Author: LANKA24X7

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

මළල ක්‍රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් ජාතික සංගම් වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (25) දිනයේ සිට මෙය ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත. මෙමගින් අදාළ සංගම් තුනෙහි පරිපාලන හා අධීක්ෂණ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කොට තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 හා 33 වගන්ති වලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

Read More

මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් ක‍ළේ, ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,641 දක්වා ඉහළ ගොස් ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය. “මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ මාසයක් තුළ ලබාගත් ඉතාම ඉහළම අපනයන වර්ධනය. භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා අමෙරිකානු ඩොලර් මිලියන 1,304ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එය ගිය වසර සමග සැසදීමේ දී 15.37%ක වර්ධනයක්. සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර්…

Read More

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට එම ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළේය. එමෙන්ම ප්‍රවාහන සහ මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ ද නිෂ්චිත කාල රාමුවකට ලංගම සහ පෞද්ගලික බසරථ බල ඇනිය එකම තැනකින් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවය. “පැවති සාකච්චා සමූහයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙච්ච ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීම සඳහා එක ප්‍රවේශ මාර්ගයක් කොළඹට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන පුත්තලම් කොරිඩෝ එක , යාපනය සිට කොළඹ දක්වා, මන්නාරම සිට කොළඹ දක්වා, තලෛයිමාන්නාරම සිට කොළඹ දක්වා, ඒ ඒ ගමනාන්ත දක්වා…

Read More

මෙම වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළේය. එහි මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ කලාප පිළිබඳවද විස්තරද ඇතුළත් විය. ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 5 තුළදී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය අද නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් විණි. පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය සියයට 3.19 ක වර්ධනයක්…

Read More

රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්‍ෂ සියලු දෙනාට අදාලව පරීක්‍ෂණ බවත් එම පරීක්‍ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (25) පැවසීය. අමාත්‍ය බිමල් රත්නායක මහතා රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය. මහ බැංකු වංචාව සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මෙන්ම එහිදී ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත කටිටියට අදාලව නීතිය ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා එය වර්තමාන ආණ්ඩුවේ ජනවරමේ ලොකුම කොටසක් බව ද සඳහන් කළේය. ට්‍රාන්සිට් එක ලන්ඩන් නම් ලක්‍ෂ 166 ක් වියදම් කරන්නේ කුමකටද? වෙනත් නරගවලට යන්නේ ඇයි? ඒවා සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තිබෙන බවත් රජයේ…

Read More

යුක්රේනයේ පෙරේදා(24) යෙදී තිබූ 34 වැනි නිදහස් දින සැමරුමට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිවන්ත වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමග තිබෙන මිත්‍රශීලී සබඳතාවය සහ සහයෝගීත්වය යුක්රේනය අගය කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පැවැසුවේය. අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය හා සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත එම සබඳතා ගොඩනැගී තිබෙන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉඩක් තිබෙන බවත් ඉන් දෙරටටම වාසි අත්වනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති සෙලෙන්ස්කි පැවැසුවේය.

Read More

මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත් වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය නිල…

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. මෙම ඝාතන සැළසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇතැයි වාර්තාවේ. දිලීප පීරීස් මහතාගේ නිවසට මෙන්ම ඔහු ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ. ආන්දෝලනාත්මක නඩු ගණනාවක පැමිණීල්ල නීතීපතිවරයා නියෝජනය කරමින් මෙහෙයවනු ලැබු නීතීපති දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨතම නීතීඥවරුන්ගෙන් කෙනෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ…

Read More

මාතර ,වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ත වී ඇතැයි පොලීසිය කියයි. වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී වෙඩිකකරු පළා ගොස් ඇතැයි කියයි. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි ද ,වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැද පොලීසිය පවසයි.

Read More