Author: LANKA24X7

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඖෂධ ආසාත්මිකතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා, “රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනතෙක් කිසිදු ආකාරයකින් දරුවෙකුට ආසාත්මිකතාවයක් ඇති වෙලා නෑ. මම ඒ පිළිබඳව ඉතාම සතුටු වෙනවා. දිවයිනේ යම් යම් ප්‍රදේශවලින් මෙවැනි වාර්තා වීමක් සිදුවුණා. පේරාදෙණිය හා මහනුවර මහ රෝහලේ තමා මේ ආසාත්මිකතාවයන් ප්‍රධාන වශයෙන් වාර්තා වුණේ. ඊට අමතරව එක රෝගියෙක් වාර්තා වුණා අපිට රාගම ශික්ෂණ රෝහලෙන්. ඒ වගේම මේ වනවිට ඖෂධ වර්ග දෙකකට පමණයි මේ තත්ත්වය අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා විසින් සත්…

Read More

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත් වේ. ඒ අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවේ.

Read More

සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (17) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ප්‍රශ්නය – ඉස්පිරිතාල ඉස්සරහට ගිහින් වෛද්‍යවරු, රෝගීන්, වෘත්තීකයින් අස්වෙන්න කියනවා. අස්වෙනවා ද? “100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සුදානම්.” ප්‍රශ්නය – මට කියන්න කවුද කුමන්ත්‍රණකරුවා කියලා…? “කුමන්ත්‍රණකරුවා…

Read More

ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය දැඩි මර්දනයකට ලක්කළ පාකිස්තානයේ ෂෙබාස් ෂරීෆ් රජය මේ වසරේ නොවැම්බරයේ මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වේ. පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ඉම්රාන් ඛාන්ගේ රජය පෙරලා බලයට පත්වුවද, ෂෙබාස් ෂරීෆ් රජයේ නිල කාලය අගෝස්තු 31 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ ඉම්රාන් ඛාන්ගේ සිව් වසරක පාලනය ඇතුළුව පාකිස්තානයේ වත්මන් ව්‍යවස්ථාපිත රජයේ නිල කාලයයි. එලෙස නිල කාලය අවසන් වූ පසු දින 60ක් තුළ මහමැතිවරණය පැවැත්විය යුතු වේ. එහෙත් ඊට පෙර පාකිස්තාන ජාතික සභාව නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඒ සඳහා දින 90ක කාලයක් හිමිවේ. අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේ නිල කාලය අවසන් වීමට පෙර ජාතික සභාව විසුරුවා හැරීමට කටයුතු…

Read More

සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. එම කාන්තාවගේ ශරීරයේ ඇති අල්පෙනෙති දෙකක් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමට ලක් කිරීම සඳහා යළි ලබන මස රෝහල්ගත වෙන ලෙස වෛද්‍යවරුන් ඇය දන්වා ඇත. තලවකැලේ ලිඳුල ගැනිගල් වත්තේ හෙන්ෆොල්ඩ් කොටසේ පදිංචි 30 හැවිරිදි මවක මෙම සිද්ධියට මුහුණ පා ඇත. ඇයට පහරදී අල්ලට,කලවා ප්‍රදේශවලට මෙන්ම ශරීරයේ කීහිප තැනකමට කටු ගසා ඇත. භාෂාව නොදන්නා නිසා මෙම වධ හිංසා සිදු කළ බව වධ හිංසාවට ලක් වූ කාන්තාව පවසයා ඇත.

Read More

බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්ගම-බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ වෙරගලගේ චතුරිකා මදුෂානී අබේරත්න නමැති 31 හැවිරිදි එක් දරු මවකි. අලුත්ගම – බෝගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක, නිවසක් කුලියට ගෙන මියගිය තැනැත්තිය සැමියා සහ දරුවා සමග වාසය කොට ඇති අතර පසුගිය (16) රාත්‍රී 11 ට පමණ නිවසේ සිව්වන මහලින් බිමට වැටී ඇති බවත් සැමියා විසින් මැය ගම්පහ රෝහලට ඇතුලත් කරනවිට මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.

Read More

ඖෂධ හේතුවෙන් සිදුවන්නේ යැයි කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට සාමාජිකයෝ පස් දෙනෙක් ඇතුළත් වෙති.

Read More

නිවාස ණය මුදල් පෞද්ගලික පරිහරණයට යොදාත් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් තිදෙනකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි. නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද ජාතික නිවාස…

Read More

නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45,000ක වී වගාවට හානි සිදුවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. නියඟය නිසා තවත් දිස්ත්‍රික් කිහිපයක වී අස්වැන්න අවම වීමේ අවදානමක් පවතින බවද අමරවීර මහතා කීය. මේ දිනවල පවත්නා නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45000ක් මෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව අවදානමට ලක්වීමට ඉඩකඩ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිත පිරිසක් හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ හේතු නිසා මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නට බලපෑම් සිදුවිය හැකි බවත්, දැනට රුපියල් 95ක් වශයෙන් මිල දී ගන්නා වී කිලෝවක් ඉදිරි කාලයේ රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි…

Read More