Author: LANKA24X7

කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එක් සැකකාරියක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ කාර්යාලයේ සේවය කරන 53 හැවිරිදි පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. අනෙක් සැකකාරිය 54 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ රියැදුරෙකුද වෙයි. ඔහු 40 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 43 හැවිරිදි අනෙක් සැකකරු යාපනය ප්‍රදේශයේ ගුරු සංගමයක උප සභාපතිවරයෙකු බව පොලිසිය පැවසුවේ ය. ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා…

Read More

නාවික හමුදා සෙබළුන් සමඟ සමඟ ගැටුමකට මුල පිරූ පුල්ටෝගේ කණ්ඩායම පාලනය කිරීමට එම සෙබළුන් අහසට වෙඩි තබා තිබෙන බව පුල්මුඩේ පොලීසිය පවසයි. ඊයෙ සවස මුර සංචාරයක නිරතව සිටි නාවික හමුදා සෙබළුන් හතර දෙනෙකු ජින්නපුරම් වෙරළ තීරයේ දී තහනම් දැල් අත්අඩංගුවට ගෙන තිබේ.එම අවස්ථාවේදී එතැනට පැමිණි පුල්ටෝ නැමැත්තා ඇතුළු කණ්ඩායම නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන අත්අඩංගුවට ගත් තහනම් දැල් බෝට්ටුවක පටවා ගෙන පලාගොස් ඇත. පුල්ටෝ නැමැත්තා සහ ගැටුමට මුලපිරූ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පුල්මුඩේ පොලීසිය විමර්ශන සිදුකරයි.

Read More

බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක භාණ්ඩ සොරා ගත් එම ආයතනයේ ඉන්දියානු ජාතික කළමනාකරුවෙකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේස් වර්ග නිපදවන මෙම කර්මාන්තශාලාවේ මේස් තොග සොරකම් කර විවිධ පුද්ගලයින් හට අලෙවි කර ඇති බව පොලීසිය පවසයි. විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර ඉන්දියන් ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

දොම්පේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් රැගත් බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ලොරි රථයේ ගමන් කළ දෙදෙනෙකි.

Read More

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඇමරිකාව සමඟ ඊයේ (15) පැවති දෙවන පුහුණු තරගය ලකුණු 198කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බුලවායෝහි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 392ක් රැස්කළා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 111යි. ඇමරිකාව පන්දුවාර 33යි පන්දු 2කදී සියලු‍ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 194ක් පමණයි. මතීෂ පතිරණ ලකුණු 23කට කඩුළු 4ක් බිඳ හෙලු‍වා.

Read More

පනාමුර – කෝන්කටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මත්පැන් පානය කළ පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (15) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read More

අඩු වූ පොහොර සහනාධාරය නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ගොවීන්ට මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඊට අදාළව නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

Read More

බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරය අවට තිබෙන විදුලි රැහැන් සියල්ලම මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් කපා ගෙන ගොස් තිබෙනවා. මේ හේතුවෙන්ආදහනාගාරය ආරක්ෂාවට මෙන්ම අතුරු මාර්ග වල ද සවිකර තිබෙන විදුලි පහන් සියල්ලම අක්‍රිය වී ඇත. සති දෙකකට පමණ ඉහත දී මෙම සිදුවීම වී ඇති මුත් මේ වන තෙක් පාලනාධිකාරිය එයට කිසිදු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බොරැල්ලකනත්ත සේවකයින් හිරු ට පැවසීය. බොරැල්ල කනත්තේ ආරක්ෂාව තර නොකළහොත් ආදාහනාගාරය ද අනාරක්ෂිත තත්ත්වයකට පත් විය හැකි බව එහි වැඩ කරන සේවකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

නිරුවත් වීඩියෝ දර්ශන ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට පාසල් සිසුවියකට තර්ජනය කළ මින්නේරිය යුධ හමුදා කඳවුරේ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිසුවිය කටුගස්තොට පොලිසියට කරණ ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුවයි. විමර්ශනයේ දී හෙළිව ඇත්තේ අදාළ ශිෂ්‍යාව ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා මෙම යුද හමුදා සෙබළා සමග හිතවත්කමක් ඇති කර ගෙන ඇති බවයි. ඔහු විසින් ඇයට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමක් අනුව එම සිසුවිය ඔහුට එවැනි ඇමතුමක් ලබාගෙන තිබෙනවා. සැකකරු ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ ඇමතුම පටිගත කර ගෙන නැවත එය අදාළ සිසුවිය වෙත යොමු කර යළිත් එවැනි ඇමතුමක් ලබා ගන්නා ලෙසත්, එසේ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එසේම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් වට පැයට කිලෝමීටර් 40ත්45ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More