Author: LANKA24X7

උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදිත් තැනින් තැන වැසි ඇති වේ. උතුරු,උතුරු මැද නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ. පසුගිය දා සිදු වූ අවාසනාවන්ත අනතුරින් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වීම හේතුවෙන් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මෙම මුල්‍ය පරිත්‍යාගය ලබාදී ඇති බව සඳහන්වේ. මෙම කණගාටුදායක සිදුවීම මෙරට සිටින චීන මාධ්‍යවේදිනී යෑං ෂියුවාන් මහත්මිය සිය චීන භාෂා අන්තර්ජාල පුවත් වෙබි අඩවියේ වාර්තා කර ඇති අතර එම පුවත දුටු ශ්‍රී ලංකාවේ සහ චීනයේ පදිංචි චීන ප්‍රජාවේ බොහෝ දෙනා එම පුවතින් කම්පාවට පත්ව ඇත. පසුව ඇයව සම්බන්ධ කරගනිමින් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මුල්‍ය…

Read More

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගැවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිද්ධිය වාර්තා වීමත් සමඟ සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට ගොස් තිබුණි. සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්. කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ, විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන්…

Read More

පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ…

Read More

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය . ඔහු මෙසේ පැවසුවේ පැල්මඩුල්ල බෝපිටිය ප්‍රදේශයේ ජන හමුවකදීය. නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ. හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. .දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා…

Read More

වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය . දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය. වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් රැසකට බරපතල තුවාල සිදු කිරීමේඅපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. එම සැකකරු සන්තකේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 12200 ක් පොලිස් භාරයට ගෙන ඇත .2025 .09.29 වෙනිදින තලවතු ගොඩ වැලි පාර හතරවෙනි පටුමගට හැරෙන හන්දිය අසලදී අත්අඩංගුවට ගත් සැකකරු. රැදයුම් නියෝග මත රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අලුත් කඩේ අධිකරණය තුළ විත්ති කූඩුව තුළ වෙඩි පහරකින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගනේ මුල සංජීව පාර්ශවයේ දැනට ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන. දිනේෂ් වසන්ත නොහොත් නේවි වසා සහ තම්මිට සුමිත් යන අයවලුන්ගේ ගෝලයකු…

Read More

ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි . අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන , දියලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී හෙට්ටිආරච්චි දිශාන්ත නමැති 41 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය. ධීවරයින් දෙදෙනා අද උදෑසන එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි . බෝට්ටුව මුහුදේ ගිලී ඇති අතර,මෘතදේහය ගොඩගෙන තුවාලකරු රෝහල් ගතකර තිබේ.

Read More

හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් අප ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින් මෙම විමර්ශන ඉතා සංකීර්ණවී අැති බවයි. බැංකු ඇතුළු විවිධ අායතනවලින් වාර්තා රැසක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට සහ තහවුරු කර ගැනීමට යම් කාලයක් ගතවන බවද හෙතෙම ප්‍රකාශ කළේය. අයථා ලෙස වත්කම් ඉපයූ බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත්…

Read More

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. රජයේ රෝහල්වලට එම එන්නත් කටු ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් අදාල ආයතනය ප්‍රමිතියෙන් තොර එන්නත් කටු 400,000 ක් ආනයනය කිරීම හේතුවෙන් එම එන්නත් කටු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී පැවසීය. එම එන්නත් කටු හිඟය හේතුවෙන් අදාල එන්නත් කටු පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කොටදී…

Read More