Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුව, දේශපාලන කුමන්ත්‍රණ හරහා රටේ අපක්ෂපාතී අධිකරණය ලබා දුන් තීන්දුවලට සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ කාර්යයට බාධා පමුණුවමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. බොරැල්ල කුප්පියාවත්ත ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ පොකුරු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය. රටේ ජනතාව ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක් වුවත් මේ වන විට එම ක්‍රමයේ වෙනස නොමැතිව රාජපක්ෂලා ආරක්ෂා කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ අර්බුද වලට විසදුම් ලබා දෙනවා වෙනුවට මැතිවරණ කොමිසමට, රටේ උත්තරීතර…
පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඊයේ (20) එක්ව සිටියහ. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්විණ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය, රට පත්ව ඇති අසීරුතාවය, ආණ්ඩුවේ මර්ධනකාරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය. මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් යබාකීර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජාත්‍යන්තරය කුමක් කීවත් කුමක් සිදුකළත් ශ්‍රී ලාංකික මහජනතාව ශ්‍රී ලංකාවත් සමඟ සිටගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටගෙන සිටින්නේ ලෝකයත් සමඟ නොවෙියැයිද එතුමා සෑම වෙලාවකම සිටගත්තේ ශ්‍රී ලංකාවත් සමඟ බව කී අබෙිවර්ධන මහතා එමෙන්ම විපක්ෂයත් සිට ගත යුත්තේ ලෝකයත් සමඟ නොව ශ්‍රී ලංකාවත් සමඟ යැයි වජිර අබෙිවර්ධන මහතා කීය. ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් ඉතාමත් නරක තැනක තිබූ රට ඉතාමත් කෙටි කාලයකදී නැවතත් හොඳ තත්ත්වයකට පත්කර ගැනීමට හැකිවූයේ රට ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිසා බව ද අබේවර්ධන මහතා පැවසීය. පිටකෝට්ටෙි ජාතික සේවක සංගම් ශාලාවේ පැවැති එජාප කොට්ඨාශ…
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අමෙරිකානු සහ දකුණු කොරියානු හමුදා, ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග්අන් සිය හමුදා ප්‍රධානීන්ට නියෝගකර ඇත්තේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙසය. අමෙරිකාව සිය න්‍යෂ්ටික සම්පත් යොදාගෙන හමුදා අභ්‍යාස පවත්වන බවට චෝදනා කරමින් උතුරු කොරියානු නායකයා සිය හමුදා අංශවලට දන්වා තිබුණේ න්‍යෂ්ටික අභ්‍යාසයකට සමාන යුද අභ්‍යාස කරන ලෙසට ය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. මේ සම්බන්දයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවය. මේ අතර ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50%…
ගුවන්තොටුපොළ පොලිසියෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැණුන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ. අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරු නවාතැන් ගෙන සිටි බව කියන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට විමර්ශන නිලධාරින් (19) ඔහු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. එම නිවස විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් බවට විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය බූරු මුණා කුරුණෑගල සිට තිරප්පනේ නිවස දක්වා ආරක්ෂිතව රැගෙන යාම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් නීතිඥවරයෙකුට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවද හෙළි වී ඇති තවත් කරුණකි. බූරු මූණාට මෙම…
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රීරංගා මහතාව යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඒ මහතා වව්නියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර ඇත. රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඊයේ (20) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබේ. සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහතින්. “ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍යට අනාවරණය කලේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් අද උදෑසන 08.00ට පැවැත්වීමට නියමිතය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබේ. ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද…
