Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සමුළුව ලබන මස 02 වැනිදා හෙට්ටිපොළ දී පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි එහෙත් පසුව එම තීරණය හදිසියේ වෙනස් කර සංවත්සර සමුළුව ලබන මස තුන්වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වීමට තීරණය කර ඇත. හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කළ සමුළුව හදිසියේ අවලංගුකර කොළඹදී පැවැත්වීමට තීරණය වී ඇත්තේ…
පවතින නියං තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. යල කන්නයේ හෙක්ටර්යාර පන්ලක්ෂ 3000 ක වී වගා කර ඇති අතර අක්කර ලක්ෂයක වගා හානී සිදු වුවත් එවැනි සහල් හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කුඹුරුවල යල කන්නයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියා.
කුරුණෑගල ඇතුගල ලඳු කැලෑවට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙමිවතුන් යුවල මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් 24 හැවිරිදි සහ 20 වන වියේ පසුවන්නන්. ඊයේ ඇතුගල මුදුනේ පිහිටි බුදු පිළිමය නැරඹීමට පැමිණ ඔවුන් විසිකළ ගිනිකූරකින් මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන් අක්කර 3 ක් පමණ විනාශ වුණා. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි වරෙන්තුකරුවෙකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලායාමේ සිද්ධියකට අදාළව සැකකරු භාරව සිටි බන්ධනාගාර නිලධාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි 31 හැවිරිදි සැකකරු ඊයේ පස්වරුවේ කරාපිටිය රෝහලේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ…
ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තවත් මල්කැකුළට දිවි අහිමි වූ පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ අවුරුදු 6ක් වයසැති දරුවෙක්. දරුවාගේ මව්පියන් චෝදනා කරන්නේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලු රැසකට මුහුණ පෑවේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයෙන් පසුව බවයි. කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි තෙනුජ සස්මිර නානායක්කාර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 9 වැනිදා යි. ඒ දණහිසේ ඇතිව තිබූ ආබාධයකට සහ නිතර උණ රෝගය වැළඳීම හෙතුවෙන් දින 6ක් තිස්සේ පුංචි තෙනුජට රෝහලෙන් විවිධ ප්‍රතිකාර ලබා දුන්නද සුවයක් ලැබී තැහැ. ඔහුගේ රෝගී තත්ත්වයද නිශ්චිතව හඳුනාගැනීමටද නොහැකි වූ බවයි මව්පියන්…
ජංගම දුරකථනයකින් ඇමතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට කොටගල – හැටන් අතර අඩි 60 පාලම නම් වූ ස්ථනයේදීයි මෙම කාන්තාව ගැටී ඇත්තේ. එලෙස දුම්රියේ ගැටීමෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර එම දුම්රියෙන්ම කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත්, එම මළ සිරුර කොටගල රෝහල වෙත ගෙන යාමට පියවර ගන්නා බවයි අප කළ විමසීමක දී පොලිසිය පැවසුවේඑ. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84 යි ශත 80 ක් ලෙස සටහන් වුණා. ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 25 ක් ලෙසයි වාර්තා වූයේ. පසුගිය මාස කිහිපය හා සැසඳීමේදී ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක වැඩිම මිල පසුගිය 9 වනදා වාර්තාවූ අතර, එය ඩොලර් 84 යි ශත 40 ක්.
චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සංචාරක ආකර්ෂණය සහිත, කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්වී තිබේ. දෙමුහුන් සහල් වර්ග නිපදවන, මෙම ආයතනය නිපදවූ සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලබා ඇති නවතම වී ප්‍රභේදය එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වී තිබුණි. මෙම නව වී ප්‍රභේදය වියළි කලාපවලද ඉතා හොඳින් වගා කළ හැකි බැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා සොයාබැලීමට කණ්ඩායමක් එවන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධනා කර ඇත.
දිවයිනේ ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධ තොරතුරු වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි. පිරිමි පුද්ගලයා මිය ගොස් ඇත්තේ, ඊයේ (18) සවස දෙපිරිසක් අතර ඇතිවූ පෞද්ගලික අරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමක දී බව පොලීසිය වාර්තා කරයි. මොරගහහේන, යකහළුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහර කෑමකට ලක් ව බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ව සිටි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. එමෙන්ම තවත් සැකකටයුතු මරණයක් වැලිකන්ද මුතුගල සෙවණපිටිය ප්‍රදේශයෙන් වාර්තා…
ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීමට පියවර ගන්නා බවය. බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බළකා උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
