Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිකුරාදා දිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අථත්‍ය වටමේස සාකච්ඡාවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ G-7 කණ්ඩායම මෙන්ම ණය සහනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවය. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ආධාර පැකේජයක් ද හදුන්වා දී ඇති බවය.
රජයේ රෝහල්වල සැත්කම් කල් දැමීමට පියවර ගත්තේ කුමන පදනමකින් ද? ඒ කුමන කාලයකට ද යන්න සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම රටට ප්‍රකාශ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පොරොත්තු ලේඛනයක සිට ශල්‍යකර්මයක් සිදුකරගැනීමට පැමිණෙන රෝගීන්ගේ, රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ රෝගියාගේ මානසික තත්ත්වය බැහැර කිරීමට හැකි කරුණක් නොවන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, “මාස ගානක් පොරොත්තු ලේඛනයක ඉඳලා තමයි මේ ශල්‍යකර්මයට එන්නේ. සංකූලතා, අතුරු අබාධ විශේෂයෙන්ම එම රෝගියාගේ මානසික තත්ත්වය ව්‍යාකූල වීම ඒ වගේ කාරනා අපට බැහැර කරන්න බෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්,…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතෙක් එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රනාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන හාරසිය හැට එකක් පමණ වන බවය. හෙට පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංජිහේවා මහතා අද දෙරණට සඳහන් කළේය.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක. මන්නාරම සිට පුත්තලම…
බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. පොලීසිය පවසන්නේ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කාන්තාවට වෙඩි වැදී ඇති බවය. අනතුරුව එහි සිටි පිරිස් විසින් වෙඩි වැදුණු කාන්තාව රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්…
LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශ විහිළු සහගත බවය. LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. පී. නෙදුමාරන් ප්‍රකාශ කර ඇත්තේ නුදුරේදීම දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බවය. කෙසේවෙතත් අදාළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සදහන් කළේය. ඔහු පෙන්වා දෙන්නේ හිටපු LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට DNA පරීක්ෂණයකින්…
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (14) පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්. ජී පුංචිහේවා මහතා සදහන් කළේ ඊයේ දිනයේදී ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවය. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්.ජී පුංචිහේවා මහතා සදහන් කළේ අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සැකසු අමාත්‍යාංශ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් මුදල් වංචාකළ පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව විදේශ රැකියා නියුත්කි කාර්යංශය පවසයි. එම කාර්යාංශය පවසන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම ජාවාරම්කරුවන් වෙනත් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවය. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කිසිදු පුද්ගලයෙකුව විදෙස් රැකියා සඳහා යොමු නොකරන බවත් රැකියා සඳහා විදෙස්ගත කිරීම් සිදුකරන්නේ ඒ අදාළ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා ආයතන විසින් පමණක් බවත් ඔවුන් අවධාරණය කරයි. කිසිදු අවස්ථාවක සිය අත්සන යොදා පුද්ගලයෙකුව විදේශ රැකියාවක් සඳහා යොමු කිරීමට කටයුතු නොකළ බවත් එවැනි…
2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසය. එමෙන්ම තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යංශය දැනුම්දී තිබේ. අක්කරයක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 2,000ක් ද අකක්ර 02ක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 4,000ක්ද අකක්ර 02කට වැඩි වගා සිදුකර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 5,000ක්ද මිලදී ගන්නා…
