Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වයස අවුරුදු එකහමාරක පමණ දැරියකට කෘෘර වධහිංසා සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන බකමූණ අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි මහේෂ් රොහාන් නමැති අයෙකි. සැකකරුව ඊයේ (10) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත. දැරියගේ ආරක්ෂාව සඳහා දැරියව ඇයගේ මිත්තනිය වෙත භාරදී ඇති බවද බකමූණ පොලීසිය පැවසීය.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් ඊයේ (10) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, එහි සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස්, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසකට එරෙහිව මෙම වාරණ නිකුත් කෙරුණි. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. පැමිණිලිකරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් තමන්ව…
විදුලිබල මණ්ඩලයේ සහ බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා ලේකම්වරයාට දැනුම්දී තිබේ. ඒ, වසර 03කට වරක් 25%කින් වැටුප් වැඩිවන, වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම් පිළිබඳව ඇති කරගෙන තිබූ සාමූහික ගිවිසුමෙනි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඒ බව සඳහන් කර තිබුණි.
දුම්රියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිඳෙකු සොයාගෙන ඇත. කොටුව දුම්රිය ස්ථානයේදී අද (10) රාත්‍රි 7.00ට පමණ බිළිඳාව හමුවී ඇති අතර කොළඹ – මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ සිටියදී බිළිඳාව සොයාගෙන ඇත. දුම්රිය ස්ථානයේ නිලධාරීන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බිළිඳාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (10) පැවැත්වු සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය. මේ හේතුවෙන් එළඹෙන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැය දෙකකට අධික කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා තිබුණි. ඉන් පසු පිටතට පැමිණ අදහස් දැක්වූ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ සමාජික මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා, “අද දින අපි අපේක්ෂා කළ අරමුණුවල ප්‍රතිඵලයක් අපට ලැබුණේ නෑ. මේ ටැක්ස් එක නොපමාව ප්‍රතිසංස්කරණය කළ යුතුයි. අපි බලාපොරොත්තු වුණ විසඳුමක් අපට ලැබුණේ නෑ.” මේ අතර සෞඛ්‍ය හා තැපැල් වෘත්තිය සමිති ද රජයේ නව…
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් අද දින (10) දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සටහන්වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් වී තිබුණා. ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්වුණා.
මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර තිබේ. විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත 2023 ජනවාරි මස 5 වැනිදා ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බවද පෙත්සම්කරු පවසයි. පසුගිය පෙබරවාරි මස 13…
රාගම ප්‍රදේශයේ කාන්තාවක් ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාගම පොලීසිය ඊයේ රාගම රෝහලට ඇතුළත් කර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. පොලීසිය පැවසුවේ 17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ මව මියගොස් ඇති අතර කුඩම්මා විසින් ඇයට මෙලෙස පහර දෙන බවය. අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ළමයා අද ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පහරදෙන කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බඳවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක්…