Author: LANKA24X7

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයින්ට වාසි සහගත අයුරින් භාවිත කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි. ඔහු මේ බව සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමිනි. “විසඳුම මාලිමාව” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ පානදුර ජන රැලිය එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ” දැන් පසුගිය ජනාධිපතිවරණ ඡන්දය බැලුවොත් අපි ගම්වලට ඇවිත් කියනවා මේ රාජපක්ෂලා හොරකම් කළා, රට විශාල කඩා වැටීමකට ලක් කරලා කියලා අපි 2019 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා. හැබැයි ඡන්දේ, ඡන්දේ අපිට 3% ක් ලැබුණා. ඒ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2023 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වේ. කෙසේවෙතත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යළිත් වරක් රජයේ සහ රජයේ අනුමත පාසල් අප්‍රේල් මස 04 වන දා සිට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව එම පාසල් යළිත් අප්‍රේල් මස 17 වන දා ආරම්භ වීමට නියමිතය. පළමු පාසල් වාරයේ දෙවන අදියර මැයි මස 12 වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි මස 13 වනදා සිට යළිත් පාසල් නිවාඩු ලබා දෙනු ඇත. පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 25වන දා ආරම්භ වේ. මෙම පාසල් වාරය…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ති‌බේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජි. පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකළ බවය. ලිඛිතව අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබේ. පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන්…

Read More

මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ගෙවීම් සඳහා රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බවය. ගාල්ල දිස්ත්‍රික්කය සදහා බස් රථ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “රාජ්‍ය මූලයේ තියෙන විශාලම අර්බුදය තමයි අපිට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියවාගන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. උදාහරණයක් වශයෙන් මාර්තු මාසයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා පවත්වා ගෙන යාමේ වියදම්වලට ඇස්තමේන්තු කරලා…

Read More

බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවනවා. ඒ, පොලිස් මූලාස්ථානාධිපතිවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා වාචික උපදෙස් ලබා දීමෙන් බවයි වෙත වාර්තා වුණේ. බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණා. එමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමටද පොලිසියට හැකියාව පැවතියා. කෙසේ වෙතත් බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම…

Read More

පානදුර වෙරළ තීරණයේ දිය නාමින් සිටි දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ. දැරිය, කාන්තාව සහ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (25) පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි බේරාගෙන ඇත. පොලීසිය පැවසුවේ, දැරිය වයස අවුරුදු 13ක්, කාන්තාව වයස අවුරුදු 29ක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 හා 35ක් වූ දියගම, ගල්පාත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

Read More

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය වන බවය. “දැන් ප්‍රවාහන ගාස්තු අඩුවෙන්න පුළුවන්. මොකද විනිමය අනුපාතය ස්ථාවර වුණොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුණොත් අපේ ඉන්ධන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම අනෙකුත් අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න පුළුවන්. මිල සූත්‍රයකට අනුවයි බස් ගාස්තුව අඩුවෙන්නේ. කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ මිල අඩුවීමක් වෙයි කියලා. ඒ මිල සූත්‍රයකට අනුව ඇත්තවශයෙන්ම මිල අඩුවෙනකොට…

Read More

මැතිවරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් පාකිස්තානයේ මැතිවරණ කල්යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. එරට ආරක්ෂක අමාත්‍ය කාවාජා අසීෆ් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට එරට මුදල් අමාත්‍යංශයට මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් නොමැති බවය. ඔහු මේ බව සඳහන් කළේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම රජයට බලපෑම් කරමින් සිටින පසුබිමකය. ඉම්රාන් ඛාන්ට විවේචන එල්ල කරමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, ඉම්රාන් ඛාන් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට රජයේ නිලධාරීන්ට එල්ල කරන චෝදනාව සාවද්‍ය බවය. පාකිස්තාන තොරතුරු කටයුතු අමාත්‍යවරයා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම තමන්ව…

Read More

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමුකර නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) පෙරවරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි පවසා සිටියේ, වැය කරන සෑම සතයක් පිළිබඳවම රජය වගකිව යුතු බවය. මේ අතර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

Read More