Author: LANKA24X7

භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ ‍(28) පිටකොටුව, 05වන හරස්වීදියේ විශේෂ මෙහෙයුමක් සිදුකළේය. එහිදී මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් රැසකට නඩු පවරා තිබේ. පිටකොටුවේ 05වන හරස්වීදියේ වෙළෙඳසැල්වල භාණ්ඩ මිල ප්‍රදර්ශනය කර නොමැති බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කළේය. එහිදී උපාය දූතයින් යොදාගනිමින් මිල දර්ශනය ප්‍රදර්ශනය නොකර ඇති වෙළඳසැල්වලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කර තිබුණි. එහිදී අනාවරණ වී තිබුණේ, ඔවුන් විවිධ අවස්ථාවලදී මිල ගණන් වෙනස් කරමින් භාණ්ඩ අලෙවිය සිදුකරන බවය. අනතුරුව එම වෙළෙඳසැල්වලට නඩු පවරනු ලැබූ අතර ඇතැම් වෙළෙඳසැල් සඳහා අවවාද කිරීම් හා දැනුවත් කිරීම සිදුකර තිබේ. එහිදී…

Read More

පොලිස් අත්අඩංගුවට පත්වූ තරිඳු උඩුවරගෙදර අද (29) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කර තිබේ. කම්කරු අරගල මධ්‍යස්ථානය හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඊයේ (28) පැවැත්වු විරෝධතාව අතරතුරදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගැනුණි. පසුව ඔහුගේ සුවදුක් විමසා බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ රාත්‍රියේ බොරැල්ල පොලීසියට පැමිණ සිටියේය.

Read More

දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ සංවේදී කතාව ජපාන ජනතාව කිසිදා අමතක නොකරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජපන් විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා, “මගේ ජීවිතයේ ප්‍රථම වතාවට සහ ජපාන විදේශ අමාත්‍යවරයා…

Read More

තම පියා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි. තුවාල ලබා ඇත්තේ, බොරළුවැව – රත්මල්ගස්වැව පදිංචි වයස අවුරුදු 10ක පිරිමි දරුවකු බව වාර්තා වී ඇත. ඊයේ (28) වනදා රාත්‍රී 8.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර, නිවසේ ඇතිවූ ගැටුමක් අතරතුර දරුවාට පිහි පහර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි. කෙසේවෙතත් සැකකාර පියාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.

Read More

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී සිදුවූ පුද්ගල ඝාතනයක් වාර්තා වී තිබේ. පහර කෑ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 64ක කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු සිය නිවස ආසන්නයේ වී මෝලක රැඳී සිට ඇති අතර, එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු පෞද්ගලික ආරවුලක් මත මරණකරුගේ හිසට උදැල්ලකින් පහර දී ඇති බව වාර්තා වෙයි. පසුව ප්‍රදේශවාසින් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවත් පසුව ඔහු මියගිය බවත් සඳහන්ය. පහරදීමට සම්බන්ධ සැකකරුවන්ගේ බවට අනාවරණය වූ ජංගම දුරකථන 02ක් අදාළ ස්ථානයේ තිබී පොලීසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා…

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පුනරුත්ථාපනය වැඩසටහනකින් තොරව නිදහස් කිරීම උචිත නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේශක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි. එවැන්නක් කළහොත් නැවතත් එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඔහුගේ අදහසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, ප්‍රහාරයෙන් සිව් වසරක් ගෙවී ගියද පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ නොකිරීම කනගාටුදායක බවය.

Read More

ක්ෂණිකව ගලවා ඉවත් කර වළ දමා තිබූ ගම්පහ – දාරලුවේ, කෲඩියා සෙලනිකා හෙවත් පඩුකරද ශාකය අද (28) ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ යළි රෝපනය කර තිබෙනවා. ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක හමුවේ එය යළි ගොඩ ගැනීමෙන් අනතුරුවයි. අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පසුගිය ජූලි 10 වනදා අදාල ශාකය ගලවා ඉවත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේ පළමුව එම ශාකය වල දමා තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගත් අතර අද ශාකය ගොඩගැනීමට නියෝග කෙරුණා. අදාල නඩුව අද යලි කැද වූ අවස්ථාවේ ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මාර්ග සංවර්ධන අධිකාරය වෙත නියෝග කලේ වළ දමා ඇති ශාකය ගොඩ ගෙන…

Read More

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතවයක් නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා. ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ උතුරේ දේශපාලන නායකයන්ගෙන් එම ජනතාවට සේවයක් සිදුව නොමැති බවයි.

Read More

වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් වකුගඩු දෙකම අහිමිව පීඩා විඳි වයස අවුරුදු තුනහමාරක දරුවකු අවසානයේ ජීවිතයෙන් ද වන්දි ගෙවූ පුවතක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලින් වාර්තා වුණා. මවුපියන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිය පුතුට දිවි අහිමි වූ බවයි. මෙම දරුවාගේ වම් වකුගඩුව උපතේදීම අක්‍රීය වී තිබූ බැවින් එය ඉවත් කිරීමේ සැත්කමේදී වෛද්‍යවරු දකුණු වකුගඩුව ද ඉවත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ. වයස අවුරුදු තුනහමාරක් වන පුංචි හම්දි ෆස්ලිම්ගේ හද කම්පා කරන පුවත වාර්තා වන්නේ මෙහෙමයි; කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි පුංචි හම්දි අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසරකට පමණ පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනවා. එහිදි ඔහුගේ වම් වකුගඩුව අක්‍රීය බව තහවුරු වීමත්…

Read More

ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙන බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පවසන්නේ. මෙරටට පැමිණි විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක නිරතවීමට නියමිත අතර ජනපතිවරයා මුණගැසී සාකච්ඡාවකද නිරතවීමට නියමිතයි.

Read More