Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රසායනික සහ කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය. ජාතික පොදු පොහොර ප්‍රතිපත්ති සඳහා ක්‍රියාත්මක කළයුතු යෝජනා 35ක් ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ඉදිරිපත් කර ඇත. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමටත් නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.
බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ. එම දෙපාර්තමේන්තුව පවසන්නේ එම දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බවය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇත. මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබාදීම සඳහා කටයුතු යොදා ඇති බවය.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි. විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවය.
මහරගම නගර සභාවට අයත් නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නෑ තරුණයන් පස් දෙනකු අතර සිටි පාසල් සිසුවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි මෙසේ මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ,මාබිම , බියගම පාරේ පදිංචි දිදුල රශ්මික නමැති (17) හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කියයි. මෙම සිසුවා තවත් මිතුරන් හතර දෙනකු සමග නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නාද්දදී මෙම අනතුරට මුහුණ පා ඇත.
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත. වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයිද පොලිසිය කියයි. තුවක්තු කරු පළා ගොස් ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් යොමුකර තිබෙනවා. ත්‍රස්ත මර්දන කාර්යාංශය වෙනුවෙන් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම යොමු කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ වසන්ත මුදලිගේයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව එම අභියාචනය තුළින් සඳහන් කර තිබෙනවා.
මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි. මෙල්බන් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවක සිටි 85 හැවිරිදි කාන්තාවක් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලී තිබෙනවා. එම අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටී නම් සිය කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසයි. ඒ අනුව ඉදිරිපත් වූ මනෝරි ගමගේ නමැති…
බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 31ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබුණි. වැටලීම සිදුකරන අවස්ථාවේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය…
දකුණු අප්‍රිකානු ජනප්‍රිය රැප් ගායකයෙක්ව වෙඩිතබා ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට AKA ලෙස ප්‍රකට කියර්නන් ෆෝබ්ස් සිය මිතුරෙක් සමග භෝජනාගාරයක සිට යමින් සිටින විට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන්ට වෙඩිතබා තිබුණි. ඉන් ගායකයා සහ ඔහුගේ මිතුරා මියගොස් ඇති බව පොලීසිය පවසයි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.
පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය ජයගැනීමට සමත්විය. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි. කේප්ටවුන් හි දී මෙරට වේලාවෙන් ඊයේ (12) රාත්‍රී 10.30ට ආරම්භ වූ එම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිනාගත්තේය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තීරණ කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස්කළේය. බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් Sobhana Mostary ලකුණු 29ක් රැස්කළ අතර නායක Nigar Sultana ලකුණු 28ක් රැස්කළාය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ කඩුලු 3ක් දවාගත්තාය. ඒ අනුව, ලකුණු 127ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට…
