Author: LANKA24X7

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය. නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත. ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතු`ථ අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ. මෙලෙස විනාශ කරනු ලැබ තිබුණේ…

Read More

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල මෙම වසර අවසන් වන විට ගෙවා නිම කරනු ඇතැයි බංගලාදේශය බලාපොරොත්තු වන බවත් තවත් කොටසක් මෙම මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා ඇත.

Read More

ගම්පහ ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක ප්‍රධානියක් සහ ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියකු ප්‍රසිද්ධියේ අවමන් කරමින් බැන වැදුණැයි එම කාන්තාව නිලධාරීන් දෙදෙනාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. එම කාන්තාව ඇයගේ එකොළොස් හැවිරිදි දරුවා ද කැටිව ගම්පහ දුම්රිය ස්ථානයේ සිට අදාල දුම්රිය ස්ථානයෙන් බැස තිබේ. දොරටුවේ සිටි දුම්රිය ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියා ඇයගෙන් ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටි අවස්ථාව එය ලබාදීමට ප්‍රමාද වූ වූයේ යැයි චෝදනා කරමින් මගීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම අවමන් සහගත ලෙස ලෙස බැණ වැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මේ බව පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ ඔහු ද එවැනිම ආකාරයට ප්‍රසිද්ධියේ බැන වැදී යළි දුම්රිය ස්ථානයට නොපැමිණෙන ලෙසට ද තර්ජනය කළැය ඇය පොලිසියට…

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසට ය මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබේ.

Read More

කෝටි 20කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ලවූ අඹුසැමි යුවළක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48සහ43 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළකි. සැකකාර අඹුසැමි යුවළ විසින් මීගමුව කුරණ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතනයක් වෙත විශාල මුදලක් තැන්පත් කළ අයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකාර යුවළට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබේ. වසර 20ට අධික කාලයක් විදෙස්ගතව සිට මෙරට ව්‍යාපාරයන්හි නිරතවන අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකාර අඹුසැමි යුවළ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශනයන්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සමග සාකච්ඡාවක නිරත වී තිබේ. සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡා කිරීමට නියමිතය. දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Read More

මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බවය. ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. “අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා එක්කෙනෙක් කියනවා. කිව්වට පස්සේ තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ කියලා. ටික දවසකින් මාව හිරේ යවනවා ලු. මමත් අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරලා නෑ. එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදියට අපිට දේශපාලනය…

Read More

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමයින්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුළත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. (19) සිට මෙම නියම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙමඟින් ත්‍රිකුණාමලය වරායේ අසිරිය නැරඹීමට සහ නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම් සහනදායි මිලකට සලසා ගැනීමට අවස්ථාව උදාවනු ඇති.

Read More

මහවැලි H කලාපයේ ගොවීන්ට අවශ්‍ය ජලය බෝවතැන්න ජලාශයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බෝවවතැන්න ජලාශයෙන් තත්පරයට ඝණ අඩි දහසක් කලාවැවට මුදා හරින බවයි ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික නවරත්න කියා සිටියේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා (21) සිංගප්පූරුවට පිටත්ව යාමට නියමිතයි. එහිදී සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ්, අගමැති ලී සියෙන් ලූන්ග් ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරුන් හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. පැරිස් සම්මුතිය යටතේ ඇති කාබන් මධ්‍යස්ථතා ගිවිසුමද ඔහුගේ සංචාරයේදී අත්සන් කිරීමට නියමිතයි.

Read More