Author: LANKA24X7

කුරුළු උණ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. ඒ අනුව බිත්තර ආනයනය කිරීමට රජය ටෙන්ඩර් කැඳවා ඇති පසුබිමක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අද අවධාරණය කළේ බිත්තර, කුකුළු පැටව්, කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිමට අවසර ලබාදෙන්නේ මාස 6 කට පෙර අදාළ රටේ කුරුළු උණ නොමැති බවට තහවුරු වුවහොත් පමණක් බවය. මේ අතර ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද මාධ්‍ය හමු පවත්වමින් බිත්තර ආනයනය…

Read More

සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි. මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා ඊයේ පෙරවරුවේ ඇය අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළේය. තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි මූල්‍ය වංචා චෝදනා මත මාස දෙක හමාරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් එම තත්ත්වයක් පවතී. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී 20-35 පමණවේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40-50 පමණ වැඩිවිය හැකිය. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකිය.

Read More

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් තිබේ. එම කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධීක්ෂණ හා ඇගයුම් අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (11)දිනයේ බන්ධනාගාරය වෙත ගොස් ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය. වසන්ත මුදලිගේ රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගිය අදාළ නිලධාරින් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කර එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබේ. ඊට අමතරව බන්ධනාගාර රැඳවියන් වෙත ලබාදෙන්නා වු ආහාර පිළිබඳ සහ එම ආහාර පාන පිළියෙල කළ ආකාරය…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ඊඩ්න් ගාඩ්න්හිදී අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ. දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

Read More

දකුණු ඉන්දියාව තුළ මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. “තක් තක්” නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ පුද්ගලයින් මෙම සොරකම්වල නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46කට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය දෙසැම්බර් 29 වන දින ආපන ශාලාවක් අසල නවතා තිබු මෝටර් රථයක වීදුරුවක් කඩා ඉන්දීය රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිල්ලි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල…

Read More

චීනයේ අපනයන ආනයන බැංකුවේ සභාපති “වී ෆිලින්” සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය. ද්වීපාර්ශවික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙරට ණය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත් සංවර්ධන කටයුතු සඳහා උපකාර කිරීමටත් මෙහිදී චීන අපනයන ආනයන බැංකුවේ සභාපතිවරයා එකඟ වී ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Read More

ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි. BBC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මේ අතර අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාව සඳහා වන අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලින් ලාඕබකර් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර…

Read More

ලතින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම’ නමින් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සමතා විසින් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකි විවිධත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව විශේෂ රූපවාහිනී වැඩසටහනක් ද දියත් කර තිබුණි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති තානාපති සුමිත් දසනායක මහතා, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිතව බ්‍රසීල ජාතිකයන්ට සහ දකුණු අමෙරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳව ද පැහැදිලි කර තිබේ.

Read More

විශ්වමඩු තේරාවිල් යුද්ධ හමුදා කඳවුරට ආසන්නයේ තරුණයෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් අමානුෂිකව පහර දෙමින් සිටියදී 6 වන ගැමුණු හේවා බළකා ඒකකය විසින් මුදාගෙන පුදුකුඩුඉරිප්පු පොලීසියට භාර දී තිබේ. ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම්දීම මත 6 වන ගැමුණු හේවා බළකා නිලධාරීන් වහාම මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර ඇත. එහෙත් පොලිස් නිලධාරීන්ට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාළ තරුණයාගේ ජීවිතය බේරාගෙන තිබේ. පසුව පහරදීකෑමට ලක්වු පුද්ගලයාව පුතුකුඩුඉරිප්පු පොලීසිය වෙත භාරදී ඇත. පසුගිය ජනවාරි 08 වන දින තරුණයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිටිය දී ආරවුලක් ඇතිව තිබේ. එහිදි තේරාවිල් විශ්වමඩු ප්‍රදේශයේ තරුණයෙකු විදුලි පන්දමක් සොරකම් කළේ යැයි පවසමින් එම ප්‍රදේශයේම ජීවත් වන තවත්…

Read More