Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත. නිරෝධා කල්පනී නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි තරුණියක එසේ ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. නිරෝධා දැඩිව තුවාල ලබා කාර්ඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ මාවතක වැටී සිටියදී පසුගිය 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 7.37 ට පමණ හදිසි ප්‍රථමාධාර ලබාදෙන්නන් ඇයව සොයාගෙන ඇති අතර එහිදී ප්‍රථමාධාර ලබා දෙන්නන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩිව උත්සාහ කර ඇතත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී තිබිණි. ඇයගේ මරණයට සැකපිට කාර්ඩිෆ් නගරයේ පෙන්ට්වින් ප්‍රදේශයේ වෙසෙන 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු සවුත් වේල්ස් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. නිරෝධා…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. සුදත්ත තිලකසිරි නැමැත්තා විසින් එම youtube නාලිකාව හරහා කළ බව කියන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දී ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට බාර දීමට නියමිත බව වුට්ලර් මහතා පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට…
කළුතර කලමුල්ල මුහුදේ දියනැමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් එක් සිසුවකු දිවි බේරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පයාගල පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශයේ පදිංචිව සිටී මිහින් සන්හිද සහ මෙතුම් නෙත්සර නමැති 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙකු බව පොලිසිය කීය. ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරලේ දියනාමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි .
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. වෙඩි තැබීමට භාවිතා කරන ලද අවියේ මැගසීනය, ජීව උණ්ඩ 06 ක් , හිස් පතුරන් කොපුවක් සහ සැකකරුවන්ගේ බවට සැක කරන ජංගම දුරකථනක් අදාල ස්ථානයේ තිබී සොයා ගත් බවද පොලිසිය පවසයි. එම වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදු වී නොමැති බවද පොලිසිය පවසයි. මෙම වැඩි තැබීම වනාත ප්‍රදේශයේ අපරාදකරුවකුගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයෙත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි. මෙහිදී වයස අවුරුදු 25 ක තරුණයකු ඝාතනයට ලක් විය. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19-20 අතර පසුවන්නන්ය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදීී ඇත.
පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මැදවච්චිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන් වේ. අදාළ පුද්ගලයා දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ. තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය. මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ. පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය.
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ. “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
