Author: LANKA24X7

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පෙන්වා දෙන්නේ, ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවය. ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය බව ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේය. මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා හෙට (30) දිනයේ සිට මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය වන බවය. ඒ අනුව හෙට දිනයේ සිට මගියා…

Read More

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි (DM Nakatani) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසද මෙම අවස්ථාවට එක් වූහ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එක් සැකකරුවකු එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි. ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදි පසුගියදා අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දට පත්මෙ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ඒකකයේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීම සඳහා ලබාදුන් ගිනි අවියක් කැලණිය නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට භාරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ජාඇල වැලිගම් පිටිය ප්‍රදේශයේපදිංචි…

Read More

රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි. බස් රථය ඇඟලුම් කම්මලක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි..

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (29)හමුවිය. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය එහිදී ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසා පළ කළේය. බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වැදගත්කම, බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය. එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් විය. 2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය…

Read More

තමා ජනතා විමුක්ති පෙරමුණේ කිසිම වැඩ පිළිවෙලකට තමා කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය . නන්දන ගුණතිලක මහතාගේ ප්‍රකාශය කිසිම පදනමක් නැති එකක් බවද ඔහු ප්‍රකාශ කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශන කඩාකප්පල් කිරීමේ කිසියම් උත්සාහයක් පවතින බවද හෙතෙම සඳහන් කරයි. මේ කාරණය සම්බන්ධයෙන් කොමිසමේ අවධානයට යොමු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු වෙයි.

Read More

මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැණු දරුවෝ 27 දෙනෙක් සිටිති. ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (27) දින දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1483 ක් බන්ධනාගාර ගත කර සිටිති. එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන්වූ සිරකාරියෝ වෙති. ජනවාරි මස 1 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ගතවූ මාස 7 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලද කාන්තාවෝ සංඛ්‍යාව 184 දෙනෙකි. ඒ අතර අයිස්…

Read More

“අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්” බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි. “හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු. දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read More

විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි පනස් නව දහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More