ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්රවල වලංගු කාලය වසර 02ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කරමින් පවතින බව වාර්තා විය.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු පැවසුවේ මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගත් බවය.