Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් පරීක්ෂාකර බලා රට වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරුන් වෙනුවෙන් දැයි මෙහිදී ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මුලින්ම පළාත් සභා පළාත් පාලන ඡන්ද පවත්වා ජනවරමක් සමග මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමිනි. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය. ඔබතුමා මේ රටේ ජනවරමට ඉඩක් දෙන්න. ඔබතුමා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් හඬක් නැගුවා. විපක්ෂයේ ඉඳිද්දි නැඟූ…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙම මස 28 වනදා එංගලන්තයට යෑමට නියමිතය. එම සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරග 3කට සහ 20යි 20 තරග 3කට සහභාගී වෙයි. 20යි 20 තරග පිළිවෙලින් අගෝස්තු 31 සහ සැප්තැම්බර් 02, 06 යන දිනවල පැවැත්වෙනු ඇත. අනතුරුව එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙයි. ඒ සැප්තැම්බර් 09, 12 සහ 14 යන දිනවලදීය.
මොස්කව් අගනුවර ආසන්නයේ දී තවත් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. පසුගිය (08) රාත්‍රියේ මෙලෙස ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් මොස්කව් කලාපයට ළඟා වූ අතර, ඒ දෙකම සිය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඉන් එක් ඩ්‍රෝන යානයක් මොස්කව් නගරයේ දකුණු දෙසින් පිහිටි ‘ඩොමොඩෙඩොවෝ‘ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නට කඩා වැටී ඇති අතර, අනෙක් ඩ්‍රෝන යානය මොස්කව් සිට බෙලරූස් අගනුවර මින්ස්ක් වෙත ඇදෙන මහාමාර්ගයේ ඉහළ අහසේ දී බිම හෙළා තිබේ. පසුගිය ඉරිදා ද මොස්කව් වෙත පැමිණෙමින් තිබූ ඩ්‍රෝන යානයක් රුසියාව බිම හෙලනු ලැබීය. පසුගිය ජුලි 30 වනදා සහ අගෝස්තු 01…
ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවට පැමිණීමේ අරමුණින් ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේ දී සාකච්ඡා කරන බවය. නිදහස ජනතා සභාවේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් අතර මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්විණි
මත්ද්‍රව්‍ය විකිණීමට පැමිණි පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් සිව්දෙනකු ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දී තිබේ. හිඟුරක්ගොඩ කිරිමැටිය ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වෙයි. එහිදී විකිණීමට ගෙනා ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද පොලීසිය සිය භාරයට ගත්තේය.
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකු වකුගඩු සැත්කමකින් පසු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළේය. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ, එම දරුවාගේ ඉවත් කළ එක් වකුගඩුවක් රෝහලේ අධිශීතකණයේ තිබෙන බවට ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශය සිදුකර ඇති බවයි. එහි දී වැඩිදුටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, “ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශයක් කළා තාමත් තියෙනවා කියලා ඒ වකුගඩුව අධිශිතකරණවල දාලා තියෙනවා කිව්වා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධයෙන් තියෙන වාර්තාවල් ඉදිරිපත් කරන්නම්.”
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ සිදුවන යකඩ සොරකමට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (09) එම පැමිණිල්ල ලැබී තිබුණි. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සිමෙන්ති සංස්ථාවේ හිටපු අධ්යක්ෂ සෙනරත් පෙරේරා සහ හිටපු සභාපති ගාමිණි ඒකනායක යන මහත්වරුන් විසිනි.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය වාර්තා කර තිබේ. ඒ අනුව, ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝප් කමිටුව නිර්දේශ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි. විගණන කමිටුව වර්ජනය කළ අනධ්‍යයන විධායක නිලධාරීන්ගේ මතයට කමිටුවේ විශේෂ සවන්දීමක් මෙහි දී සිදු ව තිබේ. එසේම,විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමට නොහැකි බව…
වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 05ක පවුල් 28,945කට අයත් පුද්ගලයන් 93,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත. මීට පෙර සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුරු පළාත්වලින් පමණක් පුද්ගලයන් වාර්තා වී තිබුණ ද මේ වන විට ඌව පළාතෙන් ද පීඩාවට ලක්වූ පුද්ගලයන් වාර්තා වෙයි. මාධ්‍ය හමුවකට එක්වූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බවයි. මේ අතර, මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය…
මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එම කාර්යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ, මධ්‍යම ලාදුරු සායනයේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා පවසා සිටියේ, මේ වනවිට රෝගීන් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා, “ඇත්තටම මේ රෝගය ශරීරගතවෙලා රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු 3ක් – 5ක් වගේ යනවා. ඒ නිසා එක පාරට මේ රෝගය මතුවෙන්නේ නෑ. එතනයි ප්රශ්නය තියෙන්නේ, අද අපිට වාර්තාවන රෝගියෙක්ට රෝගය ශරීර ගතවෙලා තියෙන්නේ අවුරුදු 3කට 5කට කලින් වෙන්න පුළුවන්. රෝග…
