාවක් අනුව මෙම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස එම සම්මේලනය ජනපතිවරයාට හා විදුලි බල හා බශක්ති අමාත්‍යවරයා යැවූ යෝජනාවේ මෙම කරුණු ඇතුළත් වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බව ද ඒ මහතා සඳහන් කළේය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට පසුගියදා (10) විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති හමුව අමතමිනි. ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා වූ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දින (11) දහවල් 12:11 ට කල්පිටිය, දුනුපොතගම, නිකවැව, සෝමාවතී පුදබිම සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබා ගන්නාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් පසුව මුදල් ලබාගැනීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම ඇතුළු පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි 50ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඊයේ (10) සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
මෙරට කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කර්මාන්ත අංශය නඟාසිටුවීමට නම් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා සදහන් කළේ. එසේ නොමැති අවස්ථාවල දේශීය කර්මාන්ත පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්වන අතර රට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට ආදේශන භාණ්ඩ රට තුළට පැමිණිම වැලැක්විය යුතුයි. එසේ නොවුනහොත් දේශීය කර්මාන්ත කඩා වැටීම වැලැක්විය නොහැකි බවයි ඊයේ පැවති කර්මාන්ත ආංශික උපදේශණ සභා 9 ක් සඳහා පත්කළ සභාපත්වරුන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශණ සභා 20ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන…
හෙට (12) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. අදාළ අයදුම්කරුවන් හෙට මධ්‍යහ්න 12ට පෙර පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
වරද කුමක් වුවත් බන්ධනාගාර ගතවූ පසු සිරකරුවන් රැකබලා ගැනීම රජය සතු වගකීමක් බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්යය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට මෙරට බන්ධනාගාර තුළ පුද්ගලයින් 26,000ක පමණ පිරිසක් රඳවා සිටින අතර ඉන් පුද්ගලයින් 8,000ක පමණ පිරිසක් වැරදිකරුවන් ලෙස සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රජය මඟින් ලබාදෙනු ලබන පහසුකම්වලට අමතරව බන්ධනාගාර ගත රැඳවියන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් ලබාදීමට වීක්ෂණ කමිටු විසින් කටයුතු කළ යුතු බව අධිකරණ අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේය. 1934 වර්ෂයෙන් පසුව පළමු වරට මානූෂීය ලෙස මෙරට බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර මරණීය දණ්ඩණය ලබා බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය…