Author: LANKA24X7

ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ලී රුවල් යාත්‍රාවක් ඊයේ (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබුණි. ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කළ එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දැක තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇත්තේ, කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවින් බවය. ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ. එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට…

Read More

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවය. මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

Read More

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සම්පුර්ණ වසර සඳහාම අයවැය සකස් කර ඇති බැවින් වියදම් සිදුකළ යුත්තේ සැලසුම් සහගතව ප්‍රවේසමෙන් බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ දී ණය මුදල් නොලැබුණ හොත් සංචිතයක් තබාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. පළාත් පාලන මැතිවරණ පිළිබඳව නිශ්චිත ඇස්තමේන්තුවක් නොමැති අතර මේ මොහොතේ තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි…

Read More

ඩුබායි හි ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් සිරියාවේ රැකියා සඳහා හොර රහසේ පිටත් කර යවන කූඨ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු මහනුවර සාමදාන ආයතනය විසින් හෙළි කරගෙන තිබේ. එම ජාවාරමට හසුවී නැවත මෙරටට පැමිණි කාන්තාවන් පිරිසක් මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම රටවල දී තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළහ. ඒ අනුව මේ මිනිස් ජාවාරම්කරුවෝ දිවයින පුරා දුගී පවුල්වල කාන්තාවන් හා තරුණියන් හට ඩුබායි හි රැකියා ලබාදෙන මුවාවෙන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු සියලු ලියකියවිලි වංචනිකව සාදා සිරියාවට යවන බව අනාවරණය වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ කතුන් 100කට ආසන්න පිරිසක් සිරියාවේ දහදුක් විඳිමින් සිටින බවත් වෙනත් රටවල්වල කාන්තාවන්ද දහස්…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම මිලදී නොගැනීම තුළින් රජයට බරපතල අවාසියක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බලාගාරය මිලදී ගැනීම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවය. මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්‍රේල් 06 වන දින සිට වසර 10ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණි. අදාළ ගිවිසුම අවසන් වූ පසු 2016 මාර්තු 23 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනීම සඳහා…

Read More

කයිට්ස් ශාන්ත මේරි ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී පිළිස්සී මියගිය කාන්තා මළසිරුරු 02ක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 74 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. අදාළ කාන්තාවන් දෙදෙනා නිවසේ තනිව පදිංචිව සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් විවාහක තැනැත්තියක් වන අතර, ඇයගේ සැමියා සහ පුත්‍රයා ද මේ වනවිට මියගොස් ඇතැයි අනාවරණය වුණි. එම කාන්තාවන් පිළිස්සීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කයිට්ස් පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Read More

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26)දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබේ. අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය. ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස…

Read More

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය. බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More