Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වතුකරයේ ජනතාව විසින් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබෙනවා. එම වෘත්තීය සමිතිය නම් කර ඇත්තේ , “කඳුරට ජනතා බලය” ලෙසින්. එහි සමාරම්භක අවස්ථාව ඊයේ (05) දින හැටන් ප්‍රදේශයේ දී සිදු කෙරුණා. වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම නව වෘත්තීය සමිතිය පිහිටුවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදුන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර පවතින දේශපාලන නායකත්වයෙන් මිදී, අලුත් දේශපාලන නායකත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් විය යුතු බව, විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව පවසනවා. ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.
වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය 21 හැවිරිදි තරුණියකගේ අතක් සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම තරුණියගේ අත වෙන් වී තිබුණා. කෑගල්ල දීවෙල එරබුදුපිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර, ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණියකගේ වම් අත වැලමිටට මදක් ඉහළින් වෙන් වී ගොස් තිබුණා. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 21 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක්. අතේ වෙන් වූ කොටස අයිස් යෙදූ කවරයක බහා, එයත් රැගෙන තරුණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට ඇගේ ඥාතීන් කඩිනමින් පියවර ගෙන තිබුුණා. යුහුසුළුව ක්‍රියාත්මක වූ…
අද (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර අදාල පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. තව ද අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුව ම ඉහලින් සූර්යයා පවතින බැවින් අද (06) දිනයේ දී දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල,…
වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමක නියැලුනු පුද්ගලයෙක් ඊයේ (05) පස්වරුවේ බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහල අසල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල පොලීසියට ලැබුණු ඔත්තුවක් මත කරන ලද වැටලීමකින්. අදාල තැනැත්තා විසින් පුද්ගලයෙකු ඔස්ට්‍රෙලියාවට යවන බව පවසා ඔහුගෙන් රුපියල් 70,000ක මුදලක් වංචා කර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වන යක්විල, පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස තරුණියක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි රසාංජලී නමැති 22 හැවිරිදි වියේ පසුවූ තරුණියකි. ඇය සිය පෙම්වතා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබේ. ඔවුන් දෙදෙනා තවත් කෙටි කලකින් විවාහ ගිවිස ගැනීමට සිට ඇත. ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ මෙලෙස වරකාපොල උඩුවක ඇල්ල නැරඹීමට ගොස් ඇත. අනතුරුව යළි නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදී සිය ස්කූටර් වර්ගයේ යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා ඇත්තේ කජු මිලදීගැනීම සඳහාය. මියගොස් ඇති තරුණිය යතුරුපැදිය අසළ සිටියදී පෙම්වතා කජු වෙළෙඳසැලක් වෙත ගොස් ඇත. ඒ ක්ෂණයකින් අධික වේගයෙන්…
බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ සියයට 25ක පමණ වන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය. ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
මේ වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්ථමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බවය. එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය සිල්වා ලකුණු 37ක් රැස්කළේය. පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ ලකුණු 26කට කඩුලු 5යි. ලකුණු 142ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 4ක් අවසානයේදී එක් කඩුලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Tim Seifert…
යාපනයේ ජනප්‍රිය පිරිමි පාසලක ගුරුවරයෙකු විසින් එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුවෙකුට අමානුෂීය අන්දමට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. ගුරුවරයාගේ පහර කෑමට ලක් වූ සිසුවා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම ශිෂ්‍යයාගේ දෙමව්පියන් විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ. යාපනයේ මානව හිමිකම් නිලධාරීන් අදාල විදුහලේ විදුහල්පතිවරයා හමු වී ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර ඔහුද එම ක්‍රියාව වරදක් ලෙස දැක ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ. ගුරුවරයාගේ පහර කෑමට ලක් වූ සිසුවාට තුවාල සිදුව ඇති අතර අස්ථි බිඳීමකටද ලක්ව සිටින බව යාපනය…
