Author: LANKA24X7

මහජන නියෝජිතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරවයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් මුදල් අමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

Read More

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසන් පසුගිය දින කිහිපයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමු වී තිබෙනවා. ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂා සම්බන්ධයෙන් හා සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව මෙහි දී සාකච්ඡා කළ බවයි වාර්තා වී ඇත්තේ. විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදු වන හොරකම් වැඩවීමක් පෙන්නුම් කරන බව හා සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩි වී ඇති බවට මෙහි දී අනාවරණය වී තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ට්රාන් අලස් සහ ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම විශ්වවිද්‍යාල අසල ආරක්ෂක මුර සංචාර ගණන…

Read More

තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට තමන් සමාව ඉල්ලන බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්. දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි. ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා. එසේම…

Read More

නුවරඑළිය – හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට දර සෙවීම සඳහා ඇතුල් වූ පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණ අතුරුදහන්වී ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 49 ක් වූ භාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. එහිදී රක්ෂිතය මැද තිබී අතුරුදහන් වූ අයගේ යැයි සැක කරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයා මේ වන තෙක් සොයාගෙන නොමැති අතර නිළ සුනඛයින්ගේ සහාය ඇතිව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන…

Read More

දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බව දික්වැල්ල පොලීසිය සඳහන් කරනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බව වාර්තා වී ඇත්තේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි කොරටුව – බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Read More

බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දිනය අදයි. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හඳුන්වයි. මෙම සිදුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සලකනු ලබනවා.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතෙත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබාදීමට රජය පසුගිය දා තීරණය කර තිබුණි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය. මෙම වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක්…

Read More

ජාතික පාසල් වෙත දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරන බවය. අයදුම්කරුවන් විසින් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බව ද අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. Most

Read More

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි. එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්…

Read More