Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (28)කල්පිටිය, නොරොච්චෝල ඉලන්තිඅඩියේදී ධීවර ප්‍රජාව හමු විය. එසේම මන්නාරම සිට නොරොච්චෝල දක්වා මුහුදු සීමාවේ විදේශීය ධීවරයන් විසින් ‘බොටම් ටෝලිම්’ ඇදීම හේතුවෙන් සාගර පරිසරයට කරන හානිය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව මෙහිදී නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කළේය. විදෙස් ධීවරයන් ලාංකික ධීවරයින්ට කරන තර්ජන හා බලපැම් මෙන්ම දැල් හා ආම්පන්න වලට කරන හානි සම්බන්ධවත් ලාංකික ධීවර ප්‍රජාවට සාධාරණයක් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ ද අද(29) වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටි
කොට්ටාව රුක්මලේ පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හොරයින් මත්ද්‍රව‍්‍ය ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සහ ඊට අදාළ ලිපි ලේඛන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75 යි මිලිගෑම් 400 ක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ 458 ක් , ටි 56 පතොරොම් ගැබ් එකක් , ව්‍යාජව සකස් කළ වාහනයක් අංක තහඩු 30 ක් , ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික 30 හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24…
සපුගස්කන්ද මාකොළ රැදවුම් නිවාසයේ විවිධ අපරාධ වලට අදාලව රඳවා සිටි ළමුන්15 කු එම නිවාසයෙන් පලා ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි. මෙලෙස පලා ගොස් ඇත්තේ වයස අවුරුදු14/17 පසුවන ළමුන් ය. මෙම ළමුන් ට මත්ද්‍රව්‍ය චෝදනා මනුෂ්‍ය ඝාතන වලට අනුබලදීම කොල්ලකෑම් සොරකම් හා කෝලාහල කිරීම් ආදි වැරදි සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ විවිධ අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳිවුම් නිවාසයට යොමු කළ තැනැත්තන් බව පොලිසිය සඳහන් කරයි. එම ළමුන් බොරැල්ල, බණ්ඩාරගම, මාලිගාකන්ද, මට්ටක්කුලිය,වැල්ලම්පිටිය, අගුලාන,බෙම්මුල්ල ,කොළඹ 14,ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ළමුන් පලායාම සම්බන්ධයෙන් එම නිවාසයේ ළමා රැකවරණ නිලධාරිනිය විසින් පැමිණිල්ල සිදුකර ඇත.
රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඔවුන් නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන “පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (29) පැවැත්වේ. 2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැයෙන් සැලැස්මක් යෝජනා කළ අතර වරින් වර එම බඳවා ගැනීම් සිදු කරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි.
විපක්ෂය පස්සේ පන්නන්නේ නැතුව කන්ටේනර් පන්නපු හොරු ටික මුලින්ම අල්ලලා ඉන්නැයි තමා රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. රජය මුලින්ම කළයුත්තේ ඒ කටයුත්ත බවද ඔහු සඳහන් කළේය. විපක්ෂය මර්දනය කර ගොඩ ගිය ආණ්ඩුවක් නැතැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී ඔහු දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැස තිබේ. එම අවස්ථාවේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇති අතර එහිදී ඔහු එම දුම්රියේ ගැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. රඹුක්කන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයක් ඔස්සේ මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17ක සහ 20ක තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ද සොයාගෙන ඇත.…
රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. මේ අනුව විගණන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ඒ ආයතන හාරසිය පනහෙන්ම ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසන්නේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරාගැනීමට මේ ආකාරයට කටයුතු කරන බවයි. දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතන වල ප්‍රධානීන් ඉතාම ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා ඒවායේ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම විමර්ශනවලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ…
එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (දකුණු ආසියාව) අතුල් කේෂප් (Atul Keshap) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදු විය. මෙම හමුව සිදු වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අතරතුරදීය. මෙහිදී මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අතුල් කේෂප් මහතා අතර කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.
