Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ. “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව ඇතැයි බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.
උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් නිවෙස් වල සහ ගරාජවල දිරාපත් වෙමින් පවතින බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම දුම් සහතික ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ආදායම් බලපත්‍ර ගැනීමට නොහැකිවීමෙන්ද වාහන විශාල ප්‍රමාණයක් නිවෙස් වලින් පිටතට ගැනීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. තවද නිසි කලට නඩත්තු සහ සේවා පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන්ද වාහන දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අක්‍රියවී පවතින බව වාර්තාවේ. රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු…
මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු සමග රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. ගණේමුල්ල පොලීසිය මාර්ග පරීක්ෂාවක් සිදු කරමින් සිටියදී කොස්සින්න ප්‍රදේශයේ ධාවනය වූ සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂ කළ අවස්ථාවේ සැකකරුන් දෙදෙනා සන්තකයෙහි තිබී මත් ද්‍රව්‍ය තොගය සමග රුපියල් 52,000 ක මුදලක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය සදහන් කරයි. මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී රුවන් නාරාවිටගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්.ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරේ.
අනුර කුමාර දිසානායක විසින් විපක්ෂයේ අපි ඔක්කොම එකතු කරනු ලැබ ඇතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. මන්ත්‍රීවරයා ඒ බව කීවේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාරයට යෑමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. මුජිබුර් රහුමාන් මහතා එහිදී මෙසේද කීය. ආණ්ඩුවේ ජනප්‍රිය භාවය අඩුවෙන කොට ඔවුන්ගේ ජනප්‍රිය බව රැක ගැනීම සඳහා ඔවුන් මොකක් හරි චූන් කරන වැඩක් කරනවා.රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ඒගොල්ලෝ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවා.බටලන්ද කොමිසමට ගන්නවා කිව්වා.ඒක වුණේ නෑ. දැන් මහ බැංකු සිද්ධිය කෝ.ඊලඟට කිව්වා බාර් පර්මිට් 250ක් දුන්නා කියලා.ඒකට අත්අඩංගුවට ගන්නවා කිව්වා. ඒකත් කරන්න…
රනිල් මේ සිදුවන දේවල් වලට හොඳින් මුහුණ දෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි. “එයාට හැමදාම තිබුණු අසනීප ගතිය තමයි තියෙන්නේ.බොහොම හොඳට ඇවිත් කතා කළා.එතුමා එච්චර ඕක ගණන් ගන්නේ නෑ.මට පේන විදියට දේශපාලනේ කරනවා නම් මේවා උරුමයි.ඉතින් එතුමටත් ඒවා උරුමයි. එතුමා ඒකට මුහුණ දෙනවා. මේ වගේ පොඩි පොඩි දේවල් වලට දේශපාලන නායකයෝ අල්ලලා හිර ගෙවල් වල දැමීම ගැන කනගාටුයි.මේවා දේශපාලන පළිගැනීම් නැතුව වෙන දෙයක් නෙමෙයි නේ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කීය.
සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන නඩු තීන්දුව ගැන සුදත්ත තිලකසිරි නැමැත්තකු යූටියුබ් මාධ්‍ය හරහා කලින්ම ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය. “මේ පරීක්ෂණ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිම මැදිහත්වීමක් කළේ නැහැ.මේ සිද්ධිය ගැන පමණක් නොව මූල්‍ය වංචා,අපරාධ දූෂණ සියල්ල ගැන නිදහසේ පරීක්ෂණ කරන්න ඉඩදී තිබෙනවා.ආණ්ඩුවේ වගකීම වන්නේ ඒ ආයතන වලට අදාළ පහසුකම් ලබා දීමයි. රටේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නීතිය සමානව ක්‍රියාත්මක වන බවට පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මෙය හඳුන්වා…
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු අද අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයාගේ තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල් පාරේ පදිංචි ගල්පොත්තගෙ ෂෙහාන් දුලාන් පෙරේරා නමැති (21) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. මියගිය තරුණය තවත් පිරිසක් සමග බොරලැස්ගමුව බරලැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් යළි නිවස කරා යාමට මාලනී බුලත්සිංහල මාවත ඔස්සේ පා ගමනින් යමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු මෙසේ…
බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවති.
රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් පහළොස් දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ ( 23 )අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ජා ඇල පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත නිලධාරියෙකි. මෙම නිලධාරියා ජාඇල ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී රථ වාහන වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රය ලබාගෙන එය නැවත ලබාදීම සඳහා රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී ජා ඇල පොලිසිය රථ වාහන අංශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
