Author: LANKA24X7

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබා දීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911 පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නීර්ණ කමිටුව පත්කළේය. කෙසේවෙතත් කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ සීමා නීර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරිමට නියමිතව තිබුණ ද පවතින ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවය.

Read More

ඇල්පිටිය යක්කටුව මංසන්ධියේ දි, කළුවාදේව විමෙෂ් මදුෂ යන අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා කොළඹ දෙමටගොඩ පදේශයේ දී විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකය නිලධාරින් විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබූහ. මේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරු පැදිය සහ වෙඩි තැබීමට යොදාගත් බෙල්ජියමේ නිෂ්පාදිත ගිනි අවිය සහ ඊට දමන පතුරම් හතරක් ද සොයා ගැනීමට පොලිස් විශේෂ කර්ය බළකායේ නිලධාරීන් සමත්වී තිබේ. මේ සැකකරුවන් දෙදෙනාගෙන් වෙඩික්කරු කරන්දෙණිය අනුරුද්ධගම පදිංචි 40හැවිරිදි විවාහක අයකු බවත් පැදිකරු තිස්එක් හැවිරිදි යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු ලෙස කටයුතු කළ එයින් පලා ආ කරන්දෙණිය කුරුදුගහහැතැප්ම පදේශයේ පදිංචි අයෙක් බව…

Read More

තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය පවසා තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් මේ බව පවසා ඇත්තේ අමෙරිකානු ජපාන ආරක්ෂක උපදේශ කමිටු හමුවේදීය. වොෂිංටනයේ පැවැත්වෙන එම හමුව සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ද සහභාගීවී ඇත. ජපානය වෙනුවෙන් ඊට සහභාගී වී ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍යවරයාය. මෙම හමුවේදී චීනයේ ක්‍රියාකලාපය සහ යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම චීනයේ බලහත්කාරකම් සහ ප්‍රකෝපකාරී ක්‍රියාවලට ජපානය මෙන්ම අමෙරිකාව ද තරයේ විරුද්ධ බව ජපාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය. පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 215ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 216කි. පන්දුවාර 43යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ඉන්දියාව සිය ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව තරග 03කින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව සමත්විය.

Read More

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මසදී අතුරුදන්වී තිබුණි. ඒ පිළිබඳ ඥාතීන් පොලීසියට සිදුකළ පැමිණිලි අනුව ඔවුන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කෙරුණි. එහිදී තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන හුරුමළුව ප්‍රදේශයේ නිවසක වළදමා ඇති බවට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ එම නිවස පරීක්ෂා කළේය. සිරුරු වළදමා ඇති බවට සැකකරෙන ස්ථානයේ සිදුකළ කැනීම්වලිදී එක් තරුණයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබේ. ඒ බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ පවතින දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලීමක් කර තිබුණි.

Read More

ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණි.

Read More

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසිනි. ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශනී කරදන මහත්මිය ව ඊයේ (11)අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදීය. එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙම කාරක සභාව සඳහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වනවිට එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගැනීම සිදුවී තිබේ. මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650,000 ක් පමණ හා…

Read More