Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ මුල් මාස 08 හි පාඩුව රුපියල් කෝටි අසූ පන්දහස් හාරසීයකට අධික බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවකින් හෙළිවී තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මේ බව අනාවරණ කළේ රත්නපුරේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දීයි. අදාළ ආයතන තුන පමණක් ලැබූ පාඩුව මෙරට රාජ්‍ය ආයතනවල සමස්ථ පාඩුවෙන් 99%ක් බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ. මෙම තත්ත්වය හමුවේ කඩිනමින් අදාළ ව්‍යවසායන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළා.
වෛද්‍යවරුන් මෙන්ම වෘත්තිකයින් රට හැරයාම මේ වන විට අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඊයේ (02) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
නොබෝ දිනකින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් රජය සමග එකතු වන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කොළොන්නාවේ පැවැති ජන හමුවක් අමතමින්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා.
කතරගම – පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ අද (02) දහවල් සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් රෝහල්ගතකර ඇත්තේ 46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් ලක්මාල් නොහොත් “උඩවත්තේ මංජු” නැමැත්තෙක්. මොහු කරාතේ ගුරුවරයෙකු වන අතර පසුපස හබාගොස් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි වැදීමෙන් ඔහුගේ පාදවලට හානි සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය. එහිදී නවසීලන්ත කණ්ඩායම සිය සුපර් ඕවරයේදී රැස්කළේ ලකුණු 8ක් පමණි. නමුත් ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
බෙංගාල බොක්ක කලාපයේ සුවිශේෂී ආර්ථික කලාපයක් වන බංග්ලාදේශය ආශ්‍රිත මුහුදේ තෙල් හා ගෑස් ගවේෂණයක් සිදු කරමින් සිටින Hai Yang Shi You 760 නම් චීන සමීක්ෂණ යාත්‍රාව පිළිබඳව ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරන බව වියොන් පුවත් සේවය වාර්තා කරනවා. චීනයට අයත් මෙම භූ කම්පන සමීක්ෂණ යාත්‍රාව පසුගිය දෙසැම්බර් 29 වැනි දා රාත්‍රියේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වූ අතර ඉකුත් ජනවාරි මාසයේ සිට බංග්ලාදේශයේ අදාල කලාපයේ තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සිදු කරනවා. මෙම වසරේ මැයි මාසයේ දී අදාල සමීක්ෂණ කටයුතු අවසන් වීමට නියමිතව ඇති අතර වියොන් පුවත් සේවය පවසන්නේ, අදාල නෞකාවට ඉන්දියානු සුවිශේෂී ආර්ථික කලාපයේ කිසිදු සමීක්ෂණ කටයුත්තකට…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම්කර සහ ගිවිසුම් කඩකරන ලද ආචාර්යවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 111 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දහතුන් කෝටි දහ අට ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසීය පනස් හතරක මුදලක් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2021 වසරට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා. කෙසේ වෙතත්, ඊට පිළිතුරු ලබාදෙමින් පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ අදාළ වටිනාකම් අය කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. ඒ අනුව අර්ථසාධක අරමුදලේ ශේෂයන් මගින් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම මෙන්ම බැඳුම්කර කඩකළ ආචාර්යවරුන් නඩු පැවරීම සඳහා නීති අංශ වෙත යොමුකර ඇති බව ද දක්වා තිබෙනවා. ඊට අමතරව වසර තුනේ සිට…
මේ වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් සුවිශේෂී සැළකිල්ලක් යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ආබාධ හේතුවෙන් වසර දෙකක ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වීමට සිදුවූ ප්‍ර වේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහිව අද ආරම්භ වූ පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරයි. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙයි. පන්දුවාර 10ක් අවසානයේදී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 3ට ලකුණු 98ක් රැස්කරගෙන සිටියි. කුසල් පෙරේරා පන්දු 21 කදී ලකුණු 27ක් හා චරිත් අසලංක පන්දු 19කදී ලකුණු 25ක් රැස්කරගෙන සිටියි. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් පන්දු 9 කදී වේගවත් ලකුණු 25ක් රැස්කළේය. ධනංජයද සිල්වා ලකුණු 15කට දැවී ගියේය.
