Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. වර්ජනය අත්හිටුවා සාකච්ඡාවට එන්නැයි තැපැල්පතිවරයා ප්‍රමුක බලධාරින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය. තැපැල් වර්ජනය හේතුවෙන් අද (21) දිනයේත් ලිපි හා පාර්සල් ප්‍රවාහනය ඇතුලු සියලු තැපැල් කටයුතු අඩපන විය. සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් පසුගියදා (17) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ සියලුම සේවාවලින් ඉවත් වී අඛණ්ඩ වර්ජණයකට අවතීර්ණ වූහ. තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ඇතුලු තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් තවදුරටත් ගොඩ ගැසී ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙයට…
සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය. එම ගොඩනැගිල්ල දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගත් ගොඩනැගිල්ලක් බවට අනාවරණයවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ භාරයට ගත්තේය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිය, ඔහුගේ සහෝදරියට සහ පුත්‍රයාට එරෙහිව නීති විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් නඩු පවරා තිබුණි. මත්ද්‍රව්‍ය හා පාතාල සාමාජිකයන් විසින් නීති විරෝධීව උපයාගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන විමර්ශනවලට මෙම ගොඩනැගිල්ල ක්‍රියා…
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කියයි.
සූරියවැව පොලිස් වැවේගම ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට තැත්කල සැකකරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය කියයි . ජීවිතක්ෂයට පත් පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකල මිනිස් ඝාතනයක ප්‍රධාන සැකකරු බවට සැකකරන බව පොලිසිය පවසයි . වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු සූරියවැව රෝහලට රැගෙන එමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ .වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බලකායේ සෙබෙළෙකුටද තුවාල සිදුවී තිබේ . සැකකරුවන් ළග තිබී ජීව අත් බෝම්බයක් සොයාගත් බවද පොලිසිය පවසයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ 9ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය. වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (21) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.
අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය. නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නැතැයි හේෂා විතානගේ මහතා නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. නඩුවේ සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇති බව මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දී තිබිණී.2ෙ 019 වසරේ නොවැම්බර් පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.ෙ…
වැඩි කළ අතිකාල සහ ඇගිලි සලකුණ පිළිගෙන පැමිණියහොත් තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුවට අතිකාල දීමනා ලොකුවටම වැඩිකර තිබියදී තවත් සතයක්වත් වැඩි කළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා දෙපාර්තමේන්තුව උපයන මුදලින් සියයට 70 ක් වැය කරන්නේ වැටුප් වලට සහ අතිකාල වලට බවද ප්‍රකාශ කළේය. මෙය දේශපාලන වුවමනාව වෙනුවෙන් සිදුවන වැඩවර්ජනයක් බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් උදුමා ලෙබ්බේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් තුමන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරිණි. මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනී පෙරේරා ශ්‍රී ලංකා කතෝලික සම්මේලනයේ සභාපති රදගුරුතුමන් සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්ව සිටියහ.
ප්‍රදේශ දෙකකදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇති බවට පොලීසිය පවසයි. නාඋල පොලිස් වසමේ බෝවතැන්න ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 27ක වනමැදගම, බිබිල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. නාඋල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඊයේ (20) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවයි. තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙලෙස බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටියදී අදාළ තරුණයා අනතුරට පත්ව ඇති බවට නාඋල පොලීසිය සඳහන් කරයි. මේ අතර, ඊයේ (20) අහංගම පොලිස් වසමේ අහංගම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන් වී තිබේ. එසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 24ක වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.…
