Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ. මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය අද සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹයි. දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය. මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. මෙම බස් රථ සේවයෙන් රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ…
දෙහිවල දුම්රියපොළ ආසන්නයේදි දුම්රියක ගැටුණු අඹුසැමි යුවළක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, පදිංචි සම්සුදීන් නිසර්දීන් සහ ජිනත්තම්මා නිසර්දීන් නමැති අඹුසැමියන් බව පොලිසිය සඳහන් කරයි. මියගිය අඹුසැමියන් දුම්රිය මාර්ගය මාරුවීමට ගිය අවස්ථාවේ මරදාන සිට අලුත්ගම ධාවනය වූ දුම්රියේ ගැටී දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියකි. මෙම පුද්ගලයා මීට වසර 3කට ඉහතදී වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුරකරුවෙකු සහ සේවකයෙකු ලෙස පැමිණ තිබේ. ඔහු අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් ජනේල පියන් පිරිසිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි. අනතුරට පත් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලීසිය පවසයි.
පහේ ශිෂ්‍යත්යවය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. “ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වයේ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. දූෂණ විරෝධී පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරඹමින් අමාත්‍යවරයා මේ බව කීය. “අපට ලැබුණු ප්‍රධානම ජනවරමක් වන්නේ දූෂණයට වංචාවට එරෙහි නීති යාන්ත්‍රණය තදින් ක්‍රියාත්මක කිරීමයි.එම ජනවරම අනුව යමින් අප පනතක් හඳුන්වා දී තිබෙනවා.දූෂණ විරෝධී පනත දැනට වසරකට පෙර සම්මත වී තිබුණද නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණය සහිත රෙගුලාසි ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.එම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා.වර්තමාන තත්වයන්ට ගැලපෙන පරිදි වත්කම් බැරකම් යාවත් කාලීන කිරීම සඳහා අප…
යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කර සිටි. යාපනය වන්නර් ෆාම් ලෝටස් මාර්ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිවසුබ්‍රමනියර් මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය මෙසේ ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ. මෙම කෝවිලේ දින 15 ක් පුරා උත්සවය පැවැත්වෙන අතර 08 වන දිනයේ මෙසේ අඹ ගෙඩිය වෙන්දේසිවී තිබේ. ඒ එදිනට යේදී තිබු “මම්පලම් තිරුවිලා”උත්සවයේදීය. එහිදී වෙන්දේසියේ වූ අඹ ගෙඩිය ලබා ගැනීම සදහා දේශීයව සේම විදේශීයව කෝවිලේ උත්සවය සදහා පැමිණි බැතිමතුන් අතර තියුණු තරගයක් පැවති බව පුජකවරුන් සදහන් කරයි. එහිදී කැනඩාවේ සිට පැමිණි බැතිමතෙකු විසින් මෙම අඹ ගෙඩිය රුපියල්…
ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන බවද ජනපති කාර්යාලය පවසයි. එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් ලබන 21 දා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය…
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබන සතියේ දී ගොනු කිරීමට බලාපොරොත්තු වන බව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේ ය . ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දැනුම් දුන්නේ ය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. නීතිපතිවරයා, රහස් පොලිසිය රාජ්‍ය…
නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ලබාදීම දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ ඉදිරියේදී ඊයේ (3) සිදුවිය මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශය මෙසේ ලබාදෙනු ලැබීය මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් 12ක් ලබා දුන් බවයි. එසේම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ කමිටුව…