Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර ඇත. මේ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇප මුදල් භාරනොගන්නා ලෙස දන්වා තමන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවූ ලිපිය ආපසු කැඳවූ බවය.
ආශූ මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශනී කරදන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවය. ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඉල්ලුම්කාර කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව…
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබේ. අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතුවෙලා මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපි තීන්දුවක් අරගත්තා මීට ඉහත දිනයේ සාකච්ඡාවේදී. ඒ අනුව අපි ඒ ඒ දිස්ත්‍රික්කවල දෙපාර්ශවයේම ප්‍රධානීන් නියමුවන් ගෙනල්ලා සාකච්ඡා කරලා අලියා ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද ඒ වාගේම පොදු…
කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (09) දිනයේ දී බවය. ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගයන් සිදුකිරීමට දින 45ක පමණ කාලයක් ගතවන බව ද ජනක රත්නායක මහතා පැවසීය. “අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අදාළ පාර්ශවයන් සමග විමසමින් කිසියම් සංශෝධනයක් වියයුතු නම් එය පෙබවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන…
රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී…
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඒ අනුව එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සැකකාර සේපාල් අමරසිංහ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ. එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ප්‍රකාශ…
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව ද පැවසීය. කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ. “ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව.…
නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ. පොදු ප්‍රවේශ විභාගයෙන් සෘජුවම ඇතුළත් වන පළමු වසර ශිෂ්‍යයන් සඳහා ඇතුළත්වීමේ ගාස්තු රුපියල් 25,000ක් ඇතුළුව එම වර්ෂය සඳහා රුපියල් 67,500ක් අය කිරීමට නියමිතය. විදේශීය නීතීවේදී උපාධිය සහිතව පළමු වසරට ඇතුල් වන ශිෂ්‍යයින් සඳහා රුපියල් 75,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් සහිතව එම වසර සඳහා රුපියල් 117,500ක් ගෙවිය යුතු වේ. දෙවන වසර ශිෂ්‍යයන් සඳහා සමස්ත ගාස්තුව රුපියල් 40,500ක් ද තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල්…
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අද (10) සිට ජනවාරි මස 12 වනදා දක්වා එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. ඒ අනුව සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම් දී ඇත. එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව ද වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නිවේදනය කරයි. වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිල්ලෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන තිබේ.