Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Author: LANKA24X7
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ජපානය පවසයි. ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුන්චි මහතා පෙන්වා දෙන්නේ ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවය. ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56වන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් බැංකු පද්ධතියට ගැටලුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…
අද (07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මි 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර තිබේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවය. කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
තුබ්‍රිතාන්‍යයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්තානයේදී අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරුණා. ඒ ලෝක නායකයින් ඇතුලු ආරාධිත අමුත්තන් 2000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් . මෙම රාජාභිෂේක මංගල්‍යය නැරඹීම සඳහා ලොව පුරා මිලියන 500 ක් පමණ එක්ව සිටීමත් විශේෂත්වයක්. 1953 වසරේ පැවැති දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ දශක හතකට පසුවයි. මෙරට වේලාවෙන් අද පස්වරු 02.50 ට රාජාභිශේක මෞළි මංගල්‍යය ආරම්භ කෙරුණේ රාජකීය යුවළ බකින්හැම් මාළිගයෙන් ගමන් ආරම්භ කිරීමත් සමඟයි. තුන්වන චාල්ස් රජු හා කැමිලා කුමරිය ශාන්ත ජේම්ස් උද්‍යානය පිහිටි වයිට් හෝල් මාර්ගය ඔස්සේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ…
සිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම අද සිදු කෙරුණා. මීළග සිරිපා වන්දනා වාරය එළඹෙනතුරු චාරිත්‍රානුකූලව එම පූජා භාණ්ඩ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර, අවාරයේ සිරිපා කරුණා නොකරන ලෙසත් එසේ සිදුකරන්නේ නම් පරිසරය සහ පුදබිම ආරක්ෂා කර ගන්නා ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටවන බැවින් 2023 මැයි මස 08 වන සඳුදා පෙ.ව.10.00 සිට එදින රාත්‍රි 06.00 දක්වා පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණඩලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල ජල සැපයුම මැයි 8වන දින අත්හිටවන බවයි වාර්තා වන්නේ. මෙම ජල සැපයුම අත්හිටු වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර තිබෙනවා.
ජුලි මාසය වන විට විදුලිබිල සඳහා යම් සහනයක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.. එය තේ කර්මාන්තයට ද ශක්තියක් වනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ. කොටපොළ ඓතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක් වෙමින් ඔහු මේ අදහස් පැවසූ බවයි වාර්තා වන්නේ.
අවුකන පුරාණ රජමහා විහාරස්ථානයට මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් විහාර භුමිය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව අවුකන රජමහා විහාරාධිපති පුජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ප්‍රකාශ කළා. පසුගිය වසරේ සිට අවුකන විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිළධාරින් ඉවත් කිරිම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.
මතුරට – අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නාමින් සිටි කුඩා දරුවෙකු සහ දැරියක් අද (06) දියේ ගිලී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් දැරිය ගොඩට ගෙන රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. මිය ගිය දැරිය වයස අවුරුදු 13 ක් වන මතුරට තබරාව ප්‍රදේශයේ පදිංචිකාරියක්. අතුරුදන් වූ දරුවා එම ලිපිනයේම පදිංචි වයස අවුරුදු 12 ක දරුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය දැරිය තම ඥාති සහෝදරයකු වන පිරිමි දරුවා සහ අවුරුදු 21ක් පමණ වන ඔවුන්ගේ ඥාති සහෝදරියක් ද සමඟ පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනය නැරඹීමට ගොස් තිබෙනවා. ඉන් අනතුරුව දිය නෑම සඳහා මොරපාය විහාරය අසලින් ගලා…
වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සාමජිකයින් පිරිසක් ඊයේ එක්සත් ජාතික පක්ෂයට එක් වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ හිටපු සභාපතිවරයෙක් වූ කසුන් සුමතිපාල ද ඒ අතර සිටින බවයි අප ප්‍රාදේශීය වර්තාකරු සඳහන් කළේ. එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ අද සිදු කළ සංචාරයක දී එම පිරිස පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් මේ පක්ෂයට එකතුවන බවයි. එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාල ද මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙලට සියලු පාර්ශව එක්ව සහයෝගය දැක්විය යුතු බවයි වැඩසටහනට…