Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පහරදීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (15) අදාළ මරණය සිදුව ඇති බවය. පසුගිය 14 වනදා රාත්‍රියේ අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබේ. පසුව ඔහු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර ඇත. පහරදීමෙන් මවව බේරාගැනීමට මියගිය පුද්ගලයාගේ පුතා සහ දියණිය මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේ දී පුතා විසින් යකඩ පොල්ල උදුරාගෙන පියාගේ හිසට පහරදී ඇත. එහිදී තුවාල ලැබු පියා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනය සිදුකළ අවුරුදු 16ක් තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.…
පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවිය සහ උණ්ඩ සොරකම් කරන ලද හිටපු යුද හමුදා සෙබළෙකු හා අදාළ සෙබළාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් යුද හමුදා සැරයන්වරයෙකු බව සඳහන්ය. අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යුද හමුදා සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය…
වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ. එම නෞකාව මඟින් මඩ පොහොර මෙ.ටො 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
මිහින්තලය පොලිස් වසමේ සිප්පුකුලම ප්‍රදේශයේ කාන්තාවක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මරණකාරිය අවුරුදු 23ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියකි. මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායකට ගොස් නැවත පැමිණිමේ දී තම වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබේ. පසුව ඇය අවට පරීක්ෂා කිරීමේ දී වගා ළිඳට වැටී සිටින බව දැක ඇත. මියගිය තරුණිය ළිඳට වැටුණේ කෙසේද යන්න පිළිබඳව හා මරණය පිළිබඳ මිහින්තය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබේ. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර තිබේ. මේ අතර ද්විපාර්ශවික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියලු පාර්ශව සමග සාධාරණ පොදු එකඟතාවයන් අනුව කටයුතු කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු…
මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී , රටෙහි මිලියන 22 ක ජනතාව උදෙසා උපරිම සේවාවක නිරත වෙමින් මේ මොහොතේ රාජකාරියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට බොහෝ වෘත්තීය සංගම් මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වන බවත්, එම පිරිස දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතු වල යෙදෙන බවත් පැවසූ අමාත්‍යවරයා,…
අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දුන් දීමනා මෙලෙස කප්පාදු කෙරෙනු ඇත. මෙම වියදම් කප්පාදු කිරීමේ තීරණය මාර්තු විසි වැනි දා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාල විදෙස් ගතවීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා ගෙවූ දීමනාව අමෙරිකා ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක්…
මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබේ. රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, අද දිනයේ අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය. මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට…
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඉම්රාන් ඛාන් නායකත්වය දරණ PTI පක්ෂයේ ආධාරකරුවන් එය වැළැක්වීම හමුවේය. එම පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් ඉම්රාන් ඛාන්ට අයත් නිවස අවට මාර්ග පුරා එක්රැස්වී සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් පොලීසිය සහ පාක්ෂිකයින් අතර ගැටුම් ද හටගෙන ඇති බව පැවසෙයි.
ඊයේ හික්කඩුව වෙරළ තීරයේදී දියේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ. මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි රුසියානු ජාතිකයෙකි. රුසියානු ජාතිකයා ඊයේ (15) හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දිය වැලකට හසුව තිබේ. එහිදී මීටර් 100ක පමණ දුරක් ගසාගෙන ගොස් සිටි විදෙස් ජාතිකයාගේ දිවි බේරාගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත. පොලිස් පරීක්ෂක හේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් චාමර සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම විදේශිකයාගේ දිවි බේරාගෙන තිබේ.
