Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් සේවකයින්ට පසුගිය වසර අගභාගයේදී ටික්ටොක් භාවිතය තහනම් කළ අතර පසුගිය සඳුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සඳහා දින 30ක කාලයක් ලබාදී තිබේ. මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට…
හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය. “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හා පැටවීම ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳ අවධානමක් ඇති වෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මගීන් පැටවීමට හෝ මගීන් බැස්සවීමට වාහන නැවැත්වීම සපුරා තහනම්. මේ මාර්ගයේ ගමන්කරන මගීන් ප්‍රවාහනය කරන සියලූම බස්රථ මාර්තු මස 1 වනදා සිට…
හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවය. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබේ. එම වැඩවර්ජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයින් ද එක්වීම විශේෂත්වයකි. වැඩවර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට නොහැකි වීම තුළින් මහජනතාවට ඇතිවන දුෂ්කරතාවලට ආණ්ඩුව වගකීම භාරගත…
කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටිය බවය. එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා., “තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගතකරන්න සිද්දවුණා, කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුණා. තවත් කිහිපදෙනෙක් ඉන්නවා. එතැනින් දෙන්නෙක්ට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුවෙලා තිබුණා. දැන් වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්.”
පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රටට සහයෝගය සහ ආධාර ලබාදෙන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සියොල් නුවරදී පැවති ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින්ගේ සමුළුව අමතමින් පැවසීය. පවතින අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස තමන් රටේ අසරණ සහ දුගීභාවයට පත් ජනතාව වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගීතාව හා සහෝදරත්වය අපේක්ෂා කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. රටක් සාර්ථකව ඉදිරියට යාමට නම් අරමුණට අවංක වූ ආණ්ඩු පක්ෂයක්ද, පටු දේශපාලනික අරමුණු වලින් ඔබ්බට සිතන ප්‍රගතීශීලී විපක්ෂයක්ද තිබීම වැදගත් බවත්, එසේ නොවන විට එහි විපාක විඳින්නේ ජනතාව මිස දේශපාලනඥයින්…
තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. තමාට වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම උවමනාවක් තිබුණෙ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වෙලාවේ තව කීපදෙනෙක් අරන් එන්න උවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා යැයි තමාට පැවසූ බව ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනකදී පැවසූ බව කී හරින් ප්‍රනාන්දු මහතා සමහර මිනිස්සුන්ගේ උන්මාදය වැඩි වී ඇඳුනුත් මසා තිබෙන බව කීය. බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක්…
ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් පවසයි. මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට නියමිත බව ඔවුන් පැවසීය. ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවය. එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමිවෙයි.
ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. කෙසේවෙතත් එම කාලසීමාව තුල කිසිදු ඩෙංගු මරණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි නොමැති බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවා. අදාළ ප්‍රදේශයන් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ජාතික ඉන්ධන බලපත්‍රය ට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවය. දත්ත විශ්ලේෂණය කර ක්‍රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ගන්නා බව ඔහු පැවසීය.
