Author: LANKA24X7

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු කිහිපයකින් ළමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක අධික බෑවුම් සහිත ස්ථානයකදී පාපැදියකින් ගමන් කළ ළමයෙකු පාපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී අනතුරක් සිදුව ඇති බවය. අනතුරින් 10 හැවිරිදි කොට්ටගොඩ ගොඩඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා පිරිමි ළමයෙකු මියගොස් තිබේ. එමෙන්ම අම්බලන්ගොඩ රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි. ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා…

Read More

87 හැවිරිදි සිය මිත්තණියගේ මුහුණට මිරිස්කුඩු ගසා දෑත් බැද ඝාතනය කර ඇය සතුව තිබුණු රුපියල් 4340ක මුදලක් කොල්ලකෑ ඇගේ මුණුබුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි මිත්තණිය මෙම මුදල් පොලිතීන්ම කවරයක දමා සිය ඉනේ සඟවා ගෙන සිටියදී සැකකරු මෙලෙස එම මුදල් කොල්ලකා ඇති කොල්ල කා ඇති බව පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ පිටිගල තලගස්වල පදිංචි ජී. කමලාවතී (87) නැමැති කාන්තාවක් බව පොලිසිය පවසයි.

Read More

තමන් හෙට දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. නිසි ක්‍රමවේදය යටතේ තමන් කොමිසමට කැඳවීම සිදුකර නොමැති තත්ත්වයක් මත කොමිසම හමුවේ පෙනී නොසිටින බවයි නෙත් නිවුස් කළ විමසීකදී අමාත්‍යවරයා පැවසුවේ. පසුගිය දින කිහිපයේ කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබුණා. ඒ අනුව මෙම උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට දිනයේ කැඳවූ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම්…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනත් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද නියමිත අතර ඊට අදාළ අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට…

Read More

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි. ඇය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතුව පවතී. එහෙත් මෙතෙක් පළාත් පාලන මැතිවරණයට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බව වාර්තා වේ. මැතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වනදා මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.…

Read More

වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිද්ධියක් චීනයෙන් වාර්තා වී තිබේ. මෙය අනාවරණ වී තිබුණේ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම සහ හිස විශාලවීම හේතුවෙන් සිදුකළ පර්යේෂණයකින් පසුවය. නිරන්තර රුධිර සැපයීම හේතුවෙන් කළලය තුළ ජීවය පැවතිය ද එහි වර්ධනයක් සිදුවී නැත. වෛද්‍යවරුන් මෙය අර්ථ දක්වන්නේ කලලයක් තුළ තවත් කලලයක් තැන්පත් වන දුර්ලභ අවස්ථාවක් ලෙසය. මෙය පරපෝශිත නිවුන් තත්ත්වයක් ලෙස ද හැඳින්විය හැකි අතර ගැබ් ගැනීම ආරම්භයේ දී මෙය සිදුවන බව වර්තාවල සඳහන් වෙයි. මෙම තත්ත්වය හටගැනීමට හේතුව වන්නේ, ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනයෙන් පසු සෑදෙන සෛල නිසි ලෙස වෙන්වීමට අපොහොසත් වීමත් සමගය. ඒ සමග අනෙකුත් කලල මුල්…

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා මුද්‍රණාලයාධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවය. අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා (10) නිවේදනය කළේය. මේ අතර පළාත්…

Read More

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (11) උදෑසන හමුවී තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියක් බව පොලීසිය සඳහන් කරයි. එම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණි. මෙලෙස මියගිය තරුණිය 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියකි. පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවය. පෙරේදා රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බව පවසා පිටව ගොස් තිබේ. පසුව ඔහු අලුයම 2 ට පමණ නැවත නිවසට…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ල සිටී.

Read More