Author: LANKA24X7

රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (29) පෙරවරුවේ එක් වෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල්…

Read More

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, “විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ඔවුන් මෙරට එවන විදේශ විනිමය ප්‍රමාණය අනුව විදුලි මෝටර් රථ ගෙන්වීමේ පහසුකම සැපයීමට රජය තීරණය කළා. අලුත් කැබිනට් මණ්ඩලය අලුත් විදියට හිතන කැබිනට් එකක්. කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම මේකට සහයෝගය දුන්නා. සමහර මැති ඇමතිවරු යෝජනා ඉදිරිපත් කළා මේකට හයිබ්‍රිඩ් මෝටර් රථ එකතු කරන්න සහ පෙට්‍රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්න. රජයේ යම් තීන්දුවක් තියෙනවා…

Read More

ඉන්ධන මිල පහල දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය. ඒ අනුව, දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය. එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඔහු පැවසීය. හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාමලේඛනය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර තිබුණි. තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් බවද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් සංස්ථාව සඳහන් කළේය. එම නාමලේඛනය පහතින් දැක්වේ.

Read More

කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි. විශේෂයෙන්ම අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ දැක්වෙයි. එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇතිවිය හැකිවීමත් ඵලදායිතාවය සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක ලක්ෂණ බව එහි සඳහන් වෙයි.

Read More

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

Read More

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ. එහි නව මිල රු 340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි. භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි. මේ අතර අද දිනයේ ඉන්ධන ඇනවුම්…

Read More

අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් සහාය වනු ඇති බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ. එමෙන්ම මේ වනවිට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යවරයා, ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බව ද සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත. ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇනවුම් ලබාගනිමින් අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙසය. මේ අතර “දෙරණ අරුණ” ට…

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුව තමන් වෙත ලැබී ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (28) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමාට එල්ලවී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා, “විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් අවුරුද්දක් තිස්සේ කියනවා මාව ඉවත් කිරීම සඳහා චෝදනා පත්‍රයක් එවනවා කියලා. මේ ඒ චෝදනා පත්‍රය පසුගිය සතියේ බදාදා ලැබුණා. මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අස්සනින්. මේ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට සතියක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ කාලය හෙටින් අවසන් වෙනවා.…

Read More

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ සවස්වරුවේ එම බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවය. ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට මීට පෙර තීරණය කෙරුණි. ඒ අනුව එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කරනු ඇති. මේ අතර වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙලෙස ආනයනය කරන ලද බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බවටය.

Read More