Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදුකළ ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමග එක්වී ඇති බව වාර්තා වෙයි. නමුත් ඔහු මෙවර එක්වී ඇත්තේ පුහුණුකරුවෙක් වශයෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ අරම්භවීමට නියමිත Major League Cricket T20 තරගාවලියේ MI නිව්යෝර්ක් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග ඔවුන් සමග එක්වීමට නියමිතය. එම කණ්ඩායමේ නායකත්වය කයිරොන් පොලාඩ් දැරීමට නියමිතය.
නීතිවිරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවක් මාර්ගයෙන් පුද්ගලයින් යැවීම සඳහා රුපියල් ලක්ෂ 70ක් ලබාගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු සහ නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අදාළ කොට්ඨාසය වෙත කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයෙන් පසුගිය දෙසැම්බර් මස 04 වනදා පුද්ගලයින් 25දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව බලා යෑමට බෝට්ටුවකින් දියඹට ගොස් තිබුණි. එහෙත් එම අවස්ථාවේදී ක්‍රියාත්මකවූ නාවික හමුදාව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදුනි. ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන්…
අයිස් මත්ද්‍රව්‍ය,කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබලෙකු කේරල ගංජා සහ රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි. සැකකරු සන්තකයේ තිබී යුද හමුදා නිල ඇඳුම් සහ ලාංඡන ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අරලගංවිල කඳවුරේ නිලධාරීන් පොළොන්නරුව 04 ඇල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු භාරයේ, අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා, හමුදා පැලැඳුම් පැලඳුම් සපත්තු ලාංඡන, විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත. ජාවාරම් වලින් උපයා ගත් උපයාගත් රුපියල් ලක්ෂ 3 ට එක මුදලක් ද ඔහු පාරේ තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.…
2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, රේගුව විසින් රජයේ ආදායම ලෙස රු බිලියන 13ක මුදලක් ඉතිරි කරදීම පිළිබඳ ස්තූතිවන්ත වන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “රේගුව මෙහෙම කළේ නැත්නම් අපිට අහිමිවන ආදායම කෝටි 1300ක්. මේ සිගරට් තොගය තමා අද විනාශ කරන්නේ. මේවා විකුණන්න බෑ. මේවායේ තියෙන ප්‍රමිතිය ගැන කිසිම වගකීමක් කාටවත් නෑ. කඩලා බලපු සිගරට් සම්පූර්ණයෙන්ම අවපැහැ ගැන්වෙලා. ඒ නිසා මේවා සම්පුර්ණයෙන්ම විනාශ කරන්නේ. මේවා විනාශ කිරීම වෙනුවෙන් අපිට ලංකාවේ දුම්කොළ…
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඊට අනුව ගැණුම් මිල අද (15) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 311.60ක් ලෙසය. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 328.92ක් ලෙසය. මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ. ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස්…
දස හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු යටවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ. සිසුවියගේ මව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිටින මෙම පුද්ගලයා එම නිවස තුළදී මෙම අපයෝජනය සිදුකර ඇති බවයි යටවත්ත පොලීසිය පවසන්නේ.
මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි ගුරුවරියක ඝාතනය කර තිබෙනවා. පාසල නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඊයේ පස්වරුවේ ඇය ඝාතනය කර ඇති බවයි පොලිසීය සදහන් කළේ. ප්‍රේම සබඳතාවක් නිසා ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ඝාතනය සිදු කළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ගතවූ කාලය තුළ දකුණු පළාතෙන් වෙඩි තැබීම් සහ තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ පුද්ගල ඝාතන පිළිබද සිද්ධීන් රැසක් වාර්තා වුණා. ඊට ආසන්නතම සිදුවීම ඊයේ වාර්තා වූයේ මාතර දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයෙන්. එහිදී පුද්ගලයෙකුට මොටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා. එමෙන්ම ගාල්ල අක්මීමන කපුහෙම්පළ ප්‍රදේශයේදී සහ…
කළුතර බන්ධනාගාරයේ රැදවියකු වූ තම පුතුට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව සඳහන්. බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු සොයාගෙන තිබෙනවා. එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් පවතින බවට ඇතැමුන් කීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා පැවසුවා. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළ කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන්නේ පක්ෂයේ අභිමතය පරිදි නොව ඔහුගේ අත්දැකීම් සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව හොඳින් විමසා බලා බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රණතුංග මහතා පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ…
