Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවරගන්නා බවය. “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස් රථ නැවැත්වීම, මඟීන් බැස්සවීම, මඟීන් පැටවීම යන ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳව අවදානමක් මතුවෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා.. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මඟීන් පැටවීම හෝ මගීන්ට බැස යාම සඳහා බස් නැවැත්වීම සපුරා තහනම් වෙන අතර මේ මාර්ගයේ ගමන් කරන මඟීන් ප්‍රවානය කරන සියලුම බස් රථ මාර්තු…
ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ. පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය. මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ. 2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. මේ අතර 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට මෙහිදී යෝජනා වී ඇති අතර කථානායකවරයා ඊට සිය එකඟතාවය පළකර තිබේ. එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවත් , පවත්නා බරපතළ තත්ත්වයමහපාරට පැමිණ ඇති බවත් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන…
වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ බව දැනුම්දී ඇත. මේ අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු ස්ථානයක මෙම රෝහල් ස්ථාපිත කිරීමට නියමිතය. මීට අදාළව ද ජනාධිපති ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. මේ අතර මෙරට අක්ෂි සෞඛ්‍ය…
ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නීය. කොළඹ පැවැති ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද “ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක්: දකුණු ආසියාවට ඇති බලපෑම්” යන මැයෙන් වන කෘතියක් එළිදැක්වීම සිදුකෙරුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහිදි කලාපීය විශ්ලේෂකයින් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් ඉන්දු ශාන්තිකර ක්‍රමෝපාය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවිධාකාර දෘෂ්ටිකෝණවල අදහස් සහිත ලිපි එම ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.…
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (28) උදෑසන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. බොලීවියානු ජාතික 26 හැවිරිදි තරුණියක් වන ඇය සතුව තිබී රුපියල් කෝටි 23ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසීය. ඇය අද උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරියෙකු පැවසුවේ, මෙසේ රැගෙනවිත් ඇති කොකේන් ද්‍රාවණය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙන බවය. ඇය විසින් එක් ගමන් මල්ලක් පමණක් රැගෙනවිත් තිබූ අතර, ඒ තුළ ඇඳුම්, රෙදිපිළි තිබී ඇත. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය ද්‍රාවණයක් සේ සකස් කර…
මියගිය ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා වෙනුවෙන් සිදුකළ හැකි උපරිම දේ සිදුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජනබලවේගය පසුගිය ඉරිදා දිනයේ කැඳවා තිබූ ජන රැලියට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එහිදි මෙම අදහස් පළකළේය. එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ සටන් කිරීම ජනතාවගේ වරදක් ද ?. ජනතාවගේ ජන වරමක් නැති අනීතික පාලනයක් ඉස්සරහට ගෙනයනවානම් එය අනීතිකයි. ඒ පාලනයට යටත්වෙන්න ඕන නෑ කිසි කෙනෙක්. මේක ඝාතනයක් ඉතා පැහැදිළිව ඝාතනයක්.…
චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් ජූනි මස 5 සහ 6 යන දිනවල විභාගයට ගැනීමට අද (28) නියම කළේය. තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සමිත අනුරුද්ධ යන අයට හිමි මෝටර් රථයක් 2013 වසරේදී මිලදී ගැනීම සඳහා වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් චෙක් පතක් ලබාදෙමින් වංචා කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග ලබාදුන්නේය. විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තම සේවාදායිකාව සමථයකට සූදානම් බවත් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.…
පානදුර, පින්වත්ත ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සුඛෝපභෝගි වාහනයක් තුළ තිබී හමුව තිබේ. අද උදෑසන 8ට පමණ එම සිරුර හමුව ඇත්තේ, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් තුළ රියදුරු අසුනේ තිබිය දී බව පොලීසිය පවසයි. කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකරන්න ට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ. අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දැනට රේගුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ කරුණු අධ්‍යයනය කර, අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුව පත්කර තිබේ. එම කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ. *වරයා, නාවික හා…