Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේදී නිකුත් කෙරුනු ඇති. පසුගිය අප්‍රේල් මස 29 වනදා සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් ලෙස උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා. මේ අතර අද සිට සතොස ආයතනය මගින් ආනයනික බිත්තර රුපියල් 35 ක මුදලකට මිලදී ගැනීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අනුව එහි මූලික අදියර ලෙස බස්නාහිර පළාත තුළ පවතින තම අලෙවිසැල් 144 ක් තුළින් මෙම මිලට බිත්තර ලබාගත හැකි බවයි ලංකා සතොස නිවේදනය කළේ.…
අම්පාර – දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.. දීඝවාපිය සිට එරගම දෙසට ධාවනය වූ යතුරු පැදිකරුට නවතින ලෙස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් මානික්කම්මඩුව පාලම අසලදී අණ කර ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇත. එවිට යතුරු පැදිය ලුහුබැඳ ගිය පොලීසිය අවස්ථා දෙකකදි ඔවුන්ට තවතින අණ කළත් තවදුරටත් පලායාමට උත්සාහ කළ විට තබන ලද වෙඩි පහරින් මෙසේ පසු අසුනේ ගමන් කල අයගේ දකුණු පාදයකට වෙඩි වැදී ඔහු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත. යතුරු පැදිකරු අත් අඩංගුවට…
මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියකි. දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි. අතුරුදන් දැරියගේ ඡායාරූපය ඉහතින් දක්වා ඇති අතර, ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි. මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630 මීගමුව පොලීසිය – 0312 222 227
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ පෙරේදා (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. මෙහිදී ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ පුපුරා ඇති බවත් එම පිපිරීමෙන් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොළඹ නගර සභාව අසළ එදින පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ නැවත රැගෙන ඒමේදී එසේ පුපුරා ගොස් ඇතැයි සැකකරන බවද, එම සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ ඊයේ (24) සිදු කරන ලද වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවකු පුපුරණ ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය අතර වෝටර් ජෙල් කූරු 23, ඇමෝනියා කිලෝ 08 ග්‍රෑම් 218, ඩෙටනේටර් කැප් 45, කළු වෙඩි බෙහෙත් කුඩු ග්‍රෑම් 444, සේවා නූල් අඩි 215ක් තිබුණ බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද (25) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ලබන 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට මේ සඳහා ආරාධනා කර තිබෙනවා.
කංසා මිලිග්‍රෑම් අසූපන්දහස් දහයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ ජේ.ඩී සදුන් නැමැති කොස්තාපල්වරයා අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමාව ඉල්ලා තිබෙනවා. පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහ මෙලෙස සමාව ඉල්ලා සිටියේ අදාළ කොස්තාපල්වරයාට එරෙහිව පැවති නඩුව මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. පොලිස්පතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහිදී විවෘත අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනීතිකව, පළිගැනීමේ චේතනාවෙන් , සැලසුම් සහගතව බවට විමර්ශනවලදී හෙළිවූ බවයි. මේ නිසා තම…
මෙරටට පැමිණෙන සංචාරකයින් ගණන මිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ නව සංචාරක උපාය මාර්ගයක් ඉදිරි මාස කිහිපය තුළ දියත් කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකදීයී. බොකියුස ඩ්ඕර් – 2023 තරගාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය අද කොළඹදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔබට මුදල් ඉපැයිය හැකියි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ, පසුගිය කාලයේ පැවතිපසුබෑමත් එක්ක සංචාරක කර්මාන්තයෙන් අපිට කොච්චර මුදලක් උපයගන්න පුළුවන්ද කියන එක. එය එන දෙසැම්බරයේ කොපමණ වෙයිද ලබන වසරේ කොපමණ වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. අපිට අවශ්‍යයි ඉදිරියට යන්න. ඒ සඳහා මිලියන දෙකහමාරක සංචාරකයින් අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අපේ ඉලක්කය සංචාරකයින්…
බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථාන වල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තීරණය කර තිබෙනවා. මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක පවසනවා. බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් ඇතිවීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද අමාත්‍යවරයා සඳහන්…
පානදුර ත්‍රිරෝද රථ ගාලක ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද ගාල් කිරිමට ඉඩ ලබාගැනීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙම පහර කෑමෙන් තුවල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව . කෙසේ වෙතත් අදාළ පුද්ගලයින් දෙදෙනා මිතුරන් බවද මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර මිය ගිය පුද්ගලයා අසනීපෙන් සිට ඇති බවයි වාර්තා වී ඇත්තේ. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන පානදුර කෙසෙල්වත්ත ගාලුපාරේ පදිංචිකරුවෙක්. පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ…
