Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බවය. ඒ අනුව මෙහිදී පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, ඊට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදුකර තිබේ. අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම,…
වැලිපැන්න පොලිස් වසමේ ළිඳමුල්ලගේවත්ත, තොටුපල පාර මීගම ප්‍රදේශයේ නිවසක් අසල පඳුරක් යට තිබී පිස්තෝල අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ තොගයක් හමුවී තිබේ. ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් සිටි දරුවන් පිරිසක් මෙම උණ්ඩ තොගය දැක තිබෙන අතර පසුව වැඩිහිටියෙකු දැනුවත් කිරීමෙන් පසු පොලීසිට දැනුම්දී ඇත. මෙලෙස ජීව උණ්ඩ 45ක් පමණ තිබී සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.
දක්ෂීණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් ලොරි රථයක ගිනි ගැනීමට ලක්ව ඇති බවද වාර්තා වේ. තවද අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබේ.
මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 24ක සහ 34ක පුද්ගලයින් වන බව පොලීසිය පැවසුවේය. මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අම්බර් තොගයක් (තල්මසුන්ගේ වමනය) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ (10) උදෑසන සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200ක් ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කළේය. සැකකරු අවුරුදු 44ක් වන වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. මෙහිදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී තිබේ. ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිය රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී ඇත. ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි…
අද (10) පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් 20ට පෙර නිකුත්කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.
ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන තිබේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ නිලධාරීන් සහ ධීවර ප්‍රජාව එක්ම මේවන විට ගින්න මැඩ පවත්වා ඇත. මේ වන විට ධීවර යාත්‍රා 4ක් මෙම ගින්නට හසුව විනාශ වී තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැකකරුගේ මස්සිනා බව පොලිසිය කියයි. මෙම සැකකරු මීට වසර පහකට පමණ පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටිමින් පොලිසියට දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන් අත්අඩංගුවට පත් වී තිබූ බවත් සැකකරු විසින් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන් බලපෑම් කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. හෙරොයින්…
