Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාාධ්‍යවෙත සඳහන් කළේ එළඹෙන පස්වන ඉරිදා උදෑසන සිට හෝ එදින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය සිදුවන බවයි. ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙලෙස රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් පමණක් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ගෑස් මිල…
විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇතැයි ඊයේ (01) ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක් වන යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙකි. එම නෞකාව මේ වනවිට දේශීය මුහුදු තීරයේ ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති අතර, එම මරණ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්තුමිය වෙත කරුණු වාර්තා කර මෘත ශරීර ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු සිදුකරමින් පවතී. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (03) පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ පිළිබඳව ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.
මේ වසරේ පළමු මාසය තුළ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවය. පසුගිය වසරේ ජනවාරි මාසයට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගිය වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 82,327 දෙනෙකු පමණය. මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 25,254ක් වේ. ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759 දෙනෙක් , බ්‍රිතාන්‍යයෙන් 8,483ක්, ජර්මනියෙන් 8,216 දෙනෙක් ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. ඊට අමතරව…
පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවති විශේෂ රැස්වීමකදී මහලේකම්වරයා එම අදහස් පළ කළේය. ප්‍රශ්නය – ඔබතුමන්ලා හැර දා ගිය අයට ලියුම් ගිහින් කියනවා…? “ඔවුන් සියල්ලම ඉවත් කරනවා.” ප්‍රශ්නය – ඒ කියන්නේ ජී.එල් පීරිස් මහතා, ඩලස් අලහප්පෙරුම මහතා ඔක්කෝම ද? “සියලුදෙනා සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනුවෙන් ගත යුතු පියවර සහ අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය කරුණු කාරණා එකතු කරමින් සිටිනවා.” ප්‍රශ්නය – එතුමන්ලාව එළවලා දානව ද ? මොකද්ද කරන්නේ ?…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහනැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මී.100ක ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුර, උතුරු-මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී 40-50 පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…
යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් ඊයේ (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන්…
මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ කම්පනයට පත් වූ නිසා අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ එම විභාග පරීක්ෂකවරයාගෙන්ගෙ කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ අවස්ථාවේ මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද…
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස පහළදමා තිබේ. වියලි මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1675කි. එසේම ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 165කි. මේ අතර රතු කැකුළු (දේශීය) කිලෝ එකක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169කි. පාන් පිටි කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 230කි.
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවය. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ.
