Author: LANKA24X7

දික්වැල්ල නිල්වැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටිය දි දියවැලකට හසුවීමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර යටියන ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු ඊයේ පස්වරුවේදී දික්වැල්ල නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය දිය නාමින් සිට තිබේ, එම අවස්ථාවේදී දිය වැලකට හසුවීමෙන් ඔවුන් තිදෙනා ගසාගෙන ගොස් තිබූ අතර එහිදි ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කොට තිබූ නමුත් එහිදි එක් අයකු මිය ගොස් තිබු බව සදහන් බේරාගත් අනිත් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හේවා තමදුරගේ නිපුණ තාරක ලක්මාල් නැමති වයස 32 වන අයකු බව…

Read More

පාසලේ පිහිනුම් තටාකයට වැටී තිබූ බෝලය ගන්න පිහිනුම් තටාකයට පැන්න පාසල් සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බතීගම රෝහල් ආරංචි මාර්ග පවසයි. ‍විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී බෝලය අසල තිබූ පිහිනුම් තටාකයට වැටී තිබෙි එම බෝලය ගැනීමට පිහිනුම් තටාකයට පනින ලද සිසුවා දියේ ගිලීම හේතුවෙන් බතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුර (5 ) දින පස්වරු 6:30 පමන සිදුව ඇති බව සදහන් වන අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස 17 පමන වන සේජාන් විස්මිත සචින්ත දේශප්‍රිය ඉල්ලන්නාථ නැමති දික්වැල්ල දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකු…

Read More

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමකි. උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් ම විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගෙන ඇති ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු,උතුරු – මැද නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.‍ෙ බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර,පුත්තලම,යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

Read More

හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි. ඝාතනය වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ රන්න කැලණිගම පදිංචිව සිටි අයෙකු හා කුඩා වැල්ලේ පදිංචිව සිටි කාන්තාවකි. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මොවුන් දෙදෙනා ඝාතනය කොට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.

Read More

මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී මිලිගෑම් 150 ප්‍රමාණයේ මත් කරල් 5 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාට ඊයේ (6) සවස හයේ සිට පසු දින උදෑසන හය දක්වා පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි. සැකකරු එම රාජකාරියට වාර්තා නොකර අවසර නොලබා ස්ථානයෙන් බැහැරව ගොස් සිට නැවතත් පොලිස් ස්ථාන වෙත පැමිණීමේ දී පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අබියස දී රාත්‍රී 11 ට පමණ පරික්ෂා කිරීමේදී සැකකරු සතුව මෙම මත්කරල් තිබී සොයාගෙන ඇත.

Read More

දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ. එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශිය නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 මැගසිනයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශ්ව අතර පවතින ගැටුම්කාරි තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මීට පෙරද මෙම කණ්ඩායම් අතර ඝාතන කිහිපයක්ම සිදු ව තිබේ.

Read More

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලු දෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ. ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය…

Read More

මාදම්පිටිය කුණු කන්දේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හමුවී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. එම ගිනි ගිනි අවිය මලකඩ පැහැයෙන් යුක්ත බව පොලිසිය සඳහන් කරයි. කැලණිය පොලිසි විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට එම ස්ථානයෙන් යමින් සිටි පුද්ගලයකු මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරකට අනුව ගිනි අවිය සොයාගෙන ඇත. එම ගිනි අවිය කිසියම් පුද්ගලයකුයි එම ස්ථානයට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ. ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එමෙන්ම පස්සර කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යාමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් ඉවත් කර ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය පියවර ගෙන තිබේ. මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…

Read More