Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වූ විවාහක පුද්ගලයෙක් බව සඳහන්. පැමිණිලිකාරිය වන තරුණ නීතිඥවරියගේ ගෙල ප්‍රදේශයේ කුරුල්ලකුගේ සලකුණක් සහිත පච්චයක් කොටා තිබූ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ නීතිඥවරිය තම සේවාදායකයාට අධිකරණයේ දඩ මුදල් ගෙවන ස්ථානය පෙන්වීමට එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්. එම ස්ථානයේ සිටි සැකකරු නීතිඥවරියගේ ගෙලෙහි වූ පච්චය දැක ඔයා හරි ලස්සනයි’ කියමින් කෑ ගසා ඇති බවයි වාර්තා වෙන්නේ. එම අවස්ථාවේදී ඇය තමා නිතිඥවරියක් යැයි පවසා ඔහුගෙන් ගැලවී අසල වූ අධිකරණ…
මීගහතැන්න – පැලවත්ත නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 36 සහ 40 වයස්වල පසුවන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පසුගිය 16 වනදා මෙලෙස ඝාතනයට ලක්වූයේ 38 හැවිරිදි පැලවත්ත, ගොකරදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අවශ්‍ය තරම් යුරියා පොහොර ලබා දී ඇති බව බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දිවයින පුරා ඇති ගොවි ජන මධ්‍යස්ථානවලට, අමතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 5,100ක් ද ලැබීමට සළස්වා ඇති අතර අද (19) දිනය තුළ තවත් යුරියා මෙට්‍රික් ටොන් 1,000ක් බෙදා හැරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ. කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයක යුරියා පොහොර නොමැති නම් 077 551 0674 යන අංකයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අලෙවි කළමනාකාරතුමා ඇමතීමෙන් සහ 077 444 1417 යන අංකයෙන් ලංකා පොහොර සමාගමේ බෙදාහැරීම් කළමනාකාරතුමා ඇමතීමෙන් තොරතුරු විමසිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
කොළොන්නාව – ගොතටුව මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදුණු පුද්ගලයා 41 හැවිරිදි ගිහාන් මධුශංක නොහොත් “රාජා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු තලංගම රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ. කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත. වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බලංගොඩ සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. බීමතින් පැමිණි බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට සිදුකළ පහරදීමකදී එම ඝාතනය සිදු වී ඇති බව පොලීසිය පවසයි. බීමතින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගනිමින් ඔවුන්ට පහරදෙන බවට 118 දුරකථන මධ්‍යස්ථානය මගින් බලංගොඩ පොලිස් ස්ථානය වෙත ලබාදුන් පණිවුඩයක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ළඟා වනවිට බීමත් පුද්ගලයා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහරදී තිබූ බවත් තුවාලකරු බරපතළ තත්ත්වයේ සිටි බවත් පොලීසිය පවසයි.…
ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. “රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.” මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ…
ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරි පන්තියේ සබ්මැරීනය වන ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය අද (ජූනි 19) සිට 22 දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වෙනවා. ‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයේ අණ දෙන නිලධාරී, කමාන්ඩර් දිවාකර්. එස්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවනු ඇතැයි අපේක්ෂා කරනවා. තවද, සබ්මැරීනයේ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘත වෙනවා. ඉන්දීය නාවික හමුදාවේ නෞකා සහ සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ වන්නේ ‘අසල්වැසිකම ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය සහ…
ගාල්ල කොළඹ මාර්ගයේ වැරැල්ලාන ඉන්ධන හල ආසන්නයේදී ඊයේ (18) මෝටර් රථයක් අනතුරට ලක් වී මෝටර් රථයේ රියැදුරු මිය ගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු වී තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියැදුරුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන රැහැන් කණුවක ගැටීමෙන්. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මැටිවල, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ප්‍රමාණවත් පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා. ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 570ක් මිලදී ගත් බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟයක් පවතින බවට මීට පෙර කරුණු වාර්තාවුණා. දින කිහිපයක සිට මෙම හිඟය පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග නිසි පරිදි පවත්වා නොගැනීම එම හිඟයට හේතුවී ඇති බවටයි වාර්තා වූයේ. කෙසේ වෙතත් මේ වනවිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පවතින බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ප්‍රකාශකයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අතර ඉන්ධන මිල සංශෝධනය කරන දිනයද…
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා. අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු විසින් එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය. ලොව දියුණු රටවල් වන එංගලන්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළා.
