Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සෙට්ටිකුලම පොලිස් වසමේ පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 9ක් වූ පිරිමි දරුවෙකි. එම දරුවා මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ ඇති ළිඳට වැටී තිබේ. පසුව මව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩට ගෙන රෝහල්ගත කර ඇති නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව අනාවරණය වී ඇත.
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවය. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයේ සඳහන් වේ. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන…
හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හයදෙනෙකු අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හයදෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ…
අද දිනයේ සිට් ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රු. 20,000 දක්වා ඉහළ දමා ඇත. මීට අමතරව ඉහළ දමා සේවා ගාස්තු පහතින් දැක්වේ.
බටපොල කොබෙයිතුඩුව පරිගණක යන්ත්‍රයක චාජර් එක පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි. බෙන්වල පාර ඉදිකැටිය පදිංචි ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවා බව ද පොලීසිය කියයි. එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගනකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පරිගනකය ඇතැයි පොලීසිය කියයි.
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා ඊයේ (16) පැවසීය. දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්රලියාව යන රටවල්වලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව කී ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ හෙවත් ‘සැප් ව්‍යාපෘතිය’ ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කළේය. කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්කය 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ…
කුවේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක්, කුවේට් ජාතික කාන්තාවක්, කුවේට් ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, සිරියානු සහ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවය. 2017 වසරෙන් පසුව එරට එක් දිනකදී සමූහ වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව මරණ දඩුවම නියමවී තිබූ අතර ඔවුන්ට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන විසින් ද අභියාචනා ඉදිරිපත් කර තිබුණි.
මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීමේ ක්ෂේත්රය දැඩි කඩාවැටීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් සමාගම් වෙත රජය විසින් රුපියල් බිලියන 195කට ආසන්න මුදලක් ගෙවීමට නොහැකිවී ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් ඉදිකිරීම් සමාගම් පෙන්වාදෙන්නේ හිඟ මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 2ක් පමණක් බවය. කෙසේවෙතත් ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරතවන සේවකයින් සිය කර්මාන්තය කඩාවැටීම නිසා තමන් අවසනාවන්ත තත්ත්වයකට පත්වී ඇති බවය.
යූරියා පොහොර පිළිබඳ ගැටලු හා ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ අද දින සිට වී වගාව සඳහා හෙක්ටයාර් එකකට ලබාදෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 157ම එක්වර ලබාදීමට තීරණය කර ඇති අතර සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් එම පොහොර ලබාගැනීමේ හැකියාව පවතින බවය. ඒ අනුව යූරියා පොහොර සැපයීමේ දී හා ගොවිජන සේවා මධ්‍යස්ථානවල එම කටයුතුවලට සම්බන්ධ නිලධාරින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හෝ සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් 0718 714 219 අංකය ඔස්සේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයාට ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටී.…
නයිජීරියාවේ නයිජර් ඩෙල්ටාවෙන් බොරතෙල් නීතිවිරෝධීව ලබාගැනීමට පැමිණි බවට “හෙරොයික් ඉදුන්” නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු 27 දෙනෙක් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ එම 27 දෙනා ලබන ජනවාරි මස 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ රඳවාතැබීමටය. එම සැකකරුවන් අතර සිටින ඉන්දීය සහ පෝලන්ත ජාතිකයින් ගැන සොයා බැලීමට අදාළ රටවල තානාපති අංශ වලින් අවසර ඉල්ලා ඇති බව නයිජීරියාවේ මාධ්‍ය වාර්තා කළේය.