Author: LANKA24X7

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ අරුවක්කාඩුව අධි සංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා රුපියල් කෝටි 200 කට අධික යන්ත්‍ර සුත්‍ර ඇතුළු දෑ තම තම භාරයට ගත් බව වලාන මධ්‍යම ප්‍රහාරක බලකාය කියයි. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසුරීය මහතාගේ අධික්ෂණය යටතේ වළාන මධ්‍යම ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කේ.ඒ.උදය කුමාර මහතාගේ මෙහෙය විමේන් එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික විරසිංහ මහතා සමග පොලිස් පරික්ෂක ජනිත ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලම කර ඇත. දැවැන්ත පරිසර පද්ධතියක් වනසමින් මෙම ස්ථානය පසුගිය රජයෙ ප්‍රබල දේශපාලඥයින්ගේ හා විෂය භාර ඇමතිවරයකුගේ රැකවර්ණය මැද කර ගෙන ගොස් තිබු බවත් එම පරිසර…

Read More

ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතුකම්කරුවන් පදිංචි නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු ජාතික ජන බලවවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ කෙරිණ. පළමු අදියර යටතේ හැටන් කලාපයේ නෝර්වුඩ් සහ වෙන්චර් යන වතුවල වතු කම්කරුවන් දැනට පදිංචි ඉතා අබලන් තත්වයේ පවතින නිවාසවල වහළවල් අලුත්වැඩියා කර සෙවිලි තහඩු ඇතිරිම සිදු කරන අතර, ඒ සදහා වතු පාලන අධිකරියේද සහයෝගය ලබා ගැනීමට නියමිතය. වසර ගණනාවක් අලුත්වැඩයා නොකරන ලද තම නිවාස අලුත්වැඩියා කිරිම සම්බන්ධයෙන් වත්මන් රජයට ස්තූතිය පල කරන බව පීඩාවට පත් වී සිටි වතු කම්කරුවෝ පවසති. පළමු අදියර යටතේ හැටන් සහ නුවරඑලිය කලාපයෙ…

Read More

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වන තිරින සම්පත් අපුආරච්චි නොහොත් වලස්කටා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝලේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය අසනීප තත්වයක් හේතුවෙන් ලබා ගන්නා ලද ඖෂධ ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු නිලධාරියා තල්ලු කර පාලන අංශයේ කාමරයේ ජනේලයෙන් බිමට පැන පලායාමට තැත් කර තිබූ බව පොලිසිය කියයි

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වල නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්කුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කොළඹ වරායේ සි අයි සි ටි බහලුම් අංගනයෙන් ගබඩා කර තිබූ බහලුමක් ප්‍රයිමුවර් රථයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කොළඹ වරාය පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ ලෙනගල , තුරු ලියඋයන පදිංචිව සිටි දේව පක්ෂලාගේ ලක්මාල්ඉන්දික යන අයයි. සි අයි සි ටි බහලුම් අංගනයේ ගාල්කරකර තිබූ ෆ්‍රයිමෝ රථයකට බහලුමක් පැටවීම සඳහා රබර් වයර් ග්‍රැන්ටියක ආධාරයෙන් බහලුමක් රැගෙන ඒමේදී එම බහලුම බහලුන් පහක් උඩ අසුරා තිබූ වෙනත් බහලුමක ගැටීමෙන් ප්‍රයිමුවර් කැබින් එක මතට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

Read More

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ. එහිදී පුද්ගලයන් 27,388 දෙනෙක්ද වාහන 9,758ක්ද යතුරු පැදි 7,509ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත. එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 02ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. බීමත් රියදුරන් 58ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි…

Read More

හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (Sri Lanka College of Emergency Physicians – SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනය – 2025 සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි. එම සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර පිළිබද වෛද්‍ය සේවාව රෝහල්වලට පමණක්…

Read More

අධික වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක වැඩ කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ. රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට තවත් වාහන පන් හය දහසක් අවශ්‍ය වන බව රජයට පෙනී ගොස් ඇත. රාජ්‍ය ආයතනවලට වසර 15කින් පමණ වාහන මිලදීගෙන නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. බොහෝ ආයතනවල පවතින අධික වටිනාකම් සහිත අධි සුඛෝපභෝගී වාහන විකුණා ලබා ගන්නා මුදල් වලින් එදිනෙදා පරිහරණයට වැදගත් වන පොඩි වාහන මිලදී ගැනීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇත. මේ අතර රජයේ ආයතනවල වැඩි එන්ජින් ධාරිතාවය සහිත අධි සුඛෝපභෝගෝ වාහන වෙන්දේසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තද බොහෝ…

Read More

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදා නැවත රැස්වීමට නියමිතය. පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනටමත් නිර්දේශ කර ඇත. මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉකුත් 7 බ්‍රහස්පතින්දා රැස්වුවද අවසන් තීරණයක් ගෙන නොතිබිණ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවසුවේ එම සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ගැටලුවක් පැවතුණ හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීම මෙසේ කල් ගිය බවයි. පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය. ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත…

Read More