Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි. එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්…
ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ අද (21) උදෑසන පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මත්පැන් ජාවාරම් සිදුකෙරෙන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් නිවසක් වටලා මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේ දී සිදුවු වෙඩිතැබීමකින් අදාළ තරුණයා තුවාල ලබා ඇති බවය. අදාළ තරුණයාගේ නිවසේ සිටි සුනඛයා ද වෙඩිවැදී මරණයට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කරගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුනි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් එම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම්කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින්…
රෝස මල් වගාව සඳහා මේ දිනවල විශාල ඉල්ලුමක් පවතින බව මල් වගාකරුවන් පවසනවා. වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද , දියතලාව , බණ්ඩාරවෙල සහ නුවරඑළිය ප්‍රදේශයන්හි රෝස මල් වගා කරනු ලබනවා. කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය වසරවල දී මල් වගාකරුවන් දැඩි අර්බුදයකට මුහුණදී සිටියා. කෙසේ වෙතත්, වගාකරුවන් කියා සිටියේ රෝසමල් වගාව සදහා භාවිත කරන රසායනික පොහොර සහ අනෙකුත් යෙදවුම් වල මිල පහළ යන්නේ නම් තමන්ගේ ආර්ථික තත්ත්වයට එය යහපත් ලෙස බලපානු ඇති බවයි.
වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදියි. එමෙන්ම වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් එම කාන්තාව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. තවත් නිලධාරීන් තුන්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ. එමෙන්ම වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන්නේ ද නැතහොත් ස්ථාන මාරු සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා වන නිර්දේශ ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් පවත්වා තිබෙනවා. රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇරඹීමෙන් පසු ඉන්දීය අගමැතිවරයා, යුක්රේන ජනාධිපතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජපානයේ හිරෝෂිමාහිදී පැවැත්වෙන ජී හත සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ රුසියානු යුක්රේන අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡාවෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකව බවයි. ඕනෑම සාම ප්‍රයත්නයක් සඳහා ඉන්දියාව සූදානම් බවද අගමැති මෝදි එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් යන අයව තේරී පත්ව ඇති බව එම බලමණ්ඩලය ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එම බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ විසින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති බවයි.
ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉවත් කර තිබෙනවා. ජපාන මාධ්‍ය වාර්තා කළේ, ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල පූර්ණ සැසිවාරයක් අමතමින් මිසුහෝ උමේයිමුරා නම් මන්ත්‍රීවරිය 2021දී නගෝයා ආගමන කාර්යාංශ ගොඩනැගිල්ලකදී සඳමාලි මියගිය ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි. 2017දී ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන විශ්මා සඳමාලි වීසා නීති උල්ලංඝනය කිරීම යටතේ 2020දී අත්අඩංගුවට ගෙන තිබුනා. ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ මාස ගණනාවක් රඳවා සිටින ඇය 2020 මාර්තු 06 වනදා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුනා. එම සිද්ධියත් සමග සංක්‍රමණික නීති සංශෝධනය විය…
මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනෙකු, පාසල් සිසුවෙකු ඇතුළු 06 දෙනකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර තරුණියක සහ තරුණයන් දෙදෙනකු ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ. පානදුරේ සංචාරක හෝටලයක් අසළ පිරිසක් මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව පොලිසිය එහි යන විට ඔවුන් මෝටර් රථයකින් පිටව යාමට උත්සාහ ගෙන තිබෙනවා. එහිදී රථය පැදවීමට සූදානම් වූ තරුණයා බීමත්ව සිටි බැවින් ඔවුන් සියලු දෙනාම පොලිසියට රැගෙන ආ බවත්, බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනා සහ පාසල් සිසුවා තම අනන්‍යතාව තහවුරු කිරීමට…
බස්නාහිර පළාතේ අද(21) දිනය පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙනවා. එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙසම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බවයි සඳහන්. තවද සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා. උතුරු සහ උතුරුමැද පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි…
