Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (22) රාත්‍රී පැවසීය. හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී 10.45 ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බව ද එම නිලධාරියා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවද නැද්ද තීරණය කරන නොමැති බවත් එම තීරණය වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බවත් එම නිලධාරියා කීය.
රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ මුදල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 8 ගෑම් 168 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 , මත් ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැකකරණ රුපියල් 823,000.00 , විද්‍යුත්තරාදි තුනක් වෑන් රථයක් මෝටර් රථයක් තීරෝද රථයක්, වහන අංක තහඩු කීපයක් හා යතුරුපැදී දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත නිවසක් ලබාගෙන විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනු දැනුම මත මෙම ජාවාරම සිදු කරන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග තිබෙනවා. ඒ ඔහුව අද (22) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වන අතර, එහිදී හිටපු ජනපතිවරයා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. 2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණි අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගැනුනා. මෙරට ඉතිහාසයේ පළමු…
මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “මානව හිමිකම් රැකීම ජාතික ජන බලවේග රජයේ මූලික අරමුණක්.කිසිම භේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කර දීම ජාතික ජන බලවේග රජයේ අරමුණයි.හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් අප පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.බංකොලත් වූ රටක ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමේ දී ආර්ථිකය සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර හිතා බලන්නට වෙනවා.මේ රටේ ජනතාවට යහපත් පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීමද මානව හිමිකම් වල එක් අංශයක් බව කිව යුතුයි යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය ලබා දීමට අද පෙරවරු නවයට පමණ පැමිණියේය. පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට පත්විය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය. වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර…
සංවිධානාත්මක අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සැප්තැම්බර් මුල විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කීය. “අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය හා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාවලිය පසුගිය කාලයේ දුර්වල කර තිබුණා. එමෙන්ම ආබාධ සහිත වුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නීතියද අප ලබන වසරේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ ප්‍රධාන කාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවේ කටයුතු මේ මස අග අවසන් කරන බවද අමාත්‍යවරයා පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ දැනට භාවිතා වන බව පැවසූ අමාත්‍යවරයා එය භාවිතා වන්නේ ජාතිවාදී ආගමික කොටස් ඉලක්ක කර නොවන බවද සඳහන් කළේය . එය දැනට භාවිතා වන්නේ පාතාලය මර්දනය කිරීමට බවද හෙතෙම පැවසීය.
හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදී තිබේ. ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “ආර්ථිකයේ කොයිතරම් දුරට ශක්තිමත්ව ගලා ගෙන යනවාද යන්න පෙන්නුම් කරන ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුනාගත හැකියි. ඉදිකිරීම් ශක්තිමත් නම් ආර්ථිකය ශක්තිමත් බව හඳුනාගත හැකියි.නව රජය බලයට පත්වන විට ආර්ථිකය ස්ථායී කිරීමේ අභියෝගය පවතින බව අප දැනගත්තා. රුපියල ස්ථාවර කිරීම මෙන්ම පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන එන්නට අපට හැකි වී තිබෙනවා.ඒ වගේම නාස්තිය දූෂණය අවම කරන්න හැකි වී තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපත්ති තීන්දු කීපයක් ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.ඉදිකිරීම් සංවර්ධන පනත හෙවත් සිඩා පනත සංශෝධනය කිරීම සඳහා…
වරෙන්තු කර සිටින හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන් ඒ මහතාට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ ඊයේ (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය. විදේශීය සමාගමක් මගින් ඉල්ලුම් නොකළ ව්‍යාපෘති යෝජනාවකට අවධිමත්ව අනුමැතිය ලබා දීම සහ කැනීම් යාන්ත්‍රායක් අවධිමත්ව බදු පදනම මත ලබා දී ඇති බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර ඇති හෙයින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙලෙස දැන්වීම ඇලවීම සහ ප්‍රසිද්ධියේ ශබ්ද වාහීනී යොදා ගනිමින් දැනුම් දීම සිදු කරනු ලැබිණි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29…
