Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එළඹෙන මැතිවරණයකදී නායකත්වය ලබාදීමට තමා සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට දේශපාලඥයින්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, “බලන්න ඔය ඉන්න 225 මොන වෘත්තියේ ද යෙදෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේදා මම දැක්කා මේ සැණකෙළියක් ක්‍රිකට් ගහනවා. මොකද එහෙම රටේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. මිනිස්සුන්ට බඩගිනි නැහැ. ඒවා ගැන වගේ වගක් නැහැ. ඒ අය දන්නේ නැහැ. ඔය කිසිම දේශපාලන පක්ෂයකට සදාචාරයක් නැහැ ඔබ හමුවට අප හමුවට ඇවිල්ලා ඡන්දය ඉල්ලන්න. එල්.ටී.ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, UNP, SLFP සහ…
පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ වැටී තිබුණි. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය සතියේ රත්‍රං මිලෙහි…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයට එක්වූයේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණ ඇතිවය. ක්‍රයිස්චර්ච්හීදි ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 355ක් සහ දෙවැනි ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කළේය. නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 373කි. ඒ අනුව, නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවුණි. ලකුණු 285ක…
අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් එම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි. විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු…
පොහොට්ටුව සෑම විටම ජීවිත බේරාගැනීමට කටයුතු කළ පක්ෂයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තම පාක්ෂිකයින්ට හිරිහැර කරපු පිරිසට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “ඉන්ධන ටික එනවා, ගෑස් ටික තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අද රටට එනවා. අපිට මේ මට්ටමෙන් තව මාස 6ක් කරගෙන ගියොත් අපිට පුළුවන්කම ලැබෙයි ශක්තිමත් රාජ්‍යයක් තුළ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න. ඒ සඳහා අපි කැපවෙලා ඉන්නවා. අපි දාලා ගියේ නැහැ. අද මාලිමාවේ අයට අපි කියනවා, මට මේක කියන්න එපා කියලා හැමෝම කිව්වා. හැබැයි මම මේක කියනවා.…
පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙල අද (13) ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වීමට නියමිතව තිබේ. ඊට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගි වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා මාර්තු 15 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය. පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් , ඉන්දු – පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි සමඟ ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත්…
විදුලි වෘත්තීය සමිති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී ඇති බව වාර්තා වේ. ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයන්ට දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර තිබේ. ඊට අදාළව අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය. ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ගවලදී වෘත්තීය සමිතිවල යෝජනා විමසීක් සිදුකරන ලෙස එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අමාත්‍යවරයාට ඉල්ලීමක් ද සිදුකර තිබේ.
කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබේ. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද ප්‍රධාන පාලක මැදිරිය පැවසීය. ඒ අනුව කොළඹ පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව වාර්තා වේ. මේ අතර පීලිපැනීමට ලක්වු යාල්දේවි දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන ඕනෑම පුද්ගලයෙකුගේ සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තෙකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නොඅඩු ද, අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නොඅඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දෙකටම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා. එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති…
සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂක හේතූන් මත අදාළ උපදෙස් ලබා දී ඇති බව ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සතියේ මෙක්සිකෝ දේශ සීමාව තරණය කළ අමෙරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි. අදාළ සිදුවීම් සැලකිල්ලට ගනිමින් සති අන්තයේ මෙක්සිකෝවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ටෙක්සාස් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.