Author: LANKA24X7

මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට මේ බව දැනුම් දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2023 මාර්තු මස 7 වන දින මැතිවරණ කොමිසම විසින්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් 2023 මාර්තු මස 14 වන දින සිට කොටස් වශයෙන් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවය. එසේ වුවද 2023 පෙබරවාරි 13 වනදා එළඹුණු කැබිනට් තීරණයක් අනුව අවශ්‍ය මුදල් නිකුත් කළ නොහැකි බවත්, මුදල් නිකුත්…

Read More

කොටහේන පරමානන්ද මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථ කාර්මිකයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවයන් එළඹෙන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව හිමිවන බවය. “අපත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරගත් එකඟතාවයන් ප්‍රසිද්ධ කළ වහාම ඔවුන්ගේ වෙබ් අඩවිවල.. අපි දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා අපේ රට පැත්තෙන්. අපිට සැඟවීමට කිසිදු රහසක් නැහැ. ජාතියත් එක්කම මේ ගැන කතා කළ යුතුයි. IMF එක ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපති මුදල් අමාත්‍යවරයා ලෙස…

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය ඊයේ (17) නිවේදනය කළේය. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බව එම වාර්තාවල සඳහන්ය. කෙසේවෙතත් ගුරු මාරු මණ්ඩලයේ සාමාජික පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ නව පාසල් වාරය ආරම්භයෙන් පසු ලබන 28 වනදා වනවිට සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවය. “මේක අසත්‍ය ප්‍රකාශයක්. මේ වසර 5 ඇතුළත මේ ස්ථාන මාරු කිරීම් නිසා කිසිම පාසලක දරුවන්ගේ අධ්‍යාපනය පහළ වැටීමක් සිදුවෙලා නැහැ. සුපිරි පන්තියේ විදුහල්පතිවරු කිහිපදෙනෙක්… 21 දෙනෙක් මේ මාරුවලට විරුද්ධව ඉන්නවා. පරිපාලනය…

Read More

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය. ඡන්ද ප්‍රතිකා මුද්‍රණය සඳහා මේ වනවිට රුපියල් කෝටි 20ක මුදලක් වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය. මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන්…

Read More

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී එදින පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මේ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහභාගි වන බව වාර්තා වේ.

Read More

අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී ඊයේ (17) රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබේ. මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයාගත් බව පොලීසිය පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී මංගල ප්‍රේමවර්ධන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප්‍රතිකාර ලබයි. බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන තිබූ බව පොලීසිය කීය. සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. අඟුරුවාතොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත වෙළෙඳසැල්වලින් ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළ බවය. රෝගය වැළඳුණු කාන්තාවක් රත්නපුර මහ රෝහලේදී පසුගියදා මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුවිය. උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර ආහාර සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබුණි. වෛද්‍ය…

Read More

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බවය. මේ අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ මේ මස 31වන දිනෙන් අවසන් වන බැවින් නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශය අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 37ක් අතරින් ලක්ෂ 11කගේ පමණ තොරතුරු තහවුරු කර අවසන් බවය. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම්…

Read More