Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් ඇය බේරාගෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. දැරියගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. එම සිසුවියට නවකවදය දුන් බව කියන සිසුන් 3 ක් හා එක් සිසුවියක ඇගේ ප්‍රකාශයකට අනුව අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. සැකකකාර සිසු සිසුවියන කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ යන් බව පොලිසිය කියයි. කුලියාපිටිය කාර්මික විද්‍යාල ඉතිහාසයේ මෙවන් කෲරලෙස සිසුන්ට සැලකීමක් පිළිඳ වාරතා නොවූ බවත් ඊට සම්බන්ධ තවත් අය සිටීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි. දැරිය වැවට පැනීමට ප්‍රථම කාර්මික විද්‍යාලයේ ගුරුභවතකු…
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිධුරයේ වෙනසක් කිරිමට රජය තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම ප්‍රචාර අවධානය දිනා ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය සමග පතුරවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්,අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද,වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි. මෙම වෙළඳසැලේ ගින්නක් හටගත බවට පිළියන්දල පොලිසියට සහ මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීමේදී ගින්න එන්න එන්නම වැඩිවීම හේතුවෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කැඳවීමට පියවර ගෙන තිබිණි
හුංගම දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී ඊයෙ (03) රාත්‍රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය . මෙලෙස ඝාතනය කර ඇත්තේ අංක 135/3, සුනාමි ගම්මානය ,ලිදේයාය ,දකුණු බටඅත ලිපිනයේ පදිංචිව සිටි වනිගාබදුගේ සිරිල් කුමාර නොහොත් කොටි රාළහාමි නමැති 37 හැවිරිදි විවාහකයෙකි . පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව සුනාමි ගම්මානයට යන මාර්ගයේ වැටී සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශය (119) ට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ජීවිතක්ෂයට පත් ධීවරයාගේ මළසිරුර සොයාගත් බව පොලිසිය කීවේය . ඝාතනය සිදුකල සැකකරුවන් තවමත් අනාවරණය වී නැත
ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි. කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින්…
කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය අද (3) ප්‍රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ කිසිම කණ්ඩායමකට සියයට පනහක බලයක් නොමැති හෙයින් ඡන්ද විමසීමකින් නගරාධිපතිවරයා තෝරා ගැනීමට සිදුවන බව ඔහු කීය ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාදීමට එ් සියලු දෙනා එකගවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය සේවාවක් මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව එම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර 16 ක් ක්‍රියාත්මක වේ. විශේෂ දුම්රිය කාලසටහන පහත දැක්වේ.
ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම පත්වන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් නාස්තිවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය Glocal Fair වැඩසටහන් සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් කෝප් කමිටුව පවසයි. එම වැඩසටහන සඳහා රුපියල් කෝටි 126කට ආසන්න මුදලක් වැය වී ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ මුදලක් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීමෙන් විශාල…