Author: LANKA24X7

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ. යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින් අමෙරිකාව විසින් නව සම්බාධක පනවා තිබේ. මෙලෙස සම්බාධක පැනවීම සාම සාකච්ඡා පැවැත්වීම සඳහා උපකාරී වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

Read More

වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය සඳහන් කළේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණ අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන අය බවය. ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දින සැමරුම් උත්සවයකට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ස්නායූ විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය මේ බව සඳහන් කළාය. මෙම රෝඟය වැළඳීම පාලනය කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කළාය.

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ හැකි කරුණු පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අනාවරණය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ඝාතන සිද්ධිය ගැන අද (22) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සියේය. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සටියේ, වැලිගම ප්‍රාදේශීය සභාවේදී අද සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් රට තුළ සිදුවන…

Read More

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය. පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.

Read More

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය. යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටින බව සඳහන්ය. මෙම ප්‍රහාර හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. රුසියාව යුක්‍රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමේදී බලශක්ති සැපයුම්, දුම්රිය, නිවාස සහ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් සිවිල් යටිතල පහසුකම් මත එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. චර්නිහිව් කලාපය රුසියාව සහ බෙලරුස් යන දෙඅංශය සමඟම දේශසීමාවක්…

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.

Read More

මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් තිබේ. සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 360,800ක් ලෙසය. මේ අතර සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී අතර, වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 172ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය. කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, කිරිඳිඔය ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කියා සිටියේය. ඒ අනුව කැලණි, කළු,…

Read More

ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්‍රික්ක 10 ක් පමණ හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙකු වන අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. එමෙන්ම තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

Read More

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පෙන්වා දනේනේ මේ හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවය. ඒ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධිකය. එම සේවා නැවත යථාවත් කරමින් පවතින බවට ඇමසන් ආයතනය සඳහන් කර තිබේ.

Read More