Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙටින් ආරම්භ වන විභාගය දෙසැම්බර් මස 05වන සිකුරාදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362ක දී පැවැත්විමට නියමිතය. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතුකිරීමේ මධ්‍යස්ථාන 32 පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කලල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එම කළල කොටස පශ්චාත් මතන පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත. පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීනදෙණියේ දී ඊයේ පැවසූහ. පන්සලක් ආරම්භ කරපුවාම හිරගෙයක් වහන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ආගමික සිද්ධස්ථාන වලින් කෙරෙන්නට ඕනේ කෙරෙන්නේ මනුෂ්‍යයාගේ සිත ජීවිතයේ දේවල්වල වටිනාකම ඔවුන්ට පහදලා දීලා වටිනාම දේවල් වෙත යොමු කිරීමයි. ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ලස්සනට ජීවත් වෙන්න කියලා අන් අයට සතුටක් ගෙන දෙන විදිහට ආදරණීය ලෙස සැම දෙනාගේම සිත දිනාගෙන සැමදෙනාටම සේවය කරමින් ජීවත්වන්න කියලායි. මනුෂ්‍ය ස්වභාවය…
අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තාට අයිති ඒවා බවට තොරතුරු ලැබී ඇති බවද ආරක්ෂක අංශ තොරතුරු පවසයි මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.
වැලිකන්ද අසේලපුර සිට කුරුළුබැද්ද දෙසට ධාවනය වු ටැක්ටර් රථයකට,රාත්‍රි 7.00 ට පමණ පාර මාරුවෙමින් සිටි පිරිමි දරුවෙකු යට වීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර මහවැලි නිවාස ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එච්.ඩී.මතීෂ කවිස්ක යන දරුවෙකු බව පරික්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසයි. අනතුරට සම්බන්ධ මහ ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකන්ද පොලිස් ස්ථානාධිපති එල්.පී.ආර් කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු (37) සහ ඔහුගේ බිරිඳ වන පෞද්ගලික විශ්ව විද්‍යාලයක මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනියක් (36) බව පොලීසිය කියයි. එංගලන්තේ වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියක ශ්‍රී ලාංකික යුවළකගේ අසභ්‍ය වීඩියෝ පට රැසක් සංසරණය වන බවට නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාට තොරතුරක් ලැබී තිබූ අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා චන්දිමා සපුගොඩ…
බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි . බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර , ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමෙන්තුව ඉල්ලයි .
මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසැඳුම් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ අදාළ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි දේශීය වෛද්‍ය උපාධි පාඨමාලා වලට අදාළ සායනික පුහුණුව විධිමත් කිරීම, ආයුර්වේද, සිද්ධ හා යුනානි සිසුන්ගේ සීමාවාසික පුහුණුව, දේශීය වෛද්‍ය පාඨමාලා හැදෑරූ සිසුන් රැකියා සදහා යොමු කිරීම, සිද්ධ වෛද්‍ය විද්‍යාවේ ඖෂධ සම්බන්ධ ගැටළු විමසා බැලීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡාව පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආයුර්වේද දෙපාර්තුමේන්තුව,…
රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයා ගෙන ඇති බව සඳහන් වේ. මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව පසුගියදා සම්පත් මනම්පේරි යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. පසුව ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දුන්නේය.
අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනීමට දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙහි පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක්, කාන්තාව සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 5100ක්ද සොයා ගන්නා ලදී. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මොවුන් දෙදෙනා කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සපයා ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අද (8) මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අතර, කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
