Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කාංසාව නමැති රෝග තත්ත්වය සුව කිරීම සඳහා රෝගියාට වෙනත් අයකුගේ කිහිලිවල පවතින දහදිය ආඝ්‍රාණය කිරීමට සැලැස්වීම සාර්ථක ප්‍රතිකාරයක් බව ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. මෙහිදී ස්වෙච්ජා සේවකයන්ගෙන් ලබා ගත් කිහිලිවලින් මතු වූ දහදිය කාංසාව රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට ආඝ්‍රාණය කිරීමට සලස්වා ඇති අතර එසේ කිරීමෙන් එම රෝගීන්ගේ රෝග තත්ත්වය යහපත් අතට හැරී ඇති බව පර්යේෂකයෝ පවසති. මෙහිදී කාංසාව සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දහදිය එකතු කර සැපයූ අයට සතුටුදායක හැඟීම් හෝ බියජනක හැඟීම් පහළ වන චිත්‍රපටයක් නරඹන විට එකතු කරගත් දහදිය සපයන ලෙස පර්යේෂකයන් කළ දැනුම් දීමට අනුව එම දහදිය සපයා දී…
නව ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කේ.බී.කේ හිරිඹුරේගම මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු ඔහු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව සාරා ජෙස්මින්ගේ මරණය කිසිසේත් පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ යෝජිත ප්‍රතිසංස්කරණ පනතට තමන්ද විරුද්ධ බවයි.
පිලිපීනය සහ ඇමරිකාව අතර නව ගිවිසුම කලාපීය සාමයට බලපෑම් කරමින් එය අනතුරේ හෙළන බවට චීනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එමඟින් කලාපයේ යුද ආතතිය වැඩිවනු ඇති බවයි චීනය ප්‍රකාශ කර ඇත්තේ. එක්සත් ජනපද හමුදා සමඟ අමතර කඳවුරු 4ක් භාවිත කිරීමට අදාළව ගිවිසුම්ගත වන බව පිලිපීනය ඊයේ (04) ප්‍රකාශ කළා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (05) ආරම්භ වෙනවා. මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ (University Oval, Dunedin) ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව කාසියේ වාසියේ ජය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක Tom Latham තීරණය කළේ පළමුව පන්දු යැවීමයි.
අද(05) දිනයේ දී ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ද උදේ කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත. එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ. මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ. ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත. මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එසේම විශේෂ…
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාක්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය. රුපියල් 5,280 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක් බවත් රුපියල් 2,112 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 516 කින් අඩු කිරීමත් සමඟ නව මිල රුපියල් 1,596 ක් බවට පත්වූ බවත් එම සමාගම කියයි.
දින 40කට වැඩි කාලයක් අතරමග නතර කර තිබූ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ (03) පැවැති සාකච්ඡාවෙන් පසුවය. එහිදි අදහස් දැක්වූ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේ දෛනික දීමනාවක් ලෙස ගෙවීම් සිදුකිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවය. “මේ වෙනකොට ඇමතිතුමා එකඟතාවය පළ කරන්නනට යෙදුණා කිලෝ මීටර් 80ට අඩු දුර ප්‍රමාණය සහිත අයට රුපියල් 2,000ක දීමනාවකුත්. කිලෝ මීටර් 80ට වැඩි අයට රුපියල් 2,900ක දිමනාවකුත් ලබා දෙන්න එකඟ වුණා. දෛනික දීනාවක් විදියට. ඒ නිසා අපි තීරණය කළා…
කොළඹ – කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (04) දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානයේ විරෝධතාවයේ නිරතවන පිරිසට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇතුළු වීම තහනම් කරමිනුයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ. කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ත්‍රස්ත පනත, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි ඒකාබද්ධ වෘත්තීය එකමුතුව මෙම විරෝධතාව සැලසුම් කර ඇත්තේ.
