Author: LANKA24X7

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීසා අවන් හලක සේවකයෙකුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා. අදාළ පහර දීම සිදුව ඇත්තේ වන් ගෝල් ෆේස්හි 6 වන මහලේ බවයි වාර්තා වී ඇත්තේ. මෙහි ප්‍රධාන සූපවේදියා වැඩ නිම වී නිවසට යැමට පෙර තම හෙල්මටය එහි වූ මේසයක තබා තිබෙන අතර ඒ අවස්ථාවේ එතනට පැමිණි සුරාබදු නිලධාරීන් විසින් එම හෙල්මටය රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ ආයතනයේ ප්‍රධාන සූපවේදියා හා කළමනාකරු සමඟ සුරාබදු නිලධාරීන් විසින් බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී සුරාබදු නිලධාරීන් විසින් ප්‍රධාන සූපවේදියාට හා ආයතනයේ කළමනාකරු පහර දී තිබෙනවා. පසුව…

Read More

අද දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු වන ලෙසත් එම…

Read More

මහනුවර – ගලහ ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගෑස් කාන්දුවක් නිසා ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන…

Read More

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි. යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පැවසුවේය. ඊට පෙරදිනයේදී ද රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන භටයින් 250 දෙනෙකු පමණ ඝාතනය කළ බව රුසියාව ප්‍රකාශ කර තිබුණි. යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඇනා මාලියා පැවසුවේ, බක්මුත් නරගයේ නැගෙනහිර ප්‍රදේශයේ යුක්‍රේන ප්‍රහාර ආරම්භ කර ඇති බ‍වය. කෙසේවුව ද කාලයක් තිස්සේ යුක්‍රේනය විසින් ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය මේ දක්වා ආරම්භ කළේ ද…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ. ඊයේ (05) පස්වරුවේ පැවති එම මධ්‍යම කාරක සභාවේදී රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. “රජයට එකතු වී සිටන මන්ත්‍රීවරුන් 9 දෙනෙක් සිටිනවා අපේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ නිසා රජයට එකතු වී සිටින අය සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත්තා මොන විදියට ද අපි කටයුතු කළ යුත්තේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි බොහෝම කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යනවා. මේ කාල සීමාව තුළ අපි දකින්දේ මේ යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂ්‍ය ශ්‍රී ලංකා…

Read More

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබේ. රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය. රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය. මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබේ. මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පැවසීය.

Read More

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා. ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුවා. Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ. මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි. කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි. මේ පහසුකම දැනටමත්…

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16%කින් අඩු කරන බවයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා. දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ, පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන පිරිස මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් වූ බවයි වාර්තා වන්නේ.

Read More