Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය. සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත. ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනාගේ නිවසින් ආහාර ලබා ගත් බව කියන සිද්ධියට ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙලෙස කැදවා වීමට තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීම මත ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අට වැනිදින විමල් වීරවංශ මහතා අදාළ කාර්යාංශයට පැමිණුනද එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම නිසා වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා…
නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය. 2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ. කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු…
76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් විසින් මෙම නිර්දේශ ලබා දී ඇති බව සඳහන්ය. ඒ අනුව ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.
බන්ධනාගාර ගොඩනැගිලිවල ඇත්තටම මනුස්සයෙකුට ජීවත් විය නොහැකි තත්වයක් පවතින බව අධිකරණ ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. රිමාන්ඩ් බන්ධනාගාරවල දැරිය නොහැකි පිරිසක් රඳවා සිටින බවද ඔහු සඳහන් කළේය. බන්ධනාගාර ලොකු කර වැඩක් නැති බවත් එතනින් එළියට යන වැඩපිළිවෙලක්ද සකස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මහාධිකරණවලින් ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. එම ගණන 3,557ක් පමණි. එහෙත් එහි රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බව…
දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ. රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ. ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. “දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න…
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවා ගනිමින්, එම සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස ගෙවූ රුපියල් ලක්ෂ අසූවක් අවභාවිතා කරමින් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ (10) පැවසීය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල , දියණිය අමාළී නායනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ…
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි. වයස අවුරුදු 20- ත් 40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද එම ඒකකය පවසයි. එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා…
අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති. ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැතිවීම හේතුවෙන් සිය අස්වනු කුණුවීමට ලක් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වනවිට දෛනිකව තම අස්වැන්න තම ගබඩාවලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති. ලූනු බීජ කිලෝ එකකින් ලූනු අසවැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත…
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අහුංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකතනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අහුංගල්ල පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්යාංශයේ ලබාදුන් තොරතුරකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත්දා (8) බලපිටිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4200 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. එදින සවස වට්ස්ඇප් සමූහය හරහා නාදුනන පුද්ගලයකු මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් අත්අඩංගුවට ගත් කාන්තාවට මහාධිකරණය මගින් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි හෙරොයින් නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට පරුෂ වචනයෙන්…
