Author: LANKA24X7

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් ඊයේ (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන්…

Read More

මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ කම්පනයට පත් වූ නිසා අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ එම විභාග පරීක්ෂකවරයාගෙන්ගෙ කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ අවස්ථාවේ මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද…

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස පහළදමා තිබේ. වියලි මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1675කි. එසේම ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 165කි. මේ අතර රතු කැකුළු (දේශීය) කිලෝ එකක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169කි. පාන් පිටි කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 230කි.

Read More

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවය. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද (01) පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව පවසා ඇති බව වාර්තා වෙයි. එසේම සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත්කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘විශ්ව කාලාන්තර සමාලෝචන’ කණ්ඩායම පැවැත්වූ රැස්වීමකදී මෙරට මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා විය. එම කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලබන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් 2008, 2012 හා 2017 යන වසරවල දී ද සිදුකර තිබුණි. රජය…

Read More

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී ඔහු එම ප්‍රතිඥාව ලබාදීම සිදුකළේය. හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

Read More

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය. පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාවය. එමගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවත්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කර තිබුණි. යම් හෙයකින් ඔවුන් මෙම දඬුවමට ලක් කළහොත් එවන් චෝදනා යටතේ වරදකරු වී උපරිම සිරදඬුවමකට ලක්වන පළමු පුද්ගලයින් බවට ඔවුන් පත්වේ. දඬුවමට අමතරව යුවළට වසර දෙකක…

Read More

විදුලි නිෂ්පාදනය සඳහා අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි. ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම එලෙස ඉල්ලීමක් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, “අප වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.. විදුලි නිෂ්පාදනය සඳහා ජලය වැඩිපුර ලබාදෙන්න කියලා. ඊයේ සහ අද සැලකියයුතු වර්ෂාවක් අපි මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වුණා. නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු…

Read More

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදල් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණි පියතුමන් පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය. “විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක, ළමා මන්දපෝෂණයෙන් පෙළෙන රටක, රැකියා අහිමිවෙමින් තිබෙන රටක, ව්‍යාපාර කඩාවැටෙමින් ඇති රටක, නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති රටක, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන රටක, පැය 24ම විදුලිය සැපයීමට අසමත්වී ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද ?.. කියලා අපි ප්‍රශ්න කරනවා.…

Read More

ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු බවය. “බදු පිළිබඳව අපිටත් චෝදනා තිබෙනවා. බදු ප්‍රමාණය වැඩියි. හැබැයි එදා අරගල කළේ බදු අයින් කළේ ඇයි කියලා අහලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනාව. අද බදු දාලා තියෙනවා.” “කොහොම වුණත් මේ කාරණාවලදී ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” “දැනගන්න ලැබුණා ඉදිරි කාලසීමාව තුළ යම් සංශෝධනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. සමහර ක්ෂේත්‍රවල. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි.”

Read More