Author: LANKA24X7

ලොව විශාලතම රතු මැණික ජූනි මස 08 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී වෙන්දේසියේ විකිණීමට නියමිතව තිබෙනවා. “එස්ටේ‍රලා ඩි ෆුරා” ලෙස නම් කර ඇති මෙම රතු මැණිකේ බර කැරට් 55.22ක්. සෝතිබීස් මැග්නිෆිෂන්ට් ජුවෙල්ස් නම් ආයතනය මගින් මෙම වෙන්දේසිය සිදුකරන අතර ඒ සදහා ඉදිරිපත් කර ඇති මූලික මිල ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ලෙසයි වාර්තා වෙන්නේ. එය එම මිලට අළෙවි වුවහොත් ලොව වැඩිම මිලක් නියම වු රතු මැණික ලෙස ද ඉතිහාසයට එක්වනු ඇති. පසුගිය වසරේ ජූලි මාසයේ දී මෙම රතු මැණික සොයා ගනු ලැබුවේ මියන්මාරයෙන් වන අතර පසුව එය මූලික අලෙවි කිරීම්වලින් පසු කපා ඔප දමා මෙලෙස වෙන්දේසිය සදහා ඉදරිපත් කර ඇති බව සදහන්.

Read More

අද(07) දින‍යේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර එම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බැවින් අද දින (07) දහවල් 12:13 ට කොරලවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙණිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර සහ වරදෙනියාව යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගිගුරුම් සහිත…

Read More

තනිවම රජයට එකතුවීමට තමන්ගේ කිසිම අදහසක් නොමැති බවත් කුමන පුද්ගලයෙක් හෝ ජනතාව අසරණභාවයේ මුදවයිනම් එය විශාල දෙයක් බවත් පාර්ලමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියයි. “කාටවත් ආණ්ඩුවට යාමේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මම පැහැදිලිවම කියනවා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය අතර බෙදීම සිදුවුණේ ප්‍රතිපත්ති නිසා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන තීන්දු මත. නමුත් අපි දෙගොල්ලන්ගේම එක ප්‍රතිපත්ති. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. ගියානේ. එතකොට අපි දිගින් දිගටම පක්ෂයක් ලෙස කිව්වේ අයි.එම්.එෆ්. යන්න කියලා. කවුරුහරි මේක ගොඩදානවානම් කවුරුහරි මේ ජනතාව අසරණභාවයෙන් මුදවනවානම් ඒක විශාල දෙයක්.එක කොයිපැත්තෙන් කවුරුකරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එකතුවෙන එකක් නෙමෙයි මෙතන තියන්නේ සහයෝගය දීම හා විරෝධය දැක්වීමයි. සමහර කොටස්…

Read More

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී.වී.උපුල් මහතා පත් කර ඇත. ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ. නව සභාපතිවරයා හිටපු ධීවර අමාත්‍ය සහ වත්මන් ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ පියා වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය අද(6) නියෝග කළේය. තිස් දෙහැවිරිදි ධනුෂ්ක ගුණතිලක අද(06) සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතිඥවරිය වන සාරා බ්ලැක්, ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කරන ලෙස ඉල්ලමින් අයැදුම්පතක් ගොනු කළ අතර එම ඉල්ලීමට ඉඩ දෙමින් මහෙස්ත්‍රාත් ඉයන් ගයි විසින් මුහුණු පොත සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කිරීම තහනම් කරමින් පනවා තිබූ ඇප කොන්දේසි ඉවත් කිරීමට නියෝග කරන ලදි. ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස සාරා බ්ලැක් නීතිඥවරිය කළ ඉල්ලීමට සිඩ්නි පොලිසිය විරෝධතාවයක් පළ කර නොතිබිණ. නමුත් තවමත් අනෙක් ඇප කොන්දේසි ඒ…

Read More

ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බවය. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇත. අදාළ හමුවේදී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කර තිබේ.

Read More

වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයට කටයුතු කිරිමට වත්මන් රජය සූදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, නිසි වැඩපිළිවෙළක් යටතේ රට සංවර්ධනය වෙත යන මොහොතේ එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවය. “මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි ජන ජීවිතය අඬාල කරන්න කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. සාධාරණ උද්ඝෝෂණවලට වැඩවර්ජනවලට අපේ කිසිම පීඩාවක්, කරදරයක්, බාධාවක් නෑ. ඒවට අපි ඉඩදෙනවා. නමුත් ජනතාව පීඩාවට පත්කරන කිසිම දෙයක් කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. අපි එක එක්කෙනා කියපු විදියට වැඩ කරා මෙච්චර දවසක්. වෘත්තීය සමිතිවලට ඕන විදියට වැඩ කරා.…

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, සියලුම දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.

Read More

නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව සංවිධාන කරන විද්‍යා හා තාක්ෂණ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට අයත් ආයතන තුළ ප්‍රධානීන් ලෙස පත් කර සිටින සියලු දෙනා එම විෂය ප්‍රවීණයන් බවයි. එමෙන්ම එම පිරිස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ප්‍රවේශ කරගැනීම හරහා එම ක්ෂේත්‍රයන්හි වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශගුණ විපර්යාස කෙරෙහි මෙන්ම පිරිසිදු බලශක්ති ප්‍රභවයන් හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විද්වතුන්ගේ අවධානය මෙවර යොමු වී තිබීම කාලෝචිත බවයි. මීට අමතරව සුළං, හිරු…

Read More

පහත දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබාදෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපන ශාලා පරීක්ෂා කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම සියලු පාරිභෝගිකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා වගකිව යුතු අදාළ පාර්ශව එම මොහොතේම දැනුවත් කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්ටුවක, ෆයිඩ් රයිස් සහ කොත්තුවක මිල සියයට 20 කින් අඩුකිරීමටයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කළේ. ප්ලේන් ටී එකක මිල රුපියල් 30 ක් දක්වා අඩුකෙරුණද කිරි…

Read More