Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය. සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය. අතවරයට ලක්වූ 18 හැවිරිදි තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන අදාළ තරුණිය සේවය නිමවා රාත්‍රියේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස ඇයව ලොරියට නංවාගෙන තිබේ. ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය…
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරිමේ චෝදනා මත අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට ඇති ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් එම කාර්යාංශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවය. තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැකකරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව විමර්ශන නිළධාරීන් මගහරිමින් සිටි සැකකරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළවීමත් සමඟ ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් විමර්ශන…
මෙරට වකුගඩු රෝගීන්ගේ බරපතල ඉහළ යාමක් නිරික්ෂණය වී ඇති බව වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසයි. ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා මෙම අදහස් පලකළේය. වෛද්‍යවරයා ප්‍රකාශ කළේ කෘෂිකාර්මික කලාප ආශ්‍රිතව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ කැපී පෙනන ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබෙන බවය.
පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දි ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සමග මුදල් තොගය සොයාගෙන ඇත. පොලිස් මුලස්ථානය පැවසුවේ එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (10) දිනට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මේ අතර එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවය. එසේම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය. කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබුණි. මෙම නඩු මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා…
භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ. එහි ලීටරයක නව මිල රුපියල් 305කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ. මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය. එහෙත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව පවසයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළකර තිබූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් ට්විටර් සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබුණි. අරමුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළකර තිබේ. අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා පමණක් මුදල් භාවිතා කරන ලෙස කැබිනට් මණ්ඩලය තමාට දැනුම්දී ඇති බව භාණ්ඩාගාරයේ ලේකම් අධිකරණයට ප්‍රකාශ කර තිබූ බවට එහි සඳහන් කර තිබුණි. අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති…
හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය. සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින්…
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරියක් මෙලෙස පහරකෑමට ලක්වී ඇති අතර පහරදුන් කොස්තාපල්වරයා ඇයගේ ඇයගේ ජංගම දුරකථනය ද පැහැර ගෙන ඇති බව වාර්තා විය. මෙම සිද්ධියෙන් පසු සැකකාර කොස්තාපල්වරයා වැඩ තහනමකට ද ලක්කර ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම කොස්තාල්වරයා ඉකුත් 25 වනදා රාත්‍රියේ රාජකාරියට වාර්තා කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කිසිවකුටත් නොදන්වා කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇත. එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියේ ආධුනික කොස්තාපල්වරිය සමග ඔහු බහින්බස්වී අනතුරුව ඇයට…